• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

යකෙකුටවත් බය නැති ලංකාවේ යක්කු

December 26, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
යකෙකුටවත් බය නැති ලංකාවේ යක්කු
Share on WhatsAppShare on Facebook

වර්තමානය වන විට යකුන්, යක්ෂයන් යනුවෙන් හඳුන්වන පිරිසක් මෙරට හමු නොවූවද යකුන් යක්ෂණියන් පිළිබඳ බොහෝ තොරතුරු අපගේ ප්‍රධාන වංශ කතාව වන මහා වංශයේ හමුවේ. ඉතා රසවත් ලෙස ඉදිරිපත් කර ඇති මෙම කතා පුවත් තුළින් අතීතයේ විසූ බව සැලකෙන යක්ෂ පිරිස් පිළිබඳ බොහෝ තොරතුරු සොයා ගත හැකිය. මහාවංශය විස්තර කරන්නේ මෙම යක්ෂයන් මනුෂ්‍ය පිරිසක් ලෙස නොව අමනුෂ්‍ය පිරිසක් ලෙසිනි. මේ නිසා මහා වංශයේ විස්තර කෙරන යකුන් හා යක්ෂණියන් තුළ විශේෂ ගති ලක්ෂණ බොහොමයක් හඳුනා ගැනීමටද හැකියාව ලැබී තිබේ.

මහා වංශයට අනුව ප්‍රථම ලංකා තථාගතාභිගමනය සිදුවන්නේද මෙරට සිටි යකුන් බැහැර කොට මෙරට පිරිසිදු කිරීම වෙනුවෙනි. “සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබළන තැනෙකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යැයි ද දක්නා ලදි” යැයි මහා වංශයේ දැක්වේ. බුදුන් වහන්සේ මෙරටට සිදුකළ මංගල වැඩමවීමද යකුන් නිසා සිදුවූවකි. ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක්. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක. යක්ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහකරන්නෙමි. තොපි සමගිව මෙතන්හි මට හිඳිනා තැනක් දෙන්නහුද? නොම දෙන්නහුද? නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ.

අපව අභය දුනමැනවැ යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූය. ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ග්‍රීස්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව ලක්දිව අන්තයෙහි හාත්පසින් සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින් මෙහි ළඟා කළ සේක” යනුවෙන් බුදුන්වහන්සේ ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය මහා නාග නම් වන උයනෙහි යක්ෂයාගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගම වෙත පැමිණි යකුන් ගිරි දීපයට පලවා හැරි බව බව මහා වංශයයෙහි දක්වා තිබේ.

යකුන් ලක්දිව බුදුන් වහන්සේට දෙන බවට පොරොන්දු වූවද බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ දවසේ විජය කුමරු මෙරටට ගොඩ බසින විටද යකුන් හමු වීමෙන් පෙනී යන්නේ ඔවුන් මෙරට හැර නොගිය බවය. විජයගේ පැමිණීම සිදු වූ අවස්ථාවේදී කුවේණි නම් යකිනිය තවුසියක් වෙසින් කපු කටිමින් ගසක් මුල සිටි බවත් ඇගේ පරිවාර යකින්නක් බැල්ලියකගේ වෙසින් පෙනී සිටීමක් පිළිබඳත් මහාවංසයේ දැක්වෙයි. බැල්ලක දැකීම නිසා ගමක් ඇතැයි සිතා එක් අයකු බැල්ල පසුපස ගොස් පොකුණක් හමුව වතුර බී මල් හා වතුර ගෙන යාමට සූදානම් වන විට ඔහු කුවේණියගේ ගොදුරක් බවට පත්වී කුවේණිය විසින් අල්වා ගත් බවත් උපුල්වන් දෙවි බැඳි පිරිත් හුය නිසා ඔහුව කෑ නොහැකි බැවින් සිරකර තැබූ බවත් මුළු සේනාවම අල්වා ගත් පසු පැමිණෙන විජය, කුවේණිව බිය ගන්වා යටත් කර ගන්නා අන්දමත් කුවේණිය රජය දෙන බවට පොරොන්දු වී පිරිස යළි දෙන ආකාරයත් මහා වංශය සවිස්තරාත්මකව විස්තර කරයි.

