• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම හැමෝගෙම ආදරණීය අම්මා

January 2, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම හැමෝගෙම ආදරණීය අම්මා
Share on WhatsAppShare on Facebook

ඒක මට ලොකු සතුටක්…

කුසුම් රේණු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යනු හරිම සොඳුරු හවුලකි. ටෙලි කලා කෙත හමුවේ අපූරු රඟදැක්මක යෙදෙන මේ කදිම අඹු – සැමි යුවළගේ ‘පවුල’ යන විෂයද බොහෝ සොඳුරුය. ළඟකදී අසන්නට ලැබුණේ ඔවුන්ගේ දෙවැනි දුව වූ තාරුකී අමායා ද අම්මා, තාත්තා මෙන්ම කලාවට පියවර තැබූ වගකි. ඉතින් මේ අලංකාර කලා පවුල ගැන රස තොරතුරු අසන්නට ‘කුසුම් රේණු’ සමඟ හදවතින් බැඳුණු ඒ පුංචි හෝරාවෙහි සිදුවූ දෑ මෙලෙස සටහන් කරමු.
විවිධ චරිත හරහා බොහෝ විට ඔබ නිරතුරු ටෙලි තිරයෙහි පෙනී සිටිනවා?
ඔව්… කොහොමත් මට කලින් කලට කුමක් හෝ චරිතයක් සඳහා ආරාධනා ලැබෙනවා. හැබැයි මේ දවස්වල නම් එහෙමට ලොකු ‘බිසී’ එකක් නැහැ. ‘සිහින ගෙනෙන කුමාරියේ’ හී කරුණාවන්ත ළමා නිවාස පාලිකාවක ලෙසත්, ‘අග්නි පියාපත්’ හි නපුරු නැන්දම්මාගේ චරිතයත් අතර තමයි පසුගිය දවස්වල රූගත කිරීම් සිදුවුණේ.
‘අග්නි පියාපත්’හී නැන්දම්මාට මේ දවස්වල ප්‍රේක්‍ෂකයෝ ඇතිවෙන්න බනිනවාලු?
ඔව්… මටත් එහෙම ආරංචි වුණා… හැබැයි ඒ වාගේම ‘සිහින ගෙනෙන කුමාරියේ’ නාට්‍යයේ ළමා නිවාස පාලිකාවටත් ඔවුන් ඒ වාගෙම ආදරය කරනවාලු.
අසරණ වූ දරුවන් පිරිසකගේ ‘අම්මා’ ලෙසට මා කරන ඒ චරිතය හමුවේ බොහෝ දෙනා සංවේදීව සිටින බව දැනගන්නට ලැබුණා.
කොහොමටත් ඔබ කලා ලොවේ තරුණ දූදරුවන්ගේ අම්මා වගෙයි කියනවා?
අනේ ඔව්… කලා ලොවෙහි මගෙත් ශ්‍රියන්තගෙත් මිතුරු මිතුරියන්ගේ දූදරුවනට මම අම්මා කෙනෙක් වාගේ තමයි.., රූගත කිරීම් සඳහා යන බොහෝ තැන්වලදී ඔවුන් මට කුසුම් අම්මා හෝ නැන්දා කියා අමතන්නේ හරිම ආදරයෙන්. අවංකවම එය මට ලොකු සතුටක්. ඇතැම් විට ඒ සුහද බව තුළද ඔවුන් ඔවුන්ගේ ජීවිතය සහ අනාගතය පිළිබඳව යම් දේ පවා මා සමඟ කතා කරනවා. අම්මා කෙනකු ලෙස එලෙස ඔවුන් මාව විශ්වාස කිරීම ගැන වුවද මා තුළ යම් ගෞරවයක් මට දැනෙනවා.
හැමෝටම එලෙස ‘අම්මා’ වීමට ලැබුණේ, පවුල තුළ ඔබ අම්මාගේ භූමිකාව හොඳින් රඟදැක්වූ නිසා වන්නට ඇති?
