• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වැඩිපුර හොඳ දෙන ගුරු ගැන ගුරුමුෂ්ටි

January 16, 2021
in Astrology
Reading Time: 1 min read
A A
වැඩිපුර හොඳ දෙන ගුරු ගැන ගුරුමුෂ්ටි
Share on WhatsAppShare on Facebook

ග්‍රහලොව විශාලතම ග්‍රහයා වන ගුරු උප ග්‍රහයන් 11කින් යුතු ග්‍රහයෙකි. බ්‍රහස්පති ග්‍රහයා පුරුෂ ග්‍රහයකු වූ බ්‍රහස්පති ග්‍රහ පවුලේ පුරෝගාමියා වන අතර, ‘සෞභාග්‍යාධිපති’ නම්ද වෙයි. සෞම්‍ය ගුණයෙන් යුතු උභය ග්‍රහයෙක් වන ගුරු පෘථිවියට තරමක් ඈතින් පිහිටයි. තාරකා ග්‍රහයකු ලෙස සැලකෙන ගුරු මන්ත්‍රී, සාම්පතී, සුරගුරු, අංගිර, අභි, ආචාර්ය, අංගීරස, අජ, සුර අප්රා, වද නිසුරු, අංගාරා, සූරමන්තු, වාචංගති, චන්ද්‍රාය, ඊජය, ප්‍රශාන්ත, ජීව, දේවගුරු, සූරපූජිතඃ, අමරෙජය, ඊඩපම්, නිදිවේෂ, සූරැජර, වේහූ, රෛවින්, පයාසයම්, බඹගුරු, සුරේජ්නි ආදී ලෙස පරියාය පද රැසකින් හඳුන්වනු ලබයි. සුබ ග්‍රහයකු වන මෙන්ම පුත්‍රකාරකයා ලෙසද හඳුන්වනු ගුරු ජන්ම පත්‍රයක 2 වැන්නට, 5 වැන්නට, 9 වැන්නට මෙන්ම 11 වැන්නටද කාරක වෙයි. ඒ සම්බන්ධව භාව කාරකයන් සම්බන්ධ ස්ලෝකයේ මෙසේ දැක්වෙයි.

‘සූර්යෝ ගුරුඃ කජ්‍රඃ සෝමෝ
ගුරුර් භෞමො භාගුඃ ශනි
ගුරුජ් චන්ද්‍ර සූතෝ ජීවෝ
මන්දාශ්ව භාව කාරකඃ’

උක්ත ස්ලෝකයට අනුව ඒ ඒ භාවවලට කාරක ග්‍රහයන් භාව අනුපිළිවෙළින් කියැවෙයි. ලග්නයට දිග්බල වන ගුරු ජන්ම පත්‍රයක ආයු ස්ථානයක් වන 3 වැන්නට අසුබය.

සාමාන්‍යයෙන් බ්‍රහස්පති ග්‍රහයා ඕනෑම ජන්මියකුගේ අධ්‍යාත්මකත්වය මෙන්ම යුක්තිගරුක බව මොනවට විදහාපාන අතර අධ්‍යාපනයට, නීතියට, දර්ශනයට මෙන්ම වෙළෙඳ ව්‍යාපාර ආදියටද මූලික වෙයි. එසේම ගුරු ශරීරයේ මේදය සම්බන්ධවද, දරු මුණුපුරන් හා සීයා සම්බන්ධවද, පුද්ගල කීර්තිය සම්බන්ධවද, ආශ්‍රයට ලැබෙන උගතුන්, ප්‍රභූන් සම්බන්ධවද අධිපති වෙයි. යම් ආකාරයකින් ගුරු දුර්වල ජන්ම පත්‍ර හිමියන් බොහෝ විට පිත් ආබාධ, දියවැඩියාව, අධික ස්ථූලතාව, උණ, සෙංගමාලය, අක්‍ෂි රෝග හා ලිංගාශ්‍රිත රෝගවලින් පීඩා විඳී.

සතියේ දින 7 අතුරින් බ්‍රහස්පතින්දාට අධිපතීත්වය දරන ගුරු ග්‍රහයා ගුරු හෝරාවටත් ගුරු පංචව හා සූක්‍ෂ්ම හෝරා ආදියටත් අධිපතීත්වය දරයි. ලග්නයට දිග්බල වන ගුරු ජන්ම පත්‍රයක ලග්නගත වීම තුළද තත්කාල කේන්දරයක ලග්නගත වීම තුළද, කෝටියක් දෝෂ භංග වෙයි. ගුරු කටක රාශියේ 50 දී, පරම උච්ච වන අතර, මකර රාශියේ 50දී, පරම නීච වෙයි. තවද ගුරු, ධනු හා මීන යන උභයරාශි දෙකට ස්වක්‍ෂේත්‍ර වෙයි. එසේම ගුරු තමා සිටින තැනින් දෘෂ්ටිමය වශයෙන් 5 වැන්න, 7 වැන්න, 9 වැන්න දකී.