කුවේණිය විසින් කෑ වෙළදුන්ගේ නැව්වල තිබූ සහල් ආදිය දීමෙන් විජය ඇතුළු පිරිස ආහාර සකස් කොට අනුභව කළ බවත් කුවේණිය හා විජය එකට ජීවත් වීම ආරම්භ කළ බවත් “විජය කුමරු විසින් දෙවන ලද අග්‍ර භාගය කා පිනා ගියා වූ යකිනි තොමෝ සොළොස් හැවිරිදි සිත් ගන්නා රුවක් මවා ගෙන සව් බරණින් සැරහුණි රජ කුමරු වෙත එළඹියාය. රුක් මුලෙක තිරයෙන් මොනවට හාත්පස අවුරණ ලද්දා වූ වියනින් මනාව අලංකෘත වූ මාහැඟි යහනක්ද මැවීය. රජ කුමර ඒ දැක අනාගත අභිවෘද්ධිය බලන්නේ ඈ හා සමග වාසය කොට යහනෙහි සැපසේ හොත්තේය.” යනුවෙන් මහා වංශයේ දක්වා තිබේ.

මෙලෙස නිදන විජය කුමාරයාට රාත්‍රියේදී තූර්ය නාද සහිත ගී හඬක් ඇසුණු බවත් ඒ බව ඔහු හා නිදන යකිනියගෙන් විචාල බවත් මහා වංශය දක්වයි. “සියලු යකුනුදු මරවා රාජ්ජයත් ස්වාමියා හට දියයුත්තේය. අවශ්‍යයෙන්ම මනුෂ්‍යාවාස හේතුයෙන් යක්ෂයෝ මා මරන්නාහ” යනුවෙන් සිතු කුවේණිය “ස්වාමීනී, මෙහි මේ යක්ෂ පුරය ශිරීෂවස්තු නම, එහි දෙටු යකු පිණිස ලංකා නගරවාසී වූ කුමරියක් මෙහි ගෙනෙන ලද්දිය. ඇයගේ මවු ද ආවා, ඒ කැඳවා එන මගුල්හි මෙහිද මහත් උත්සව පවතී. මේ එහි ශබ්දයයි, මේ සමාගමය මහත්මැයි. අදම යකුන් මැරුව මැනව, මින් මත්තෙහි නොහැක්කැයි කීවාය. කුමර අදෘශ්‍යමාන ඒ යකුන් මම කෙසේ මරම්දැ යි කීයේය. යම් තැනෙක ශබ්ද කෙරෙම් නම් ඒ හඬින් ගැසුව මැනව, අයුධය තෙමේ මාගේ ආනුභාවයෙන් උන්ගේ කයෙහි හෙන්නේය” යනුවෙන් තම වර්ගයා මරා දැමීමට කුවේණි නම් යකිනිය විජය කුමරුට සහාය දැක්වූ ආකාරය මහාවංශය විස්තර කරයි. අවසානයේ සියලු යකුන් මරා දැමූ බවත් ඔවුන්ගේ ආභරණ පැලඳ ගත් බවත් මහා වංශයේ දක්වා තිබේ. “එසේ කොට සියලු යකුන් මැරීය. තෙමේද ලබන ලද ජය ඇත්තේ යක්ෂ රාජයාගේ ආභරණ පැලැන්දේය. සෙසු ආභරණයෙන් ඒ ඒ භටයන් පැලඳ විය. කීප දවසක් මෙහි වැස තාම්‍රපර්ණයට එළඹියේය.” එසේ පැමිණි විජය තාම්‍රපර්ණ නගරය ඉදිකොට ඇමතියන් පිරිවරා යකිනිය හා විසූ බව මහා වංශය පෙන්වා දී තිබේ.

මහා වංශයේ දැක්වෙන මෙම කතා පුවතට අනුව මෙම යකුන් මිනිසුන් මරා කන, ඔවුන්ගේ දේපළ කොල්ලකා සඟවා තබන පිරිසකි. එමෙන්ම ඔවුන්ට විවිධ වේශයන් මවා ගත හැකිය. බුද්ධානුභාවය (පිරිතේ බලය) තිබේ නම් මෙම යකුන්ට මිනිසුන් අනුභව කිරීමටද නොහැකිය. මෙම යකුන්ගේ සමාජ තත්ත්වයද මින් පැහැදිලි වේ. ඒ අනුව මෙම යකුන් කපු කටිමින්, ඇඳුම් සකසා භාවිතා කළ ශිෂ්ටසම්පන්න පිරිසකි. ඔවුන් උත්කර්ෂවත් විවාහ උත්සව පවත්වති. තූර්ය නාද සහිතව ගී ගයා විනෝද වෙති. වටිනා ආභරණ පලඳිති. විජය කුමරු ඇතුළු පිරිසද මෙම යකුන් මරා ඔවුන්ගේ ආභරණ ලබා ගත් බැවින් ඒවා ඉතා වටිනා ඒවා විය හැකිය. මේ අනුව ඔවුන් වඩාත් දියුණු පිරිසක් බවද සිතිය හැකිය.
අවසානයේ විජය කුමරු අභිෂේකය සඳහා ඉන්දියාවෙන් කන්‍යාවියක් ගෙන්වීමත් සමග කුවේණියට පිටවී යාමට සිදුවේ.

