අප ඊයේ (18) අනාවරණය කළ පරිදිම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම අද (19) සවස 3.00ට කැදවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
ඊයේ රාත්‍රියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පැවැති රහසිගත සාකච්ඡා කිහිපයකින් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.
ඒ අනුව ඊයේ රත්‍රියේදී ජනාධිපතිවරයා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැය එකහමාරක අතිශය රහසිගත සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේ පවත්වා ඇත.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා අද සවස 3.00ට මෙම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම කැදවීමට පියවර ගෙන ඇත.