• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වේදිකාවට වසන්තය ගෙනා පළිඟු මැණිකේ

January 16, 2021
in Heart
Reading Time: 2 mins read
A A
වේදිකාවට වසන්තය ගෙනා පළිඟු මැණිකේ
Share on WhatsAppShare on Facebook

⬤ අපි රඟපෑවේ පුටු 15 – 20 පිරුණු ප්‍රේක්ෂකාගාරයක නෙමෙයි…

⬤ සමහර මාසවල නාට්‍යවලට දෙන්න දින නැහැ…

මැණිකේ අත්තනායක නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය ගැන හඳුන්වා දීමට අලුත් යමක් ලියන්නට වුවමනා නැත. එහෙත්, මැණිකේ කළ සොඳුරු රංගනයන් ගැන මතකය ඈ ගැන කරන කතාබහට හොඳ ආරම්භයක් බැවින් මේ කෙටි සටහන ඊට පෙරාතුව ඔබ හමුවේ තබන්නෙමු. කලකට ඉහත ‘කාලගෝල’හි හැඩකාර දික්තලා ලෙසත්, ‘කැලණි පාලමෙහි’ කටකාර කීර කොටුවේ පියවතී ලෙසත් මැණිකේ කළ රංගනයන් මනරම් විය. ටෙලි කලාව තුළ මැණිකේ විරාජමාන වූයේ පට් පට් ගා සම්තින් සෙවූ සූරසේනගේ පෙමට හසුවන ‘පළිඟු මැණිකේ’හි ‘පළිඟු’ ලෙසින්ය. නෝනේ මගේ සුදු නෝනේ ලෙස ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා සමඟ ඈ කළ කෝමල රංගනයට එළිමහන් සංගීත වේදිකාව ඒකාලෝක විය. ඉතින් දැනට ඔය ටික හොඳටම ඇතිය. තව කතා අවැසි නැත. ඒ නිසා පාරට්ටුවට තිත තබා අප මැණිකේ අත්තනායක සමඟ සුහද දොඩමළුව මෙලෙස ආරම්භ කරමු.

