• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිංහල සිනමාවේ සූකිරි කෙල්ල

September 16, 2019
in Heart
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සුමනා අමරසිංහ නම් ලස්සන යොවුන් කෙල්ල සිනමාවට පිවිසියේ 1967 දීය. ඒ “පිපෙන කුමුදු” තුළිනි. කෙටි කාලයක් තුළ චිත්‍රපට පෙළක රඟපෑමේ වාසනාව උදා කරගත් ඇගේ සිනමා ජීවිතයට වසන්තය උදා වූයේ “සූකිරි කෙල්ල” සිනමා පටයෙනි. “සූකිරි කෙල්ල” යන මිහිරිමය වූ අන්වර්ථ නාමය ඇයට පටබැඳුණේද ඒ ජනප්‍රියත්වය හරහාමය. සිනමා වසන්තයක් තුළ කිමිදෙමින් විවිධ වූ චරිත නිරූපණයන් තුළින් ප්‍රේක්‍ෂක සිත් කුල්මත් කළ ඒ හැඩකාර “සූකිරි කෙල්ල” සොයා “මව්රට” ගිය කෙටි ගමනක සොඳුරු තොරතුරු මෙසේ සටහන් කරන්නෙමු.
සිනමාවේ රසාලිප්ත මතක සටහන් තැබූ “සූකිරි කෙල්ල” ඔබයි?
ඔව්. “සූකිරි කෙල්ල” කියන්නේ සුමනා අමරසිංහ කියන නිළියට ඉහළ ප්‍රතිචාරයක් දුන් ලස්සන චිත්‍රපටයක්.
ඉතාම ළාබාල යෞවනියක ලෙසයි ඔබ සිනමාවට පය තැබුවේ?
ඉස්කෝලේ යන කාලේ තමයි රඟපාන්නට අවස්ථාව උදාවුණේ. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ රූබි ද මෙල් මහත්මියගේ “පිපෙන කුමුදු” තුළින්.
“පිපෙන කුමුදු”හි රඟපාන්නට ආරාධනා ලැබුණේ ඔබ ලස්සන කෙල්ලක නිසාද?
ඒක ටිකක් ලොකු විස්තරයක්. මම කෙටියෙන් කියන්නම්. එක්දහස් නවසිය හැට ගණන්වල ලේක්හවුස් ආයතනය මුලින් ලස්සන මුහුණු තරගයක් පැවැත්වුවා. එතැනදී පළමුවැනි තැන ලැබුණේ මටයි. ඒ ආසන්නයේදීම මම අවුරුදු කුමාරි තරගයකටත් ඉදිරිපත් වී ඒ වෙනුවෙන්ද කිරුළු පැලඳුවා. අන්න ඒ අවස්ථාවන්වලදී එම තරගයන් විනිශ්චය කරන්නට ආවේ ජනප්‍රිය නළු නිළියන්. ගාමිණී ෆොන්සේකා, ජීවරාණි, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි සමඟ රූබි ද මෙල් මහත්මියද විනිශ්චය මඬුල්ලේ හිටියා. “පිපෙන කුමුදු” සඳහා ඇගෙන් ආරාධනා ලැබුණෙත් ඒ විදියටයි.
පාසල් යන කෙල්ලක වූ ඔබට ඒ සඳහා මවුපියන්ගේ කැමැත්ත ලැබුණද?
තාත්තා ඉතාම දැඩි ලෙස විරුද්ධ වුණා. හැබැයි මගේ අම්මා හරිම කලාකාමී කෙනෙක්. ඒ නිසා ඇගේ සහයෝගය මට ලැබුණා. අම්මා මැදිහත් වූ නිසාත්, මගේ ඇවිටිල්ල නිසාත් තාත්තා “පිපෙන කුමුදු” හි රඟපාන්න කැමැත්ත දුන්නා. එයට තවත් එක් හේතුවක් වුණේ, “පිපෙන කුමුදු” වැදගත් ප්‍රතිරූපයක් පිළිබිඹු කළ හොඳ කතා තේමාවක් සහිත චිත්‍රපටයක් නිසයි.
ඔබේ සිතට එදා අමුතු සතුටක් දැනෙන්නට ඇති?
සතුට පිරී ඉතිරී ගියා. හැබැයි පොඩි පරහක් තිබුණා. ඒ තමයි, වෙනත් චිත්‍රපටවල රඟපාන්නට බැහැ කියන නීතිය. තාත්තා මට පැනවීම. අන්න ඒ “බැරියර්” මත තමයි මම “පිපෙන කුමුදු” රඟපෑමට එක්වූයේ.
