• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කරීනයි ආක්ෂෙයි පත්තු කරපු බෝම්බේ

January 2, 2021
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මීට ටික කලකට ඉහතදී කරීනා කපූර් ඛාන් භීනියට වාගේ බකට් එකක් පෙරළා දැමුවේ ‘දූර දර්ශන්’ රූපවාහානියේ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය.
බකට් එකට හේතු පාඨ වූයේ තරු නළුවන් තරු නිළියනට වඩා රඟපෑම සඳහා ලන්සු තැබීමය.
සුපිරි පන්තියේ නිළියන් කෝටි 25ක ලන්සුවකට අලෙවි වන විට එම මට්ටමේම සුපිරි නළුවන් තම රංගනය වෙනුවෙන් කෝටි 40ක පමණ ලන්සුවක් තැබුවේය. බොහෝ නිළියනට මෙම කාරණය හිතට අමාරුවක් වී තිබිණි.
ඒ අද ඊයේක නම් නොවේය.
නර්ගීස් – රාජ් කපූර්, දිලිප් – වෛජන්තිමාලා යන ප්‍රවීණයන් ජෝඩු පන්නෙට රඟන කාලයේ සිටම එම හිතේ අමාරුව නිළි කෙල්ලකට තිබිණි. හැමෝම හොරෙන් හොරෙන් කසු කුසු ගෑවා මිස ප්‍රසිද්ධියේ කතා නොකළෝය.
කරීන කපූර් ඛාන් කොහොමත් කාටත් බය නැති ගින්දර වාගේ තරුවකි. කල් යල් බලා සිට හීන් සීරුවේම කරීනා, තරු නළුවනට නිළියනට වඩා මොනර කඩදා පුදදීම ගැන ප්‍රසිද්ධ මාධ්‍යයක් හමුවේ පළමු ගිනි පුපුර පත්තු කළාය.
ඒ වෙනුවෙන් කරීනා ලද ප්‍රතිචාර අතර, තරු නළුවන්ගෙන් ලකුණු ලැබී තිබීම පුදුමාකාර විය. හැමෝම පාහේ කරීනාට ක්‍රෙඩිට් එකක් දෙන්නට පසුබෑවේ නැත.
ඉතින්, තරු නළුවන් තියන්නා වූ ලන්සුව නිළියනට තියන්න පුළුවන් වන තැනට වැඩ සැලසුණාද?
අවාසනාවක මහත කියන්නෙ.., ඒ සඳහා පිඹුරුපත් සැකසෙමින් තිබියදී කොරෝනාව ඉන්දියාවට පය තබා තිබිණි.
ඇතැමුන්ට කන්නටවත් නැති කාලේ තරු නිළියන්ගේ ලන්සු ගැන මොන සැලසුම් දැයි කියන්නා සේ සියල්ල කෙමෙන් යටපත්ව ගියේය.
කාලයට තටු ලැබී කොරෝනාව සමඟ 2020 ගෙවී යන අතර, 2021ට සති දෙකක් පමණ තිබියදී අක්‍ෂය කුමාර් අලුතෙන් ගිනි පුපුරක් පාකර හැරියේය.
තරු නිළියනට වන අසාධාරණය ගැන නැවැත අලුත් බකට් එකක් පෙරළමින්ද?
මොන පිස්සුද..?
අක්‍ෂයගේ ගිනි පුපුරට හේතු පාඨ වූයේ ඔහුගේ සුපිරි වටිනාකම කියාපාන වටිනා ලන්සුවකි. පැහැදිලිවම කියනවා නම් 2020 වනතුරු කෝටි 99ට ගිවිසුම් අස්සන් කළ අක්ෂය කුමාර නම් සුපිරි උතුරු ඉන්දියානු තරුව 2021 සඳහා තමා අස්සන් තබනා ගිවිසුම් වෙනුවෙන් කෝටි 105 ඉල්ලන්නට සූදානම් වී සිටින බව ප්‍රසිද්ධ මාධ්‍යයක පවසා තිබිණි.
ඒ කියන්නෙ ලන්සුව තව වැඩි වෙලාද?
ඉලක්කම් ගැන නිනව්වක් තියෙයි නම් ගණන්හිලව් බලන්න, අක්ෂයගේ ලන්සුව කෝටි 9කින් වැඩි වෙලා.
හිටි ගමනම… මේ කොරෝනා කරදර අස්සේ එහෙම වුණේ ඇයි?
සුපිරි නළුවා කියන්නේ වෙළෙඳපොළෙහි තබා තිබෙන අධික ඉල්ලුම නිසා එය තීරණය කළ බවය.
නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරුන්ට ‘මල’ පැනලාද?
මල කෙසේ වෙතත් අක්ෂයගෙන් තොර සුපිරි තරුවක් නැති නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරුන්ට ‘හීන් දහදිය’ දමා ඇති බව දැනගන්නට ලැබී ඇත.
එය සාධාරණය..,
එහෙම කියන්නේ අක්ෂයගේ ලන්සුව ඔහුගේ සුපිරි තත්ත්වයට නොවටින්නේදැයි සිතන නිසා නම් නොවේය.
මඳකට නැවැතිලා හිතලා බලන්න..,
2020 මුල් භාගයේ සහ 2019 අග භාගයේ රූගත කිරීම් ආරම්භ කළ බොහෝ උතුරු ඉන්දීය චිත්‍රපට තවමත් එහෙමමය. තිරගත කරන්නට බලා සිටි චිත්‍රපටවල කටවුට් පුස් කන පෙනුමට පැමිණ ඇත. රූගත කිරීම් සඳහා වෙන්කර ගත් හෝටල්වල අය-වැය එහෙමමය.
ඉතින්..,
එහෙව් එකේ අක්ෂය මෙහෙම නිදි පැදුරෙන් ලන්සු ඉහළ දැමීම සාධාරණද?
අක්ෂය මේ ගැන කියන්නේ මොනවාද?
අක්ෂය කියන්නේ තමාගේ සුපිරි නාමය මත චිත්‍රපට නිර්මාණකරුවන් කෝටි, ප්‍රකෝටි ගණන් මුදල් ඕනෑ තරම් හම්බු කරගෙන සිටින බවකි.
එය සැබෑවක්ද?
එය බොරුවකැයි කියන්නට බැරිය..,
වසරෙහි දවස් 365 තුළම රූගත කිරීම් සඳහා සහභාගි වන නළුවකු වේ නම් ඒ අක්ෂය කුමාරය. ඇතැම් විට දින වෙන්කර ගැනීමට බැරිව අක්ෂය අත්හරින චිත්‍රපටද ඒ අතර වෙයි. අක්ෂය රඟන චිත්‍රපටයක් පාඩු ලැබූ බවක් කොතැනක හෝ ලියැවීද නැත.
එය මගේ මිලයි… කිසිවකු එය මට බලෙන් දිය යුතු නැත. මගේද බලකිරීමක් නැත.., එපා නම් ඔබට අක්ෂයගේ සුපිරි ලේබලයට පයින් පහරක් දී යන්නට පුළුවන. කැමැති නම් පමණක් මා තෝරා ගන්න..,’
අක්ෂය එහෙම ප්‍රකාශයක් කර තිබිණි..,
බලන කොට එයද ඇත්තය..,
ඔහොම යන විට අනෙක් සුපිරි තරු ‘ගේම්’ එකට බහින්නට පුළුවන. ‘අක්ෂයට’ බැරි නම් අපටත් පුළුවනැයි ඔවුනට සිතෙන්නට පුළුවන්ය. එය එසේ වුවහොත් උතුරු ඉන්දියානු සිනමාවට දෙවියන්ගේම පිහිටය..,
එහෙම කියන්නේ කොරෝනා උවදුර මැද උතුරු ඉන්දියානු සිනමාව දැනටද අංකනය කළ නොහැකි තරමේ පාඩුවකට මුහුණ දී සිටින නිසාය.
කෙසේ වෙතත්, තම ලන්සුව හිතුවක්කාරකමට ඉහළට දැමුවද අක්ෂය කුමාර් මිතුරුකමට ගරු කළ අයකු බව කියන්නට ඕනෑය.
එයට හේතුව වන්නේ තම සමීප මිතුරා වූ සජිඞ් නදියමාලාට ඔහු දුන් පොරොන්දුවය.
එම පොරොන්දුවෙහි සඳහන්ව තිබුණේ..,
සජීඞ්ගේ චිත්‍රපට බාර ගැනීමේදී විශේෂ වරප්‍රසාදයකට අනුව එහි ගිවිසුම් කටයුතු කරනා බවය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මම හැමෝගෙම ආදරණීය අම්මා

Next Post

මහජන බැංකුවේ ATM යන්ත්‍රයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට

MORE NEWS

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.