🔴 ඉතින් මැණිකේ කොහොමද මේ දිනවල ඔබේ තොරතුරු?
මේ දවස්වල නම් කොරෝනා කරදරය නිසා බොහෝ දේ අතරමංව තිබෙන නිසා නිහඬව සිටින පිරිස අතර මමත් එක්කෙනෙක්. හැබැයි ඉතින් මාධ්‍ය ආයතනවල ස්ටූඩියෝවල කෙරෙන ඉන්ටර්විව් සහ එන්ටර්ටේන්වලට නම් ආරාධනා ලැබෙනවා. බොහොම සතුටින් තමයි ඒවාට සහභාගි වෙන්නේ.
🔴 ඔබව සොයාගෙන එන්නට හිතුවේ වේදිකා නාට්‍ය කලාවේ වසන්තමය යුගය ගැන ටිකක් කතා කරන්නයි?
ටිකක් නෙමෙයි ඒ ගැන බොහෝදේ කතා කරන්නට පුළුවනි. ඔයාලා ආවේ නියම තැනටයි. ඔන්න අහගන්න අද කාලේ කට්ටියට ඕවා මතකයිද කියන්නට දන්නේ නැහැ. ඒත් අනේ අපට නම් ඒ මතකය හැමදාමත් හිතේ තියෙනවා. වේදිකාවට වසන්තය අරන් ආව කලාකාරියන් අතර මමද එක්කෙනකු වීම මට ආඩම්බරයක්. ඒ දවස්වල අපි රඟපෑවේ පුටු 15ක් 20ක් පිරුණු ප්‍රේක්ෂකාගාරයක නෙමෙයි. හිස් පුටුවලට ඇහෙන්න පේන්න නාට්‍ය කරපු කලාවක් එදා තිබුණේ නැහැ. ටිකට් අරගත්ත සමහර ප්‍රේක්ෂකයෝ පුටු නැතිව හිටගෙන නාට්‍ය බලපු කාලයක් තමයි එදා තිබුණේ. එක සීන් එකක් ඉවර කරලා අනෙක් සීන් එකට යන්න ප්‍රේක්ෂකයෝ හිනාවෙලා අත්පුඩි ගහලා ඉවර වෙනතුරු වේදිකාවේ ඉන්න අපි එදා විනාඩි ගණනාවක් නිහඬව බලන් හිටියා. ශාලාව දෝංකාර කරන ඒ හඬ තමයි අපිව රංගනය සඳහා කුල්මත් කෙරෙව්වේ. නගරයේ විතරක්ම නෙමෙයි නාට්‍ය කණ්ඩායම් එක්ක ගම් නියම්ගම් බලා ගිය තැන්වලටද ඒ ප්‍රතිචාරය එහෙමමයි. සමහර මාසවලට නාට්‍ය සඳහා දෙන්න දින නැහැ. අප ඒ තරම් කාර්යබහුලයි. අපි විතරක් නෙමෙයි. හැම රඟහලකම හැමදාමත් ‘බුකිං’ ඔබ කීවා වගේම එය වසන්තයක්ම තමයි.
🔴 ඒ වසන්තය තුළ ඔබ වඩා ඇලුම් කරන්නේ ‘කාලගෝල’ හි ‘දික්තලාටද?’ ‘කැලණි පාලමෙහි’, ‘කීරකොටුවේ පියවතීටද?’
වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. ඒ දෙන්නාටම මම ඉතාම ළෙන්ගතුයි. දන්නවද ඒ ඇයි කියලා. දික්තලාගේ සුලලිත නැලවිල්ලට ලස්සන කටහඬට වාගේම කීර කොටුවේ කටකාර පියවතීටත් ප්‍රේක්ෂකයෝ දුන්න ‘ඇංකෝර් එක’ එක සමානයි. ඒ ගැම්මේ වෙනසක් තිබුණේ නැහැ.
🔴 පට් පට් ගාලා සම්තිං හොයාපු සූරසේනගේ පෙම්වතිය ලෙසද ඔබ ඒ ප්‍රේක්ෂක ගැම්මට මැදිවුණා?
මේ මොනවා කියනවද? ඒක ධම්ම ජාගොඩගේ හාස්කමක්. අටුවා ටීකා වශයෙන් කියනවා නම් ‘පළිඟු මැණිකේ’ කතාව ‘මැණික් හාමි’ කියන නාමයෙන් පළමුව කිහිපදෙනෙක් අතර එහා මෙහා ගිය නිර්මාණයක් වුණා. අවසානයේ ඒ කරකැවිල්ල නතර වුණේ ධම්ම ජාගොඩ ළඟයි. ඔහු එය තිරපිටපතක් ලෙස සකස් කරන්නට පටන් අරගෙන තියෙන්නේ මැණිකේ අත්තනායකව ඔළුවේ තියාගෙනයි. ‘මැණික් හාමි’ කියන නම වෙනස් කරලා ‘පිළිඟු මැණිකේ’ නමින් එය ටෙලියක් විදියට හදන්නට අවශ්‍ය අඩුවැඩිය සූදානම් කරලා ඔහු මට කතා කරලා කිව්වා.‘මැණිකේ පළිඟු මැණිකෙ කියලා කතාවක් ටීවී එකට කරන්නයි ලෑස්තිය. ඔයාව තමයි මම පළිඟු මැණිකෙට තෝරා ගත්තේ කියලා.
