• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩ් තරුවල සුපිරි මිල

September 19, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

උතුරු ඉන්දියානු සිනමාවට කිසිම දිනක නිළි තරු හිඟයක් තිබුණේ නැත. සමහර විටෙක වසරක් පාසා පායන තරු ගණන මතක තියාගන්නටත් බැරි තරම් විය. එලෙසම, පායන ඇතැම් තරු උල්කාපාත සේ එසැණින්ම පොළොව මතට කඩාවැටිණි. තවත් සමහර තාරකාවෝ නිවී, නැවත දිලෙමින් සිනමා ගගන මත ඔහේ පාවිය. සාමාන්‍ය මට්ටමෙන් බැහැර වූ තවත් සුවිශේෂී තරු පිරිසක් මේ අතර විය. ඔවුන් දිනෙන් දින ජනප්‍රියත්වයේ හිණිපෙත්ත ස්පර්ශ කරමින් සුපිරි පෙළට වැටුණේ ඉන්දීය රුපියල් කෝටි ගණන්වලට සිත්සේ අලෙවි වෙමිණි.

බොහෝ විට ශ්‍රී ලාංකේය සිනමාවේ චිත්‍රපටයක් සඳහා වැය වන මුදල් ප්‍රමාණය, උතුරු ඉන්දීය සිනමාවේ නිළි තාරකාවකගේ රගපෑමේ ගාස්තුව පමණක්ම වේ. දැනට බොලිවුඩයේ වැඩිම මුදලට රඟන නිළි තාරකාව වන්නේ කන්ගනාය. ඈ එක් චිත්‍රපටයක් සඳහා ඉන්දීය මුදල් වටිනාකමට අනුව කෝටි 24ක් අය කරයි. කිසිම හේතුවක් නිසා හෝ කිසිවකු ඉදිරියේවත් එම වටිනාකම එක ඉන්දීය රුපියලකින් හෝ අඩු නොවන බව ඈ පවසන්නේ සුහද සිනාවකිනි. දීපිකා පදුකෝන්ද අභිභවමින් කන්ගනා මේ තරමට සිය අගය ඉහළ දැමුවේ සිය සරාගී රංගනය නිසා බව ඇතැමුන් කියයි.