තවද අට දිශාව අතරින් මරු නැති එකම දිශාව වන ඊසාන දිශාව ගුරුට අයිතිය. කෙසේ වෙතත් යම් ජන්මියකුගේ ගුරු ග්‍රහයා ප්‍රබල වූ කල එකී ප්‍රබලත්වය යම් පමණ වැඩි කරුණු සඳහා 450ක වර්තන අංකයක් ලැබෙන සේ කපන ලද කැරට් දෙකකට වැඩි පලුදු නැති පුෂ්පරාග මැණිකක් රත්‍රං මුදුවකට අල්ලා ශරීරයේ ස්පර්ෂ වන සේ පැලැඳීම සිදුකරයි. එහෙත් මෙම ක්‍රමවේදය ගුරු කුල අනුව ඇතැම් විට වෙනස් වෙයි. ඒ දුබලයා තවත් දුබල කරනු වස් දුබලයාගේ සතුරු ග්‍රහයන් බලවත් කිරීම ආදී ලෙසය.

ජීව ග්‍රහයකු වන ගුරු, විෂ්ණු ස්ථාන වන කේන්ද්‍ර ස්ථාන තුළ උච්ච, ස්වක්‍ෂේත්‍ර වන කල ගුරු හංස නමැති පංච මහා පුරුෂ යෝගය උදාවෙයි. මෙම යෝගය සුබ ධන යෝගයක් වන අතර, මෙහි ඵල උපරිමව ලැබීමට නම එම ගුරු වක්‍ර නොවී රවිට 110ට වඩා ළංව අස්ථ නොවී ග්‍රහ යුද්ධ ආදියෙන් නොපැරැදී පංච මහා පුරුෂ යෝග භංග වන ග්‍රහ පිහිටීම් වන ශනි ගුරු සංයෝගය, ශනි විසින් ගුරු දැකීම, ගුරු කේතු සංයෝගය හා මෙකී ගුරු තවත් ග්‍රහයකු හා සංයෝග වීම ආදී කරුණුවලින්ද එසේම ගුරු නිදනාම්ශ ගතවීම් අෂ්ඨමාංශගත වීම් මෙන්ම ඛර නවාංශකාධිපති මෙන්ම ඛර දෙර්කණාධිපති හෙවත් 22 වැනි දෙර්කාණාධිපති වීමෙන්ද 64 නවාංශකාධිපති සේම බාධක ග්‍රහයා වීමෙන්ද ආදී මෙකී නොකී කරුණුවලින් තොරව අසුබ පාපී දෘෂ්ටි සංයෝග ආදියෙන් තොරව නිර්මාලව බලවත්ව සිටිය යුතුය. ගුරු ජිද්‍ර ග්‍රහයකු නොවිය යුතුය.

ගුරු ග්‍රහයා රවි චන්ද්‍ර හා සිකුරු යන ග්‍රහයන්ට වඩා අඩු නෛසර්ගික බලයකින් යුතු අතර, ශනි, කුජ හා බුධ යන ග්‍රහයන්ට වඩා වැඩි නෛසර්ගික බලයකින් යුතුය. එසේම රවි, චන්ද්‍ර, කුජ, නැප්චුන්, ප්ලූටෝ හා කේතුට නෛසර්ගිකව මිතුරු වන ගුරු, ශනි, යුරේනස් හා රාහුට නෛසර්ගිකව සම වන අතර, බුධ හා සිකුරුට නෛසර්ගිකව සතුරු වෙයි. එහිදී සිකුරුගේ නෛසර්ගික සතුරු බව ‘ගුරු ශුක්‍ර සදා වෛරං’ යන කියමනෙන් තව තවත් මනාව තහවුරු වෙයි. කෙසේ වෙතත් ජන්මාත්‍රයක ගුරු අනියම් පෝෂක ග්‍රහයා වනවාට වඩා පෝෂක ග්‍රහයා වීමද, විම්ශෝපාක බලය තුළින් ගුරු ග්‍රහයා ඉහළ ප්‍රතිශතයක් හිමි කර ගැනීමද ඉහළ සුබ ඵල උදාකරන කරුණුය. තවද මෙම ගුරු කර්ම පාලක ග්‍රහයකු වීමද, ජන්මියාට සුබඵල දායකය. එසේම ගුරු සෙසු ග්‍රහයන්ට තත්කාලීනව මිතුරු වීමද, ජන්මියාට බෙහෙවින් වාසිසහගතය. එපමණක් නොව ගුරු චින්තාංශක ග්‍රහයා වීමද ඉතා වටී.