🔴 ඉතින් මැණිකේ ඔබ එක පයින් කැමැති වුණාද?
නැතුව දෙයියනේ. ධම්ම ජාගොඩ කියන්නේ වෙදිකාව තුළ මැණිකේ අත්තනායකගේ නොසැලෙන ප්‍රතිරූපය ඉදිකරපු නිර්මාතෘවරයා. ඉතින් කොහොමද ඒ උත්තමයගේ වචනෙට පිටුපාන්නේ. අනික ඔහු මැණික් හාමිව වෙනස් කරලා එය ‘පළිඟු මැණිකේ’ නාමයට වෙනස් කළේ මාව හිතේ තියාගෙනනේ. මට අද වගේ මතකයි ධම්ම ජාගොඩගේ ‘රංග ශිල්ප ශාලිකා’ වැඩමුළුවේ මම පුහුණුව ලබන දවස්වල ඔහු මට කිව්වා මැණිකේ මම ඔයාව කවදා හරි ලංකාවට නැතුවම බැරි නිළියක් කරනවාය කියලා. මට හිතෙන්නේ ඔහු මා තුළ එදා යමක් දැක්කා. ඒ නිසයි එහෙම කිව්වේ. අදටත් මම ධම්ම ජාගොඩ කියන ඒ අද්විතීය නිර්මාණකරුවාට අතිශයින්ම ගරු කරනවා.
🔴 ඒ ගරු කිරීම තුළද ‘පළිඟු මැණිකෙට’ ඔහු පැනවූ මේක්අප් තහංචියට මැණිකෙ හිස නැමුවේ?
ඇත්තටම ඔව්. ටෙලිනාට්‍යවල නළු නිළියන්ට කරන සීමාවක් නැති මේක්අප් එකට ධම්ම ජාගොඩ කවදත් අකමැති වුණා. විශේෂයෙන් පළිඟු මැණිකෙට පියරු ටිකක්වත් දාන්න බැහැ කියන තහනම ධම්ම දැම්මේ ඔහු මවාගෙන තිබූ ප්‍රතිරූපයට හානියක් වන නිසයි.
🔴 ඇත්තටම ඔබ පළිඟු මැණිකෙට මේක්අප් කළේ නැද්ද මැණිකේ?
සත්තකින්ම පියරු ටිකක්වත් දැම්මෙ නැහැ. ඇත්තටම හරිම සරලව මම පළිඟු මැණිකෙව ධම්ම කී අයුරින්ම තිරයට අරන් ආවා.
‘නෝනේ මගෙ සුදු නෝනේ’ රංගනය තුළින් ඔබ ප්‍රසංග වේදිකා කලාව තුළ විරාජමාන වූවා?
සත්තකින්ම ඔව්. කාටවත්ම ආයේ බැරිවුණ සුනිල් පෙරේරා සමඟ ඒ රංගනය එච්චර ලස්සනට කරන්න පාරට්ටු කරනවා කියලා හිතන්න එපා. නිහතමානී සතුටකින් මේ කියන්නේ. සුනිල් පෙරේරාම මට කිව්වා ඒ තරම් ලස්සනට සුදුනෝනා වෙන්න කාටවත්ම බැර වුණා මැණිකේ. පුළුවන් නම් ආයෙම වරෙන්කෝ සුදු නෝනට නටන්න කියලා. ටීවී එකේ එන්ටර්ටේනින්ග් එකකට ගියාමත් සුදු නෝනාගේ සින්දුවට නටලා පෙන්නන්න කියලා එන ඉල්ලීම් බොහොමයි.
🔴 පවතින හෝ මතක හිටින යමක් ඔබ කළ නිසා නේද කලාශූරී සමමානය ඔබට හිමිවුණේ?
කියන්නට ආඩම්බරයි 1987 රණසිංහ ප්‍රේමදාස මහත්තයා අතින් මම කලාශූරී සම්මානය ලබාගත්තේ මට වඩා වයස අය එයට උරුමකම් නොකී අවධියකයි. සමහර විටෙක හරිම අවංකව ඔවුන්ම මට කියනවා අපටවත් නොලැබුණු කලාශූරී සමමානය ඔයාට ලැබුණේ ඔබ කළ රංගනයේ ප්‍රතිභාවටයි මැණිකේ කියලා.
🔴 කලාශූරී නාමය මැණිකේ අත්තනායක කියන නමට ඉස්සරහින් ඔබ භාවිතයට නොගන්නේ ඇයි මැණිකේ?
හැමෝම මගෙන් එය අහනවා. ඒත් අනේ මන්දා. කලාශූරී මැණිකේ අත්තනායක කියන නාමය මට තවමත් හුරුවුණේ නැහැ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වයස 19දි ලංකාවෙ සුපර්ස්ටාර් වෙන කවුද මේ හිරිමල් කොල්ලා

Next Post

වැඩිපුර හොඳ දෙන ගුරු ගැන ගුරුමුෂ්ටි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.