• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොරෝනාවෙන් පස්සේ අපේ උරුමයෙන් වාසි ලබමු

December 12, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
කොරෝනාවෙන් පස්සේ අපේ උරුමයෙන් වාසි ලබමු
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝක ජනතාව දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින අතර එමඟින් ආර්ථික, සමාජීය ක්ෂේත්‍රයන් මූලික කරගනිමින් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකටම විවිධාකාරයෙන් අයහපත් බලපෑම් ඇති කර තිබීම විශේෂයෙන් පැහැදිලි කළයුතු නොවේ. එසේම මෙම වසංගත තත්ත්වය පහසුවෙන් මර්දනය කළ හැකි තත්ත්වයක් නොවන බවද වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් කරුණු ඉදිරිපත් කර ඇත. නමුත් තත්ත්වය කෙතරම් දරුණු වුවද අප සියලු දෙනාම රටක් වශයෙන්, ජාතියක් වශයෙන්, ලෝකයක් වශයෙන් මෙම තත්ත්වය සඳහා ධනාත්මකව මුහුණදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීම කළයුතුයි. මෙම ලිපිය මගින් පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ උරුම කළමනාකරණය කටයුතු සඳහා මෙම කාලපරිච්ඡේදය ධනාත්මක ආකාරයෙන් භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කරයි.

සමස්ත ලෝකයේම පිහිටි උරුමයන් අනාගත ලෝකය වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා 1972 වර්ෂයේ යුනෙස්කෝ සමුළුවේදී එය සම්මත කරගන්නා ලද යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය උරුම කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ශ්වකාර රාජ්‍යයන්ට ලෝකයටම මාර්ගෝපදේශයක් සපයන ප්‍රධාන නෛතික මූලාශ්‍රය වශයෙන් පෙන්වා දිය හැක. මෙම සම්මුතිය මඟින් ලෝකයේ පවත්නා උරුමයන් සංස්කෘතික උරුමයන් සහ ස්වභාවික උරුමයන් වශයෙන් වර්ගීකරණය කර ඇති අතර එම උරුමයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක් එක් රාජ්‍යයන් කටයුතු කළ යුතු ආකාරය සහ එම කාර්යයන් සඳහා මූල්‍යමය, අධ්‍යාපනික හා විද්‍යාත්මක වශයෙන් ආධාර උපකාර කිරීමටද අන්තර් රාජ්‍යයන් හරහා ඒ සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කරයි.

සංස්කෘතික උරුමයක් හෝ ස්වභාවික උරුමයක් විනාශ වීම සඳහා මූලිකවම මානව ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතූන් බලපා හැකිය. උරුමයන් විනාශ වීම් සඳහා සුළි සුළං, ගංවතුර, නායයෑම්, ජලගැලීම්, සුනාමි, ගිනිකඳු පිපිරීම් ආදී ස්වභාවික හේතූන් පාලනය කිරීමේ හැකියාවක් නොමැති වුවද මානව ක්‍රියාකාරකම් නිසා උරුමයන් විනාශයකට ලක් වන්නේ නම් එවැනි මානව ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ජාතික හා අන්තර්ජාතික මට්ටමෙන් රාජ්‍යයන්ට මැදිහත් විය හැක. උරුම කළමනාකරණයේ ප්‍රධාන කාර්යය වන්නේ හඳුනාගන්නා ලද උරුමයන් අනාගත පරම්පරාව වෙත පවත්වාගෙන යාම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් එම උරුමය ආරක්ෂාකර ගැනීමට කටයුතු කිරීමයි.


මොනවද මේ උරුම?

ලෝකයේ එක් එක් රාජ්‍යයන් තුළ ජීවත්වන මිනිසුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ඉස්මතුවන ආකාරයට පැරැන්නන් විසින් ගොඩනඟා ගන්නා වාස්තු විද්‍යාත්මක වැදගත්කමක් සහිත ගොඩනැඟිලි, චිත්‍ර, මූර්ති, ප්‍රතිමා, කැටයම් සහ විවිධ සංස්කෘතික කලාවන් ආදී උරුමයන් ඒ ඒ රාජ්‍යයන්හි සංස්කෘතික උරුමයන් වශයෙන් පෙන්වාදිය හැකි අතර ලෝකය පුරා පිහිටා ඇති එවැනි සංස්කෘතික උරුමයන් 869ක් යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය මගින් සංස්කෘතික ලෝක උරුම වශයෙන් ලෝක උරුම ලැයිස්තුවට එක් කොට ඇත. එමෙන්ම ලෝකය පුරා ව්‍යාප්තව ඇති වැසි වනාන්තර, කඳු, කාන්තාර, ගංගා, විල්, සාගර කලාප, මුහුදු තීර, ගිනිකඳු, කොරල්පර, ග්ලැසියර්, හිමකඳු ආදී වශයෙන් ලෝකයේ ජෛව විවිධත්වයෙන් ජෛව විද්‍යාත්මකව මෙන්ම ස්වභාවික සුන්දරත්වය මඟින් දායකත්වයක් දරන්නා වූ විවිධ පරිසර පද්ධතීන් ස්වභාවික උරුමයන් වශයෙන් නම් කළ හැකි අතර යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය මගින් එවැනි ස්වභාවික උරුමයන් 213ක් ස්වභාවික ලෝක උරුම වශයෙන් නම් කර ඇත. එමෙන්ම මෙම සංස්කෘතික සහ ස්වභාවික උරුම යන ද්විත්වයටම අදාළ උරුමයන් 39ක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුව තුළ දක්වා ඇත. ඊට අමතරව මෙම ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් නොවූවද එක් එක් රාජ්‍යයන් රාජ්‍ය මට්ටමෙන් තම රටවල් තුළ පිහිටි එවැනි වැදගත් උරුමයන් තමන් සතු සම්පත් වශයෙන් ප්‍රකාශයට පත්කර ඒවා ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර ඇත.