දීපිකා පදුකෝන් සිය රංගන ප්‍රතිභාව කෝටි 21කට මුදාහරියි. සුපිරි තරු අතර වැඩිම මුදලක් අයකරන දෙවැනියා ඇයයි.
ජාත්‍යන්තරවද නිරූපණ ක්ෂේත්‍රය ජයගත් ප්‍රියංකා චොප්රා මේ ගින්දර ලැයිස්තුවේ තුන්වැනි තැන අසුන්ගෙන ඇත.
කරීනා කපූර් සිටින්නේ පෝලිමේ හතර වැනි තැනය. ඇගේ මිල ඉන්දීය රුපියල් කෝටි 17කි.
‘ආශිකී 2’හි සංවේදී රංග ශෛලියෙන් කෝටි ගණන් ඉන්දීය තරුණයන් වශී කළ ශ්‍රද්ධා කපූර් කෝටි 15කට තම රංගනය අලෙවි කොට තබයි.
ආලියා බාත්ගේ ගණන් හිලව් ශ්‍රද්ධාට වඩා අවම වන්නේ එක් කෝටියකින් පමණය. තමා වෙනුවෙන් කෝටි 14ක් නියම කිරීම ඉතාම සාධාරණ යැයි ආලියා නොබියව පවසයි.
දක්ෂ චරිතාංග නළු අනිල් කපූර්ගේ හැඩකාර දූ පොඞ්ඩගේ සිනාව තරමට ඇගේ මිල ගණන් සරල හෝ සොඳුරු නැත. අලංකාර නිරූපිකාවකද වන සෝනම් කපූර් කෝටි 10කට අලෙවි වන්නේ ලස්සන තරමටම ඈ දක්ෂ නිසාමය.
දකුණු ඉන්දීය කෙල්ලක ලෙස ‘ගුරු’ චිත්‍රපටයෙන් උතුරු ඉන්දීය සිනමාවට පය තැබූ විද්‍යා බාලන්ද චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 10ක ලන්සුවක් තබන්නේ තම ස්ථාවරත්වය තව තවත් ඉදිරියට ගෙන යමිනි.
දඩබ්බර අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ වශීකරණය බඳු වූ දඟ මල්ල අනුෂ්කා ෂර්මා එක් චිත්‍රපටයක් සඳහා රුපියල් කෝටි 8ක් අය කරන බව වාර්තා වේ.
නවක නිළි තාරකාවක ලෙස බොලිවුඞ් සිනමාව තරණය කරමින් සිටින පරිනීති චොප්රා ජාතික සම්මානයෙන් පුද ලද කාර්යබහුල රංගවේදිනියකි. චාම් පෙනුමකින් යුතු මේ සුන්දර තාරකාව මෑතක සිට වඩා කාර්යබහුල වී ඇති බවත්, ඈ බොහෝ සිනමා අධ්‍යක්ෂ-වරුන්ගේ ඉල්ලුම වී ඇති බවත් පැවැසේ. කෝටි 5යි දශම ගණනක සිටි ඈ හිටි අඩියේ තම වටිනා දායකත්වය කෝටි 7.05කට අලෙවි කරන්නට උත්සුකව ඇත.
බොලිවුඩයේ වඩාත්ම මිල කළ හැකි තරුවක ලෙස ගැනෙන සෝනක්ෂි සිංහා තම රංගනය සහ හැඟීම්බර නිරූපණ රටාව චිත්‍රපටයක් වෙනුවෙන් තිළිණ කිරීම සඳහා කෝටි 7ක් තම ගිණුමෙහි තැන්පත් කළ යුතු බව නිෂ්පාදකවරුන් හමුවේ ඉතා සුහදව පවසන බව කියැවේ.
ලෝක රූ රැජින වූ සුරූපී අයිශ්වර්යා දැන් වැඩිපුර සිය දවස තිළිණ කරන්නේ චිත්‍රපටවලට වඩා සිය පවුල වෙනුවෙනි. කෝටි 6ක මුදලක් ඈ සිය රංගනය හමුවේ ඉල්ලා සිටින්නීය.
වාණිජ රැල්ල හා වැඩි දස්කම් මවන තවත් අපූර්වතම සුන්දරියක වන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් රුපියල් කෝටි 5ක් චිත්‍රපටයක් සඳහා අයකරන්නීය.
කියාරා අද්වානි ගැන කතා නොකර කොහොමද? ඈ කීර්තියට පත්වූයේ ‘කබීර් සිං’ වෙතිනි. යෞවන යෞවනියන්ගේ ‘හද ගැහෙන රාවය’ ලෙස ප්‍රචලිත වෙමින් සිටින කියාරා රුපියල් කෝටි 2ක් තම රංගනය වෙනුවෙන් ඉල්ලා සිටින්නීය.
චරිතාංග නිරූපණයෙහි ඉතා දක්ෂ ලෙස සිය රංගනය විදහා දක්වන ටැප්සි පන්නුද කියාරාගේ මිල ගණනම වූ කෝටි 2.5ක ලන්සුවක් සිය හැකියාව වෙනුවෙන් බලාපොරොත්තු වේ.
නවක යොවුන් නිළි තරු අතර ක්‍රිති සනොන් යොවුන් තරුණ සිත් අතර වශීකරණයක් වූයේ කෙටි කලකිනි. කෙමෙන් කෙමෙන් තම චිත්‍රපට හවුස් ෆුල් වීම මත ක්‍රිති හිටි අඩියේම සිය ගණන් හිලව් වැඩි කරන්නට පෙලඹිණි. වත්මනෙහි ඇය අතට ගන්නා මුදල කෝටි 3කට එක සත පහක් හෝ අඩු නැත.
සියලුම නවක තරු අතර සියයට සියයක් සාර්ථක දීෂා පවානි කෝටි 4ක ඉල්ලුමකට යෑම එතරම් සාධාරණ නොවුවද එම ගණනට ඇයව තම නවතම චිත්‍රපටයට ගැනීමට නිෂ්පාදකවරු පෙළගැසී සිටිති.
විද්‍යුත් සහ ඉන්දීය මුද්‍රිත මාධ්‍යවල පළවූ අන්දමට උතුරු ඉන්දියානු සුපිරි තරු අතර සිය රංගනය වෙනුවෙන් දියත්කොට තිබෙන ගනුදෙනු රටාව එය වේ. වැඩිම මුදල ඉල්ලන අය දක්ෂකම හෝ ජනප්‍රියම තරුව යැයි අනුමාන කිරීම හරියටම හරිද නොදනිමු. ඇතැම්හු තම ජනප්‍රියකම ටක්කෙට තක්සේරු කරති.
ඇතැම්හු තම ගැම්ම පෙන්වීමට මිල ගණනට බින්දු එකතු කරති. ඒ අතර තවත් සුපිරි තාරකාවෝ හිත හොඳ බව හෝ සුහද බව නිසා සාධාරණ මිලකට අලෙවි වෙති. ඕනෑම කුණු ගොඩකට මැදිව රඟපා චිත්‍රපට පෝලිම දිගුකර ගන්නට කැමැති නිසා මිල ගණන් අඩු කරන යම් තාරකාවන් මේ අතර සිටින අවස්ථාද නැත්තේ නොවේ.
එනිසා ‘සුපිරි’ යන නාමය ගණන් හිලව් මත තීරණය කිරීම සමහර විටෙක නිවැරැදි නොවනු ඇත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පෙම්වතා පෙම්වතිය හමුවන තැන

Next Post

හදිසි කැබිනට්ටුව හවස 3.00ට

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.