“කුමාර තෙම රාජ කන්‍යාව ආ බැව් අසා යකිනියට සොඳුර දරුවන් දෙදෙනා තබා තී දැන් යා මනුෂ්‍යයෝ සෑම කල්ම අමනුෂ්‍යයන්ට බානහ යි කිය. ඒ අසා යක්ෂ භයින් භයවූ ඒ යකින්නට තිට දහසකින් බලිදානය කරවමි, ශෝක නොකරව යි කීයේ ය. භය වූ ද ඕ තොමෝ නැවත නැවත ඔහු යාච්ඤා කොට දරු දෙදෙනා ගෙන යා යුතු අතක් නැති බැවින් ලංකා පුරයට ගියාය. පුතුන් බැහැර හිඳුවා තොමෝ නුවරට වන්නාය. ඒ යකින්න හැඳින සෙර යයි සතුරු පක්ෂ සංඥා ඇති භව වූ ලංකා පුරයෙහි යක්ෂයෝ කැළඹුණෝය එක රෞද්‍ර යක්ෂයෙක් වූ කලී එක් අතුල් පහරකින්ම යක්ෂණිය මැරූයේය.” මෙලෙස විජය පිටුවහල් කිරීමෙන් පසු කුවේණියට යාමට තැනක් නොමැති වූ බැවින් ඇයට යාමට සිදුවන්නේ තවමත් ඇගේ ඥාතීන් සිටි ලංකා පුරයටය. මේ අනුව පැහැදිලි වන්නේ ලංකා පුරය යක්ෂයන්ගේ භූමිය වූ බවයි. කුවේණියගේ මරණයෙන් පසු දරු දෙදෙනා සමන් කුලට පලා ගිය බවත් ඔවුන්ගෙන් වැද්දන් පැවත එන බවත් මහා වංශය ප්‍රකාශ කරයි.

විජය හා ද්‍රෝහීව ගැටුම් ඇති කරගත්තද මෙරට බිහිවූ පළමු ශ්‍රේෂ්ඨ රජතුමා වන පණ්ඩුකාභය රජතුමා යකුන් කෙරහි අනුග්‍රහය දැක්වූ බවත් යක්ෂයින් රජුට උදව් උපකාර කරමින් සහජීවනයෙන් ගතකළ බවත් මහා වංශයේ දක්වා තිබේ. මෙලෙස පණ්ඩුකාභය රජතුමාගේ ජීවිතය රැක දෙමින් ඔහුට උදව් උපකාර කළ ප්‍රධාන යක්ෂයන් දෙදෙනා චිත්ත රාජ සහ කාළවේලය. ඔවුන් චිත්‍රා කුමරිය රැකීමට සිටි දාසයන් බවත් ඔවුන් මැරවීමෙන් පසු යක්ෂයන් වූ බවත් “රජ කුමරුවෝ ඒ කුමරිය රක්නා චිත්‍ර නම් දාසය කාළවේල නම් දාසය යන ගැමුණු කුමරුහු කම්කරු වූ පිළිණ නොදෙන්නන් ඒ කර්මයෙහි හේතු භූතයෝ යැයි කියා සැක කොට මැරවූහ. ඔවුහු දෙදෙනා යක්ෂ යෝනියෙහි උපන්නෝ ගැබ හොත්තාවුම කුමරුහට අරක් ගත්තුය.” යනුවෙන් මහා වංශය දක්වයි. උපන් පණ්ඩුකාභය කුමාරයා ගැහැනු දරුවකුට මාරු කිරීමට දාසියක විසින් ගෙන යන අතර මුව දඩයමේ ගිය රාජ කුමාරයන් දාසිය දැක පරීක්ෂා කිරීමට උත්සාහ ගැනීමේදී ඌරු වෙසක් ගෙන රාජකුමරුන් නොමග යවන්නේ මෙම චිත්ත රාජ හා කාළවේල යකුන් දෙදෙනාය. “රජ කුමරුවෝ වහා තබවයි ඈට කිවුය. චිත්‍රය කාළවේලය යන යක්ෂයෝ දෙදෙන කුමරහු අරක් පිණිස නික්මියෝ එකෙණහි මහත් හූරු වෙසක් දැක්වූය. ඒ කුමරුවෝ ඌරු ලුහුබැඳ ගියෝය. දාසි තොම ඒ කුමරුහු ගෙන එහි ගියා ය.”

