• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තියෙන බලයත් උදුරාගන්නා අමුතු යෝග

December 12, 2020
in Astrology
Reading Time: 1 min read
A A
තියෙන බලයත් උදුරාගන්නා අමුතු යෝග
Share on WhatsAppShare on Facebook

හැම කෙනකුම කැමැති තම තමන්ගෙ කේන්දරවල තියෙන තමන්ට වාසි ගෙනදෙන ග්‍රහයෝග ගැන අහන්න දැනගන්න තමයි. නරක පල ගෙනදෙන යෝග තියෙනවා කියල දැනගන්න හෝ අහන්න කැමැති නැහැ. ඒ නිසා ධනය, බලය ලැබෙන යෝග සහ රාජ යෝග ගැන තමයි අපි නිතරම කතා කරන්නෙ. ඒ වුණත් අපේ කේන්දරවල තියෙන ප්‍රබල ග්‍රහ යෝගවල බලය අඩු කරවන අයහපත් ග්‍රහ යෝග අපේ කේන්දරවල හැංගිලා තියෙනවා.

ජන්ම පත්‍රයක ප්‍රබල රාජ යෝග එකක් දෙකක් හෝ කිහිපයක් යෙදී තිබුණද එම ජන්ම පත්‍රයේම රවි, කුජ, ගුරු, ශනි කියන ග්‍රහයෝ හතරදෙනාගේම හෝ තිදෙනකු නීචව පිහිටියොත් පෙර කියූ රාජ යෝගවල බලය බිඳෙනවා. රවි, තුලාවේද, කුජ, කටක රාශියේද, ගුරු, මකරයේදීද, ශනි මේෂ රාශියේද නීච වෙනවා.

කේන්දරයක 10 වැනි ස්ථානයේ තමයි රැකියාව ගැන කියැවෙන්නේ. ඒ නිසා 10 වැන්න කර්මස්ථාන (ක්‍රියාවට සම්බන්ධ ස්ථාන) ලෙස හඳුන්වනවා. නීච වූ ග්‍රහයෙක් කර්මස්ථානයේ සිටීමෙනුත් රාජ යෝග භංග වෙනවා. හැබැයි එම ග්‍රහයාගේ නීචය භංග වී තිබුණොත් ඒ තත්ත්වය වෙනස් වෙනවා.

ග්‍රහයකුගේ නීචය භංග වන ක්‍රම කිහිපයක් ගැනම ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. නීච ග්‍රහයෙක් කේන්දරයේ කුමන ස්ථානයක සිටියත් එම රාශියේම උච්ච ග්‍රහයෙක් සිටියොත් එම නීචය භංග වෙනවා. මේ ආකාරයට එකම රාශියක් තුළ නීච ග්‍රහයෙක් සහ උච්ච ග්‍රහයෙක් සිටීමෙන් එය නීච භංග රාජ යෝගයක් වෙනවා. එවිට කේන්දර හිමියාට උසස් තත්ත්වයකට පත්වෙන්නට අවස්ථාව උදාවෙනවා.

කිසියම් කේන්දරයක ලග්න භාවය හරි චන්ද්‍රයා සිටින භාවය හරි අඩුම තරමින් එක ග්‍රහයකුගේවත් දෘෂ්ටියට ලක්නොවූ කේන්දරයක කොතරම් බලවත් රාජ යෝග තිබුණත් ඒවා ක්‍රියාත්මක වී කේන්දර හිමියා බලවතෙක් වෙන්නේ නැති බව පරාශර ඍෂිතුමා සඳහන් කර තිබෙනවා. ඔබේ ජන්ම පත්‍රයේ ඉහළින්ම ඇති 1 කොටුව ලග්න භාවය බවත්, ච යන්න සඳහන් කර ඇති කොටුව චන්ද්‍ර භාවය බවත් ඔබ දන්නවා. එනිසා ඔබේ කේන්දරයේ මෙම රාශි දෙක අනෙකුත් ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වෙනවාද යන්න දැන ගැනීමත් වැදගත්.