ග්‍රහ ගෝචරය අතින් බලන කල ගුරු වසරක් රාශියක ගතකරයි. ඒ එක් සූර්ය දිනයකදී ගුරු කලා 5ක් පමණ ඉතා සුළු දුරක් ගමන් කරන බැවිනි. විංශෝත්තරී දශා කෝෂය සලකන කල ගුරු ග්‍රහයාට හිමි කාල සීමාව වසර 16කි. ගුරුගේ යෝගකාරකත්වය සලකන කල මේෂයට ගුරු යෝග කාරකවන අතර, කටකයට හා වෘශ්චිකයට අර්ධ යෝග කාරක තත්ත්වයක් උසුලයි.
තවද ගෝචරයේදි උත්පත්ති කේන්දරයේ චන්ද්‍රයා කෙරෙන් 1, 4, 10 ස්ථානයක ගුරු ගෝචරය වීම කර්ම ගුරු අපලය ජන්මියාට උදා කිරීමකි. මෙය එක්තරා ආකාරයක ඒරාෂ්ටක අපලයකි. වසරක කාලයක් පවතින මෙම අපලය මඟහරිනු වස් හෝ දැඩි බව සමහන් කරනු වස් කළයුතු වත්පිළිවෙත් කිහිපයකි. ඒ මෙසේය.
* ගුරුට හිමි වෘක්‍ෂය වන බෝ ගසට පූජා පැවැත්වීම සහ සෙවණේ සිටීම.
* ගුරුගේ වර්ණය වන කහ පැහැ මල් පූජාව.
* කහ පැහැ වස්ත්‍ර දන්දීම.

සාමාන්‍යයෙන් ගුරු ග්‍රහයා යම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ ඛර දෙර්කාණාධිපති හෙවත් 22 වැනි දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපති, ඛර නවාංශකාධිපති වන කල ගුරුට හිමි මහ දශා, අන්තර් දශාවල මාරක අපලකාරී තත්ත්ව ඇතිවිය හැකි බැවින් ඉහත සඳහන් ගුරුට අදාළ වත්පිළිවෙත් භක්තියෙන් සිදුකර අපලයේ දැඩි බව සමහන්කර ගැනීම ඥානාන්විතය. එසේම ගුරු බාධක ග්‍රහයා වන කල එම බාධක තත්ත්වය සටහන් කරනුවස්ද උක්ත වත්පිළිවෙත් මහෝපකාරීය. එපමණක් නොව පුනාවස, විසා හා පුවපුටුප, ගුරුට හිමි නැකැත් වන අතර, ගුරු ග්‍රහයා අවට 60ක ප්‍රමාණයක රශ්මිය පවතී. ගුරුට මිනිස් සිරුරේ උකුල ප්‍රදේශය අයත් වෙයි. ශබ්විද බලය අතින් කාල බලය සැලකූ කල ගුරු දිවා කාලයට මෙන්ම පුර පක්‍ෂයට කාල බලය අතින් බලවත්ය.

තවද තාරා ග්‍රහයකු වන ගුරු වෙනස් වන වෘද්ධ ග්‍රහයෙකි. එම ගුරු මිථුන, කන්‍යා යන උභය රාශි ද්විත්වයට බාධක ග්‍රහයා වන අතර, ගුරු ආත්මකාරක ග්‍රහයා වීමද සුබය. එසේම පාලන හා ඉෂ්ට දේවතාවන් දේවතාවියන් සෙවීමේදී ගුරුට බ්‍රහ්ම හා සරස්වතී දේවිය හිමිය. එපමණක් නොව යමෙකුගේ බුද්ධි මට්ටම පෙන්වන පාක ලග්නය හෙවත් ලග්නාධිපතියා සිටින රාශියට කාරකයාද ගුරුම වෙයි.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

වේදිකාවට වසන්තය ගෙනා පළිඟු මැණිකේ

Next Post

ගම්පහ බැංකුවක් කඩයි: කෝටි 4ක රන් බඩු-සල්ලි කොල්ල කයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.