අනිවාර්යයෙන්ම ඔබ කළ අනුමානය හරි.., මම මගේ දරුවන්ට හොඳ අම්මා කෙනකු වුණා. කලා කටයුතු සඳහා කාලය වෙන් කරන විට පවා දුරබැහැර රූගත කිරීම් සඳහා වුවද මම ඉඳහිටක හෝ සහභාගි වූයේ දූලා දෙදෙනාට ඒක අඩුවක් නොදැනෙන ආකාරයටයි. කොතැනකදීවත් අම්මාගේ සෙනෙහස තුළ මම මගේ දරුවන්ට හිස්තැන් තැබුවේ නැහැ.
බාල දූ අමායාගේ හඬ ගුවන්විදුලිය හරහා ඇසුණේ ඔබේ ඒ හිස්තැන් නැති ආදරයෙහි ආභාෂය නිසාද?
නැහැ… නැහැ… ගුවන්විදුලිය ඔස්සේ තම හඬ ශ්‍රවණය කරවීමේ කලාව ඈ තෝරා ගත්තේ ඇගේම කැමැත්තෙනුයි. මම හෝ ශ්‍රියන්ත කවදාවත් කලාව සමඟ සම්බන්ධ වෙන්න යැයි කියා අපේ දරුවන්ට බලකරලා නැහැ. හැබැයි… කියන්නට සතුටුයි අපේ බාල දූ ‘තාරුකි අමායා’ ඇගේ හඬ ඉතා අපූරුවට මෙහෙයවීම තුළ ප්‍රවීණයන්ගේ ප්‍රශංසාවට පවා ලක්ව තිබෙනවා.
ප්‍රවීණ කලා ශිල්පිනී ‘කුසුම් පීරිස්’ ඒ අතර එක් අයෙක් කියා ආරංචියි?
ඔව්… දූගේ හඬට සවන් දුන් මොහොතක කුසුම් පීරිස් මහත්මිය ළඟ හිටපු අයකුගෙන් ඇහුවලු, ‘කාගෙද ඒ මිහිරි කටහඬ… හරි අපූරුවට හිතට කාවදිනවා’ කියලා. එතකොට ඉහත කී අය කිව්වලු… ‘ඇයි දෙවියනේ ඒ අපේ ශ්‍රියන්තගෙයි, කුසුම් රේණුගෙයි බාල දූනේ…’ කියලා. කුසුම් පීරිස් මහත්මිය ඒ මොහොතෙම මටත්, ශ්‍රියන්තටත් කතා කරල කිවුවා ‘ඔයාලගේ දූ පොඞ්ඩ නම් හරිම අපූරුයි…’ කියලා. ඇත්තටම මගේ ඇස්වලට කඳුළුත් ආවා කිවුවොත් එය සම්පූර්ණ ඇත්තක්. ගුවන්විදුලිය තුළ ඈ ඇගේ හැකියාවන් සමඟ ඉදිරියට යනවා නම් මටත්, ශ්‍රියන්තත් එයට අවශ්‍ය අත්වැල දෙන්නට ඉතාම ළෙන්ගතු සූදානමක සිටිනවා.
ඔබේ වැඩිමල් දියණියත් කලාවට සම්බන්ධයි?
ඔව්… ඈ ‘ෆැෂන් ඩිසයිනර්’ කෙනෙක්… මනාලියන් හැඩගැන්වීමේ කලාවට අමතරව ඇය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේද ඇඳුම් නිර්මාණය කිරීමෙහි නියැළී සිටිනවා. ශ්‍රියන්ත මෙන්ම ජයන්ත චන්ද්‍රසිරිගේද නාට්‍ය කිහිපයකට ඈ ඇඳුම් නිර්මාණ කටයුතු සඳහා සහාය දැක්වූවා. ඒ වාගේම ඇය ගායිකාවක්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කාලෙකට පස්සෙ කළඑළිබහින සතෙන් සතේ

Next Post

කරීනයි ආක්ෂෙයි පත්තු කරපු බෝම්බේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.