ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 40කට අධික මුදලක් කොල්ලකා ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
පොලිසිය සදහන් කරන්නේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියක පැමිණි දෙදෙනෙක් මෙම කොල්ලය සිදු කොට ඇති බවකි.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කොට ඇත.
ඒ සදහා කණ්ඩායම් 5ක් යොදවා ඇති බවද පැවසේ.