සිනමා වසන්තයකට පිවිසීමේදී ඒ බැරියර් එක මඟහැරියේ කොහොමද?
ඉන්නකෝ කියනකල්. පුංචි කට්ට වැඩක් තිබුණා. ඒක අහිංසක ප්‍රයෝගයක්. පිපෙන කුමුදු එකේ රඟපාන අතරතුරදී මට තව චිත්‍රපට තුන හතරකට ආරාධනා ලැබුණා. ඒවා අතහැර දාන්න මට සිතුණේ නැහැ.
ඔන්න ඉතින් මම චිත්‍රපට දෙක තුනම භාර ගත්තා. පිපෙන කුමුදු රඟපාන අතරතුර ඒවයෙත් ෂූටිංවලට සහභාගි වුණා. තාත්තා අහනව තවම ඉවර නැද්ද ඔය ෂූටින් එක කියලා. මමත් නැහැයි කියනවා. “පිපෙන කුමුදු” ඉවර වෙලත් කොහොම හරි සීරුවට වැඬේ කරගත්තාය කියමුකෝ.
තාත්තට සැකයක් ඇතිවුණේ නැද්ද?
අම්ම හිටියනේ මගේ ළඟින්. ඒ නිසා තාත්තට සැකයක් ආවේ නැහැ. හැම ගමනටම අම්මා සහභාගි වෙන නිසා තාත්තා ඒ ගැන හොයන්න වෙහෙසුණෙත් නැහැ.
අහිංසක ප්‍රයෝගයට ආයුෂ කොච්චර තිබුණද?
පිපෙන කුමුදුට පස්සේ රඟපෑ තුන්වැනි චිත්‍රපටයේ කටවුට් එක තාත්තා මරදානෙදි දකින කල් “අහිංසක ප්‍රයෝගය” අහුවුණේ නැහැ.
එදා මොකද වුණේ කියන්නකො ඉතින්?
කටවුට් එකේ තියෙන නම දැකලා තාත්ත මහ පෙරළියක් කළා. අඩි පොළොවේ හප්පලා අම්මටත් කෑගහලා මටත් බැන්නා. එකම ජංජලායයි.
ආයෙත් අවසර ලැබුණේ කොහොමද?
තාත්තට තේරුණා චිත්‍රපටවල රඟපාන්න තියෙන අසීමිත කැමැත්තෙන් මාව ඈත් කරන්න බැහැ කියලා. අම්මත් මැදිහත්වෙලා කරුණු වටහලා දුන්නට පස්සේ තාත්තා අවසර දුන්නා.
දඟ වැඩක් නේද, තරුණ කෙල්ලක් හැටියට කරලා තියෙන්නේ?
වැරදි හැඟීමකින් නෙවෙයි ඒක කළේ. කලාවට සහ සිනමාවට තියෙන ආදරයටයි එහෙම වුණේ.
රෝයි සහ ඔබ ජනප්‍රිය පෙම් යුවලක් ලෙස ජෝඩු විලාසිතාවට සිනමාවට එක්වුණු යුගයක් තිබුණා?
ඔව්. “ගාමිණී – මාලිනී” වගේ “සුමනා – රෝයි” සංකලනයටත් ප්‍රේක්‍ෂකයන් හරි හරියට ඇලුම් කළා.
ඉන් පස්සේ තිස්ස විජේසුරේන්ද්‍ර සමඟත් ඔබ ජෝඩු විලාසිතාවට පෙළ ගැසුණා?
ඔව්… මමයි – තිස්සයි රඟපෑ චිත්‍රපට දින සිය ගණනක් සිනමා ශාලාවල තිරගත වුණා. සුදු පරවියෝ, සිතක සුවඳ ඒ අතරින් ඉතාම සුවිශේෂියි. සුදු පරවියෝ හී “ගිම්හානේ හද නිවුණා” ගීතය අදටත් ප්‍රේක්‍ෂකයන් අතර කොයිතරම් ජනප්‍රියද. ගුවන්විදුලි නාලිකාවක වුණත් එය විකාශනය වන විට ශ්‍රාවකයන් තවමත් එයට තාල අල්ලනවා.
ගාමිණී ෆොන්සේකා සමඟ රඟපෑමේ අවස්ථාව අහිමිවූ එකම ප්‍රවීණ නිළිය ඔබද?
