• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

යක්‍ෂ ප්‍රේත බන්ධන ආශිර්වාද බලයෙන් සුව කරන ජයමාන්න පියතුමා හාස්කම් පෙන්නපු කුඩාගම පල්ලිය

January 31, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
යක්‍ෂ ප්‍රේත බන්ධන ආශිර්වාද බලයෙන් සුව කරන ජයමාන්න පියතුමා  හාස්කම් පෙන්නපු කුඩාගම පල්ලිය
Share on WhatsAppShare on Facebook

විවිධ කාලවකවානු අනුව ඇතැම් ස්ථාන, නගර, ගම්දනව් ප්‍රසිද්ධ වෙයි. කතාබහට ලක්වෙයි. එසේම එවන් ස්ථානයක් දැකබලා ගැනීමේ අදහසින් බොහෝමයක් පිරිස් එම ස්ථාන වෙත ගමන් කිරීමද සිදුවෙති. එවැනි ස්ථාන පිළිබඳව ඉතිහාසය පුරාම, විවිධ අත්දැකීම් ඇතත් ඒ අතර විශේෂිත වූ තැන් ඇත්තේ කිහිපයකි. එසේ නැතහොත් එවැනි තැන් ඇත්තේ අතළොස්සකි. ඒ අතරින්ද ජනතාව දීර්ඝ කාලයක් මුළුල්ලේ මතකයේ තබාගෙන සිටිනා ස්ථාන ඇත්නම් ඒ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. ඒ අනුව අමතක නොවන තැනක් ලෙස ‘කුඩාගම පල්ලිය’ සඳහන් කළ හැකිය.

එහෙමත් නැත්නම් කුඩාගම පල්ලිය – රඹුක්කන 1970 දශකයේ ලක්දිව පුරා රඹුක්කන ප්‍රකට වූයේ කුඩාගම පල්ලිය නිසාවෙනි. ඒ කුමක් නිසාද යන පැනය ඔබගේ සිත්සතන්වල ඇති වන බැව් නම් නොරහසක්.

යක්ෂ ආත්ම, බන්ධනවලින් වෙළාගත් මිනිසුන් සුවපත් කර ඔවුන්ට නැවත ජීවය ලබාදීම මෙන්ම එහි පැමිණෙන ජනයාට දේව ආශිර්වාද ලැබීම යන කරුණු කාරණා හේතු කොට ගෙන රඹුක්කන කුඩාගම දෙස්-විදෙස් පතළ විය.
පල්ලියේ විසූ කැමිලස් ජයමාන්න නම් දේවගැතිවරයෙක් සිදුකරන ලද දේව පූජාව මේ සඳහා ඉවහල් වූ බැවින්, ලක්දිව නන්දෙසින් දහස් සංඛ්‍යාත ජනකායක් රඹුක්කන කුඩාගම පල්ලිය අවට ඉඩම්වලට පැමිණියෝය.

ඇතමෙක් පල්ලිය අසල කූඩාරම් ගසාගෙන නතර විය. තවකෙකු අසල නෑදෑ නිවෙසෙක නතර වූයේ කෙසේ හෝ දවසේ පැවැත්වෙන දේව මෙහෙයක් සඳහා සහභාගි වී දේව ආශිර්වාදය ලබා ගැනීමටය.

යක්ෂ බන්ධනවලට ලක්ව සිහි විකල්ව පැමිණි ඇතමෙකු, කැමිලස් පියතුමාගේ දේව මෙහෙයෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ සුවපත් භාවයට පත්වූ නිසාවෙන් සැබැවින්ම මෙය නම් දේව හාස්කමක්ම විය.

එකල කොළඹ-කොටුව දුම්රිය ස්ථානයේ සිට දේව ආශිර්වාද ලබා ගැනීම සඳහා රඹුක්කන පෙදෙසට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවක් වෙනුවෙන් වෙනමම දුම්රියක් පවා ධාවනය කර තිබූ බැව් ඔබ අසා තිබුණාද? එය සත්‍යකි.

මෙහි දේව පූජාවකට සහභාගි වීමට පැමිණි යක්ෂ ආත්මයක් අරක්ගත් තරුණියක් කැමිලස් පියතුමාගේ දේව පූජාවට පැමිණි එක් තරුණයෙක් සමඟ ඇති කරගත් හාදකමක් හා ඒ හා සිදුවූ සත්‍ය සිදුවීම් සමුදායක් අලළා මෑතකදී ජයන්ත චන්ද්‍රසිරියන් ‘ඝරසරප’ නම් සිනමා කෘතියක් නිපදවීය.

මෙවැනි ඉතිහාසගත තොරතුරු සමුදායකින් හා හාස්කම් රැසකින් සමන්විත කුඩාගම පල්ලිය ඔබ එක් මොහොතකට හෝ දැකබලා ගතයුතුම ස්ථානයකැයි පැවැසුවහොත් එහි වරදක් නැත.

SendShareShare
Previous Post

අලියාන්ස් ලංකා – මෙගා පේ පුරෝගාමීත්වයෙන් තෙවන පාර්ශ්වීය මෝටර් රථ රක්ෂණ

Next Post

Redmi SonicBass Wireless earphones නැවතත් වෙළෙඳපොළේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.