ග්‍රහයන්ගේ දෘෂ්ටි බලන්නේ සිටින තැන සිට වම් පැත්තටයි. නිතරම ග්‍රහයා ඉන්න තැනට අංක එක යොදලා වම් පැත්තට කොටු ගැනගෙන යන්න. රවිට සහ චන්ද්‍රයාට තමන් සිටින තැන ඉඳලා 3, 7, 10 යන ස්ථාන පෙනෙන බවත්, කුජට සහ බුධට තමන් සිටින තැන ඉඳලා 4, 7, 8 යන ස්ථාන පෙනෙන බවත් ජ්‍යොතිෂය සිද්ධාන්තවල සඳහන් වෙනවා. ඒ වගේම ගුරුට සහ සිකුරුට තමන් සිටින තැන ඉඳන් 5, 7, 9 යන ස්ථාන පෙනෙන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.

මේ ආකාරයට ඔබේ කේන්දරයේ ලග්න භාවය හරි චන්ද්‍රභාවය හරි වෙනත් ග්‍රහයකුට පෙනෙනවා නම් ඔබේ කේන්දරයේ ඇති බලවත් රාජ යෝග ක්‍රියාත්මක වෙනවා. එසේ නැතිනම් ඒවා ක්‍රියාත්මක නොවන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.

ඔබගේ කේන්දරයේ රවි හෝ ගුරු හොඳටම දුර්වල වෙලා (පරම නීච තත්ත්වයට පත්වෙලා) සිටියාමත් කේන්දරයේ තිබෙන අනෙකුත් රාජ යෝගවල බලය අහිමි වෙනවා. එවිට පරම නීච තත්ත්වයට පත්වෙන්නේ තුලා රාශියේ අංශක 10දී. ගුරු පරම නීච තත්ත්වයට පත්වෙන්නේ මකර රාශියේ අංශක 5දී. ඔබේ උපන් දිනයට අදාළ පංචාංග ලිත් පිටුවෙන් ඔබ උපන් වෙලාවේ ග්‍රහයන් පිහිටි අංශක කලා ගණන බලා ගන්න පුළුවන්. කෙනකුට තමන්ගේ නවාංශක කේන්දර බලලත් ග්‍රහයන් හිටපු අංශක ගැන දළ අදහසක් ගන්න පුළුවන්.

ලග්න කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයෙන් නවාංශකයේ පිළිවෙළට වම් පැත්තට රාශි හඳුනා ගන්නත් පුළුවන්. නවාංශකය මේෂ නම් වම් පැත්තට දෙවැන්න වෘෂභ, තුන්වැන්න මිථුන, හතරවැන්න කටක ආදී වශයෙන්. තුලා රාශියේ අංශක 10 සීමාව අයත්වන්නේ මකර නවාංශකයට ඔබගේ කේන්දරයේ රවි, තුලා රාශියේ ඉඳලා මකර නවාංශකයේ ඉන්නවා නම් එයාගේ බලය අඩුයි. ඒ වගේම ගුරු ඉන්නේ මකර රාශියේ නම් එයාගේ පරම නීච අංශක 5 අයත් වෙන්නේ කුම්භ නවාංශකයට. ගුරු, මකර රාශිය තුළ කුම්භ නවාංශකයේ සිටියොත් එයාගේ බලය අඩුයි.

යම් ලෙසකට ඔබේ කේන්දරයේ බලවත් රාජ යෝග කිහිපයක් තිබුණත්, සියලුම පාප ග්‍රහයන් කේන්දර ස්ථානවල සිටියදී සියලුම සුබ ග්‍රහයන් නීච වෙලා හරි සතුරු වෙලා හරි ඉන්නවා නම් ඔබට අර බලවත් යෝගවල බලය ලබාගන්නට අපහසු වෙනවා. කේන්දර ස්ථාන ලෙස සලකන්නේ ජන්ම පත්‍රයේ 1, 4, 7, 10 යන ස්ථානයි. සුබ ග්‍රහයන් ලෙස බුධ, ගුරු, සිකුරුද, අසුබ ග්‍රහයන් ලෙස රවි, කුජ, ශනි, රාහු සහ කේතුද සලකනු ලබනවා.

කේන්දරයක යහපත් යෝග දුටු පමණින් කේන්දර හිමියා බලවතෙක් ලෙස සිතන්න බැහැ. කේන්දරයේ ප්‍රබල යෝග භංග කරන අයහපත් යෝග තිබෙනවාද කියලත් බලන්න ඕන.
ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

රඟපෑම නවත්වන්න කියලා ලොකු ගෝරියක් දැම්මා

Next Post

කොරෝනාවෙන් පස්සේ අපේ උරුමයෙන් වාසි ලබමු

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.