• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපෑම නවත්වන්න කියලා ලොකු ගෝරියක් දැම්මා

December 12, 2020
in Heart
Reading Time: 3 mins read
A A
රඟපෑම නවත්වන්න කියලා ලොකු ගෝරියක් දැම්මා
Share on WhatsAppShare on Facebook

රෑට චැනල් තුනකම ඉන්නවා…

අහිංසක චරිතවලට මැදිව සිටින ටෙලි තාරකාවන් අතර තරුෂි පෙරේරාට හිමි වන තැන ප්‍රමුඛය. රැලි සහිත දිගු කොණ්ඩය, අහිංසක හිනාව සමඟ ඇගේ හෙමින් කතාබහ තිබිණි. අහිංසක පෙම්වතියට තරුෂිව කොටුකර තබන්නට ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් හුරුව සිටියද වෙනස් චරිත රඟපෑමේ කැමැත්තක්ද තමා තුළ තිබෙන බව තරුෂි කිහිප වතාවක්ම මාධ්‍ය හමුවේ පවසා තිබිණි. අලුත් වැඩකට තරුෂි අත ගහන්න මානබලන බව ‘මව්රට’ට අහම්බෙන් වාගේ ආරංචි විය. ඒ ගැන තොරතුරු සනාථකර ගන්නට දුරකතන ඇමැතුමක් දෙන මොහොතේ තරුෂි සිටියේ රූගත කිරීමකය. හැමදාමත් මාධ්‍ය සමඟ සුහදව සිටින, තිරයේ වාගෙම සැබෑවටද නිහතමානී චරිතයක් වූ තරුෂි සිය කාර්යබහුල පසුබිම මැද ‘හාට්’ සමඟ සුහද කෙටි කතාබහක නියැළුණේ මෙලෙසිනි.
මේ දවස්වල ඔබ බොහෝ කාර්යබහුලයි?
ටෙලිනාට්‍ය තුනකම රූගත කිරීම් විටින් විට යෙදෙනවා. නීල පබළු, අකුරු මැකී නෑ සහ දෙවැනි ඉනිම සමඟ කඩින්කඩ එය සිදුවෙනවා.
එක රැයක චැනල් තුනක ඔබ විවිධ චරිත මවනවා?
ඔව්… ප්‍රේක්‍ෂකයන් අතර හැමදාම රැඳී සිටීම ගැන සතුටක් දැනෙනවා.
කොහොමද තරුෂි ඔය සියලුම රූගත කිරීම් බැලන්ස්කර ගන්නෙ?
රූගත කිරීම් සියල්ල සිදුවන්නේ කොට්ටාව, පන්නිපිටිය වැනි ලොකු දුරක් නැති පළාත්වල නිසා ලොකු ගැටලුවක් නැහැ. කොහොමත් මට චරිත සඳහා තිරපිටපත ලැබෙනකොට වුණත් ඈත පළාත්වලට යන අවදානම ගන්නේ නැහැ. මොකද පුතා තාම පුංචි නිසා. උදේ ගිහින් සවස එන්න පුළුවන් නාට්‍යවලට පමණයි වැඩියෙන්ම සහභාගි වන්නේ. මහත්තයත් ළඟ නැති නිසා පුතාට මම නැති තනිය දෙන්න මම කැමැති නැහැ.
රඟපෑමෙන් අයින් වෙන්න කියලා ඒ දවස්වල මහත්තයා පුංචි ගෝරියකුත් ඇද්දා නේද?
පුංචි ගෝරියක් නම් නෙවෙයි. ඒක ටිකක් ලොකුවට ගිය ගෝරියක්. මම මේ ගැන මීට කලින් මාධ්‍යයකට කිව්වෙත් නැහැ. බඳිනකල් සද්ද නැතුව ඉඳලා බැන්දට පස්සෙ කිවුවා බාර අරගෙන තියෙන ඒවා ඉවර කරලා රඟපෑමෙන් අයින් වෙන්නය කියලා. හරිම තද විදියට සුමේධ ඒක කිව්වේ. අනිවාර්යයෙන්ම මට එය කළ යුතුවම තිබුණා. බාර ගත්ත නාට්‍ය ටික ඉවර වුණු හැටියෙම වාගේ මම ප්‍රෙග්නට් වුණායින් පසු ඉබේටම වාගේ තාවකාලිකව හෝ රංගනයෙන් ඈත්ව ඉන්න සිද්ධ වුණා.
සුමේධට මාර සතුටක් දැනෙන්න ඇති?