මෙලෙස දිවි බේරාගත් පණ්ඩුකාභය කුමරු සැඟවී හැදී වැඩී තමා පණ්ඩුකාභය බව ප්‍රසිද්ධියේ තම නම හෙළිකොට මාමාවරුන්ට විරුද්ධව සටන් අරඹන අතර දොළුගලට ගොස් සේනාව රැස් කරමින් සිටියදීද යකින්නක හමුවේ. චේතියා නම් වූ මෙම යකිනිය වෙළඹකගේ වෙස් ගෙන ඇවිදින්නියකි. පණ්ඩුකාභය කුමරු මාමාවරුන්ට විරුද්ධ සටන ජයග්‍රහණය කරන්නේද මෙම යකිනි වෙළඹ පිට නැගී ගමන් කිරීමෙනි. වෙළඹ වෙස් ගත් චේතියායකින්න පිට නැගී කුමරු සේනාව පිරිවරා සටනට පැමිණෙන අතර මාමලා අටදෙනා සමඟ ඔවුන්ගේ සේනාව මැරුම් කති. මෙම කතා පුවත “දුම්රක්ගල වසන චෙතියා නම් යකිනී තිඹිරියඟන විලෙහි වෙළඹරුවින් ඇවිදිනීය. සුදු සිරුර හා රත් පා ඇති සිත් කළු ඒ වෙළඹ එකෙක් දැක මෙහි මෙබඳු වෙළඹක් වසනීය යි කුමරුහට දැන්විය. කුමර තෙමේ රැහැන ගෙන ඇය අල්වා ගන්ට එළඹියේය. පශ්චාත්භාගයෙන් ආවහු දැක ඒ කුමරහු තෙදින් ඕ තොමෝ භය වුවා අතුරුදහන් නොවී දිව්වාය. ඒ තෙමේ දුවන්නිය ලුහු බැන්දේය. දුවන්නා වූ ඒ තොමෝ ඒ විල සිසාරා සත් යලක් දව්වා ය. මහගඟ බැස එයින් එතරට නැවත සත් යලක් දුම්රක්ගල සිසාරා දිව්වාය. නැවත එම විල වටා තුන් යලක් දිව්වා ය. එයින් ඉක්බිති කච්ඡක නම් තොටින් ගඟට බටුවාය. ඒ තෙමේ එහි දී වාලධියෙහි ඇයද ගඟෙහි යන තල් පතක්ද ගත්තේ ය. ඔහුගේ පින් තෙදින් ඒ තල්පත මහ කඩුවෙක් විය. ඈට තී මරමි කියා කඩුව එසවිය. ස්වාමිනි ඔබට රජය ගෙන දෙමි. මා නො මැරුව මැනවයි කීවාය. ඒ තෙමේ ඇය ග්‍රීවයෙහි අල්වා ගෙන කඩු සිලින් නාසයෙහි විද යොතින් බැන්දේය. ඈ වසඟවී මහත් බල ඇති ඒ තෙමේ වෙළඹ නැගී දුම්රක්ගලට ගොස් එහි සතර අවුරද්දක් වාසය කෙළේය.” යනුවෙන් ඉතා මනරම් අන්දමින් මහා වංශය දක්වා තිබේ.

මහා වංශය ඉදිරිපත් කරන කරුණු අනුව පෙනී යන්නේ පණ්ඩුකාභය සැඟවී දිවි ගෙවන්නේ යක්ෂ පිරිස් වාසය කළ පෙදෙසක බවයි. මේ පිළිබඳ අදහස් දක්වන උගතුන්ගේ මතය වන්නේ පණ්ඩුකාභය කුමරුන් ස්වදේශීය ජනයාගේ අනුග්‍රහය යටතේ වර්ධනය වී සේනා සංවිධානය කොට ඉන්දීයානු ආක්‍රමණිකයන් විනාශ කර අනුරාධපුරය ගොඩ නැංවූ ශ්‍රේෂ්ඨ නායකයකු බවයි. මෙරට ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක සාධක හමුවන පළමු රජතුමා වන්නේද පණ්ඩුකාභය රජතුමාය. විජය පැමිණෙන විටත් මෙරට ඉතා සක්‍රීය වාණිජ මධ්‍යස්ථානයක් බවත් විජයගේ මූලිකත්වයෙන් කියවෙන කතාව එවක සිදුවූ ඉන්දීය ආක්‍රමණයක් බවත් මත ඉදිරිපත් කරන පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ යක්ෂ නම් දේශීය ප්‍රජාවගේ මූලිකත්වයෙන් පණ්ඩුකාභය කුමරු විදේශීය ආක්‍රමණය මැඩ පවත්වා මෙරට බලය දේශීය ප්‍රජාවට වෙත ලබා ගන්නට ඇති බවයි.

මූලාශ්‍ර – මහාවංශය – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

මොබිටෙල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පහේ ශිෂ්‍යත්ව පාසල් අයදුම් ඩිජිටල්කරණය කරයි

Next Post

මට ලොකු ආශාවක් තිබ්බ රන්ජන් එක්ක නටන්න

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.