උරුම කළමනාකරණය සහ මානව ක්‍රියාකාරකම්

කුමන ආකාරයක හෝ උරුමයක් අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා මානව ක්‍රියා මැදිහත්වීම විමසා බැලීමේදී උරුමයන් ආරක්ෂා කිරීමට මෙන්ම උරුමයන් විනාශ කිරීමටද මානව ක්‍රියාකාරකම් බලපානු ලබයි. සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් මෙම තත්ත්වය විමසා බැලීමේදී සංස්කෘතික වටිනාකමක් සහිත ගොඩනැගිලි චිත්‍ර මූර්ති කැටයම් සහ අනෙකුත් නිර්මාණයන් සඳහා මිනිසුන් විසින් හානි පැමිණවීමද අනෙක් අතට විනාශ මුඛයට පත් වන සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් යටතේ ප්‍රතිසංස්කරණය, ආරක්ෂණය, පුනරුත්ථාපනය සහ නැවත ගොඩනැගීම් ආදී කාර්යයන් සඳහාද මානව මැදිහත්වීම් අත්‍යවශ්‍ය කාරණයක් වේ.
නමුත් මෙම මානව මැදිහත් වීම ස්වභාවික උරුමයන් සම්බන්ධයෙන් විමසා බැලීමේදී එය වෙනස් ආකාරයකින් දායක විය හැක. එහෙනම් මානවයා ස්වභාවික උරුමයන් වෙත ප්‍රවේශ වීම හැකිතාක් පාලනය කිරීම තුළින් එම ස්වභාවික පරිසරයන්ට නිදහසේ ස්වභාවිකව වර්ධනය වීමට අවස්ථාවක් උදාකර දිය හැක. එමඟින් ලෝකයේ මානව සම්පතට මෙන්ම සතුන්ගේ පැවැත්මට අවශ්‍ය කරන පිරිසිදු වාතය ජලය ආහාර ඖෂධ වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී. ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් කෙතරම් නීති පැවතියද ලෝකය පුරා සිදුවන සංවර්ධන ක්‍රියාදාමයන් සහ මානවයාගේ දෛනික පැවැත්ම සඳහා අසීමාන්තිකව ස්වභාවික සම්පත් භාවිතා කිරීම හේතුවෙන් ස්වභාවික උරුමයන් විනාශවීම සඳහා මානව ක්‍රියාකාරකම් ප්‍රධානතම හේතු සාධකය බවට පත්ව ඇති යුගයක කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකය පුරාම මානව ක්‍රියාකාරකම් සැලකිය යුතු මට්මෙන් ඇනහිටීමට ලක්ව තිබීම එය ස්වභාවික උරුම කළමනාකරණයේ දී ධනාත්මක ලෙස භාවිතයට ගැනීමේ හැකියාවක් පවතී. මක්නිසාදයත් සෞඛ්‍ය හේතූන් මත පුද්ගලයන් හුදකලා කිරීම කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා භාවිතා කරනවාසේම ඒ හරහා කිසිදු ආයාසයකින් තොරව ස්වභාවික උරුමයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මානවයාගේ මැදිහත්වීම පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව පවතී.



