බෙහෙත් කියන්නේ වයස් භේදයක් නැතිව අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ලෙඩකට බෙහෙත් ගන්න ෆාමසියට ගිහින් ගණන් ඇහුවම තියෙන ලෙඬේ දෙගුණ වෙනවා කියලයි අපේ මිනිස්සු කතාවට කියන්නේ. සමහර වෙලාවට ඒ මිල සාමාන්‍ය කෙනකුට දරාගන්නත් බැරි තරම්. හැමදාම අපේ මිනිස්සු මුහුණ දෙන මේ ප්‍රශ්නයට පිළිතුරක් නැද්ද? නැත්තේ නැහැ. මේකට පිළිතුරක් තියෙනවා. ඒ ඔබලා ඒ ගැන දැනුවත් වීම.
ඖෂධවල මිල ගණන් වැඩියි කියන එක මේ රටේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. නමුත් වෙළෙඳපොළේ එක් එක් වෙළෙඳ නාම යටතේ විවිධ මිලට විකුණන ඖෂධ SPCනාමය යටතේ ගත් විට සාධාරණ මුදලකට ලබාගන්න පුළුවන්. මේ වන විට ලංකාවේ ප්‍රධාන නගරවල රාජ්‍ය ඔසුසල ශාඛා 44ක් තියෙනවා. ඔසුසලක් නැතත් දිවයින පුරා විසිරී තියෙන අපේ බෙදාහැරීමේ ජාලය නිසා ඕනෑම ඖෂධ හලකින් ීඡක් ඖෂධ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඖෂධ මිලදී ගැනීමේදී SPCඖෂධම ලබාදෙන ලෙස ඉල්ලීමේ අයිතියක් පාරිභෝගිකයන්ට තියෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ගෙන්වනු ලබන ඖෂධවල ගුණාත්මක බව සහතික කිරීමෙන් අනතුරුව පමණයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ. තරගකාරී ටෙන්ඩර් පටිපාටියක නිරත වෙමින් ඖෂධ මිලදී ගැනීමට කටයුතු කරනු ලැබීම නිසා දේශීය වෙළෙඳපොළේ වැඩි මුදලකට විකිණෙන එකම නිෂ්පාදකයාගේ ඖෂධ සාධාරණ මුදලකට ලබාදීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකියාව ලැබී තියෙනවා.
ඒ වගේම රාජ්‍ය ඔසුසල වෙත යන පාරිභෝගිකයන්ට පළපුරුදු විශ්වාසවන්ත කාර්ය මණ්ඩලයක සේවය ලබාගැනීමේ අමතර වාසියත් ලැබෙනවා. කොළඹ 7 සහ ජයවර්ධන රෝහල් පරිශ්‍රයේ පිහිටි ඔසුසල් පැය 24 පුරා විවෘතව තියෙනවා. ඒ හින්දා ඕනෑම මොහොතක පැමිණ ඖෂධ මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට උදාවෙලා තියෙනවා. ඒ වගේම සෑම ඖෂධයකම පාලන මිල සටහන් කරලා තියෙන හින්දා ඔසුසලකට බාහිරව ීඡක් ඖෂධ මිලදී ගත්තත් නියම මිලටම එම ඖෂධ මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවෙලා තියෙනවා.