අනේ එහෙමමත් නැහැ. ඉතින්… සුමේධ නපුරු කෙනෙක් නෙවෙයි. රඟපෑමෙන් අයින් වෙන්න කියලා ඔහු පණවපු අණ තුළ බොහෝ විට තිබුණේ ඊර්ෂ්‍යාව… තරුණ නළුවො එක්ක මම පෙම් චරිත කරන එකට සුමේධ කැමැති වුණේ නැහැ. පිරිමි කොහොමත් එහෙමයි… ඔය වාගේ තැන්වලදී බොළඳයිනේ ඉතින්.
රඟපානවට අකැමැති නම් සුමේධ නිළියක්ව බැන්දෙ ඇයි තරුෂි?
ඒක තමයි අපූරු කතාව. මගෙයි සුමේධගෙයි මැරෙජ් එක සිද්ධ වුණේ ප්‍රොපෝසල් එකකිනුයි. මාව බලලා කැමැති වෙලා දවස් කිහිපයක්ම මනමාල ගම් යනතුරුත් ඔහු දන්නෙ නැහැ මම නිළියක්ය කියලා. ඔහුවත් ඔහුගේ ගෙදර අයවත් ටෙලිනාට්‍ය බලන අය නෙවෙයි. ඒ හින්දා ටික දවසක් යනතුරු සුමේධට මං ගැන නිනව්වක් තිබුණේ නැහැ. එක දවසක් මට කිවුවා, තරුෂි මම මීට කලින් ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවාය කියලා.
හොරේ එතැනදී එළිවුණාද ඉතින්?
හොරයක් තිබුණේ නැහැ. ඉතින් එතැන ආව දවස් ටිකේ මගේ නිළිකම ගැන ඇහුවෙ නැති නිසා මමත් ඉතින් උජාරු කියන්න ගියේ නැහැ එයාට.
හරි… හරි… රඟපෑමට ආයෙම අවසර ගත්ත හැටි කියමුකෝ?
ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරු කිහිපදෙනෙක්ම බොහොම කරුණාවෙන් එයාට තේරුම්කර දුන්නා. පස්සෙ ඉතින් යාන්තං අවසර ලැබුණා. හැබැයි චරිත තෝරා බේරා ගැනීම සහ දුර පළාත්වල ෂූටින් යන එක ගැන එයාගේ අනුමැතිය තුළ තමයි නැවැත ආරම්භය සිදුවුණේ. ඒ වගේම සුමේධ මගේ රංගන කටයුතු සඳහා ලංකාවේ ඉන්න දවස්වලට හොඳ සහායක් දුන්නා. උත්සවවලට වගේම රියැලිටි වැනි පෝග්‍රෑම්වලටත් සුමේධ මා එක්ක හරිම සතුටින් සහභාගි වීම මට ලොකු සතුටක්. ඇත්තටම, ඒ වගේම සුමේධ හොඳ හස්බන්ඞ් කෙනෙක්. බොහෝ විට මම සාප්පුවකට ගියත්, උත්සවයකට යන්න වුණත් මට හරියන ඇඳුම – පැලඳුම තෝරා දෙන්නට තරම් ඔහුගේ ඒ ‘හොඳකම’ ආදරණීයයි.
තරුෂි අලුත් වැඩකට අතගහන්න යන්නෙත් සුමේධගේ කැමැත්ත ඇතුවද?
අලුත් වැඩකට අත ගසන්න ඒ මොකක්ද? කවුද කිවුවේ. මම දන්නෙවත් නැහැනෙ.
අගේ නොකර කියන්න… අපට හෝඩුවාවක් දැනුණා?
නොකියා ඉන්නෙ නැහැ. අනිවාර්යයෙන් කියනවා. විශේෂයෙන් ආරංචිය මුලින්ම ‘මව්රට’ හාට් එකට කියන්නම්. හැබැයි දැන්මම නෙවෙයි. තව ටිකක් මට කල් දෙන්නකෝ.
ඇස්වහ වදියි කියලා බයයිද තරුෂි?
අයියෝ නැහැ. ටිකක් ඉන්නකෝ වෙලාව ආවම මම ම කෝල් කරලා ඉන්ටර්වීව් එකක් ඉල්ලලා කාරණය කියන්නම්.
හොඳයි තරුෂි එහෙම නම් රහසිගත මෙහෙවරට සුබපැතුම්?
ගොඩක් ස්තුතියි.., ඉක්මනින්ම ඔයාලා එක්ක ඒ ගැන කතා කරන අවස්ථාව එනකල් මම බලාන ඉන්නවා හොඳේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දැන් අපිට අවුරුදු හතරයි

Next Post

තියෙන බලයත් උදුරාගන්නා අමුතු යෝග

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.