එකම නිළිය මමද කියන්න නම් දන්නැහැ. හැබැයි ගාමිණී සමඟ කවදාකවත් ප්‍රධාන චරිතයක් රඟපාන්න මට බැරි වුණු කතාව නම් ඇත්තයි.
ඒ ගැන ඔබ තුළ යම් කනගාටුවක් තියෙනවද?
අයියෝ නැහැ. ගාමිණී කියන්නේ අති විශිෂ්ට රංගවේදියෙක්. ඔහු සමඟ රඟපෑවොත් ජනප්‍රියත්වය ස්ථිරයි යන හැඟීමක්ද ඒ කාලේ නිළියන් අතර තිබුණා. නමුත් ගාමිණී සමඟ කෙසේ හෝ රඟපෑ යුතුමයි යන උමතු බවක්, එයට අවස්ථාව නොලැබීම ගැන දුකක්වත්, සිත තුළ කකුසක් තිබුණේ නැහැ. ඒ වගේම අනෙක් හැම ප්‍රවීණ නළුවෙක් සමඟම රඟපාපු නිළියක් මම.
ඔබ රඟපෑ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆිස් පොරයට එකතු වුණා?
ඇත්තෙන්ම ආඩම්බරයි කියන්න. මම බොක්ස් ඔෆිස් චිත්‍රපටවලට බොහෝ විට දායක වුණා. රෝයිගේ අධ්‍යක්‍ෂණයක් වූ විජය කුමාරතුංග රඟපෑ “කඩවුණු පොරොන්දුව” අලුත් නිර්මාණය ඉන් එකක්.
ජනප්‍රිය නිළි කිරුළට ඔබ කිසිදා පොරබැදුවේ නැහැ කියන්නේ ඇත්තද?
සහතිකවම එය ඇත්තක්. කූපන් ක්‍රමයට ජනප්‍රිය වීමට මම කවදාවත් උත්සාහ කළේ නැහැ. සල්ලිවලට පත්තර අරගෙන කූපන් තුළින් ජනප්‍රිය වෙන්න ඕන වුණෙත් නැහැ. මට ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය තිබුණා. ඔවුන් මාව ඉහළම තැනක ඔසවා තිබ්බා. අදටත් මගතොටේදී දැක්කම ඒ ප්‍රතිචාරය දක්වනවා. ‘අම්මෝ අපි ඔයා හින්දා ඒ කාලේ මොන තරම් පිස්සු වැටුණද’ කියන අයත් ඒ අතර ඉන්නවා. අන්න එයයි කලාකරුවකු අත්විඳින ලොකුම සතුට. ඉන් එහාට තව මොනවද කියලා මම අහන්නේ හරිම අවංක හිතින්.
නැවත රඟපෑමට එක්වන්නේ නැද්ද?
හොඳ තිරනාටකයක් ලැබුණොත් එය භාර ගන්නවා. නොගැළපෙන චරිත භාරගන්නේ නැහැ. පසුගිය දිනෙක රඟපෑමට ආරාධනා ලැබූ චිත්‍රපට 2ක් ප්‍රතික්‍ෂේප කළේ එම හේතු මතයි.
හෙට දවසේ ඔබේ බලාපොරොත්තුව?
රෝයිගේ වියෝවට පළමුව මමත් ඔහුත් ඇමෙරිකාවේදී චිත්‍රපට 2ක් කළා. ‘ටොම් පචයෙක්’ සහ ‘සිහින ලොවක් සොයා’ යනුවෙන් නම්කර තිබෙන එම චිත්‍රපට දෙක තිරගත කිරීමට අවසර ලැබෙන්නේ කවදාද යන බලාපොරොත්තුව තුළ මම බොහෝ කල් සිට ඇඟිලි ගනිමින් සිටිනවා.
චිත්‍රපටවල වැඩකටයුතු අවසන් වී දැනටත් අවුරුදු 4ක්. නමුත් තවමත් එය තිරගත කිරීමේ අවස්ථාව දැනුම්දෙන තුරු බලන් ඉන්නවා.
චිත්‍රපට සංස්ථාව තුළ තිබෙන ගැටලු සහ හැලහැප්පීම් නිරාකරණය වී මැතිවරණ සතියට පසු එළඹෙන කාලය තුළ මගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මේ මොහොතේ කාරුණිකව ඉල්ලා සිටිනවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ශ්‍රීලනිපය ජනපතිවරණයට එයි: අපේක්ෂකයා දයාසිරි

Next Post

SPC වෙතින් ඔබට ලැබෙන සහන

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.