විශේෂයෙන් වසංගත තත්ත්වය හේතුවෙන් මානව ක්‍රියාකාරකම් පාලිත තත්ත්වයන් යටතේ පවතින බැවින් සංවර්ධන කටයුතු යම්තාක් දුරකට නැවතී තිබීම ගැටලුවක් ලෙස පෙනුණද එහිදී සිදුවන අනවසර කැලෑ කැපීම්, වැලි ගොඩදැමීම්, පස් කැපීම් ආදියද, සංචාරක ව්‍යාපාරය ඇනහිටීම තුළින් දේශීය ආර්ථිකයට පාඩු සිදු වුවද දේශීය හා විදේශීය සංචාරකයින් ස්වභාවික උරුමයන්ට ප්‍රවේශ වීම සීමා වී තිබීම එම පරිශ්‍රයන් ආශ්‍රිතව සිදුවන දුෂණයන් අවම වීමටද කර්මාන්තශාලා ආශ්‍රිත කටයුතු වෙනදාට වඩා යම් ප්‍රමාණයකින් අඩු වීම නිෂ්පාදන සීමා වීමට හේතු වුවද එමගින් පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය, විෂ වායු ආදියද අවම වීම ආදිය තුළින් යම් ප්‍රමාණයකින් හෝ ස්වභාවික පරිසරයට මානව මැදිහත්වීම අඩු වීම වක්‍රාකාරයෙන් ස්වභාවික සම්පත් නැවත වර්ධනයට හේතුවක් වේ. සංස්කෘතික උරුම කළමනාකරණයට වඩා ස්වභාවික උරුම කළමනාකරණය සම්බන්ධයෙන් මානව ක්‍රියාකාරකම් යම්තාක් දුරකට හෝ අවම මෙවැනි කාලයක එම තත්ත්වය සාධනීය මට්ටමෙන් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ශ්‍රී ලංකාව ආශ්‍රයෙන් විමසා බැලීමේදී යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය මගින් ශ්‍රී ලංකාවේ උරුමයන් අටක් ලෝක උරුම ලැයිස්තුවට අන්තර්ගත කර ඇති අතර ඉන් සිංහරාජ වැසි වනාන්තරය සහ සමස්ත මධ්‍යම කඳුකරයම ස්වභාවික ලෝක උරුමයන් යටතේ දක්වා ඇත. ඊට අමතරව සමස්ත රට පුරා විවිධ පාරිසරික කලාප තුළ පිහිටා ඇති අවශේෂ වනාන්තර, පරිසර පද්ධතීන්, තණබිම්, තෙත් බිම්, ගංගා, ඇළ දොළ, වැව්, සමුද්‍රීය පරිසර කලාප මෙරට වැදගත් ස්වභාවික උරුමයන් වශයෙන් රජය විසින් නම් කර ඇත. මෙම උරුම කළමනාකරණය යන කාර්යය පහසු කටයුත්තක් නොවන අතර එය පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන විසින් විද්‍යාත්මක පදනමක් යටතේ සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයට සම්බන්ධ අනුබද්ධ ආයතන විසින් උරුම කළමනාකරණ කාර්යයන් සඳහා මැදිහත් වේ. සමහර උරුමයන් ආශ්‍රිත පරිශ්‍ර තුළ මානව ජනාවාස පවතින්නේනම් උරුම කළමනාකරණ කටයුතු සහ මානව හැසිරීම් පාලනය කිරීමද ප්‍රවේශමෙන් කළ යුතුය. මක්නිසාදයත් උරුම පරිශ්‍රයන් ආශ්‍රිතව ජීවත්වන ජනතාව සමග ගැටුම් ඇති කර ගතහොත් උරුම කළමනාකරණ කාර්යයේදී ඔවුන්ගේ සහාය ලබා ගැනීමට නොහැකි වේ. යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය මගින්ද උරුමයන් ආරක්ෂා කිරීම සඳහා එම ප්‍රාදේශීය ජනතාවගේ සහයෝගය ලබා ගැනීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මෙරට පවත්නා සංස්කෘතික සහ ස්වභාවික උරුමයන් මූලික කර කරගෙන ක්‍රියාත්මක වන බැවින්ද වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය අඩපණ වී තිබීම මෙරට ආර්ථිකයට විශාල පාඩුවක් වුවද මෙම කාල සීමාව තුළ අප විසින් දේශීය උරුමයන් නිසි පරිදි කළමනාකරණය කර ගන්නේ නම් එය අනාගත සංචාරක කර්මාන්තය වෙනදාටත් වඩා වැඩියෙන් මේ රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමේ අනාගත ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැක. එහිදී දේශපාලන බල අධිකාරිය සහ වගකිව යුතු රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. නමුත් එයද නොසලකා හරිමින් ස්වභාවික උරුමයන් විනාශ කරමින් හෝ එම සම්පත් අවභාවිතා කිරීම සඳහා මෙම සමාජ දුරස්ථකරණය අයථාකාරයෙන් වාසි ප්‍රයෝජන ලබා ගැනීමට භාවිත කරන්නේ නම් සමස්ත සමාජයේම අයහපතට හේතු වීම නොවැළක්විය හැකිය. එය වර්තමානයට පමණක් නොව අනාගත පරම්පරාවටද ඛේදවාචකයක් ගෙන දෙන බව නොඅනුමානය. කෙටියෙන්ම කිවහොත් මෙම වසංගත තත්ත්වය යටතේ අපි අපේ ස්වභාවික උරුමයන්ට නිදහසේ වැඩෙන්නට හුදකලා කර තබමු.

නීතිඥ රුචිර රෝසා, කථිකාචාර්ය, විවෘත විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

තියෙන බලයත් උදුරාගන්නා අමුතු යෝග

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සුරක්ෂිත ගෙවීම් ක්‍රම රැසක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.