දීර්ඝ කාලයක පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් කටයුතු කරනු ලබන ස්වේච්ඡා සංවිධානයක් වන ජීවායු පෞද්ගලික සමාගම පරිසරය සම්බන්ධ තත්කාලීන ගැටලු හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් විද්‍යාත්මක විසඳුම් ලබාදීම මෙන්ම පළාත් පාලන ආයතයන්ට අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළව තාක්ෂණික උපදෙස් හා මඟපෙන්වීම ලබාදීම අරමුණු කරගනිමින් පිහිටුවූ සමාගමක් ලෙස හැඳින්විය හැකිය. එකී අරමුණින් යුතුව මෙම සමාගම පිහිටුවීමෙන් පසු එහි පළමු සමාජ සත්කාරක සේවාව ලෙස අනුරාධපුර නගර සභාව අපද්‍රව්‍ය කළමනාකරණ සම්බන්ධයෙන් පැන නැඟී තිබූ ගැටලුකාරී තත්ත්වය සඳහා කෙටි කාලයක් තුළ විසඳුම් ලබාදීමට සමත්විණි.
අනතුරුව ගෝලීය වසංගතයක් ලෙස කොවිඞ් 19 වෛරසය 2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව තුළද ව්‍යාප්ත වීම හමුවේ එය විශේෂිත තත්ත්වයක් ලෙස සලකා ජීවායු ආයතනය සමඟින් ලාංකික ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගන්නා ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් පාරම්පරික හෙළ වෛද්‍යාචාරයවරයකු සමඟ සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ලත් ඖෂධ නිෂ්පාදනාගාරයක් වන ‘සුඛී දීඝායු’ ආයුර්වේද නිෂ්පාදනාගාරයේදී සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දේශීය ඖෂධ යොදාගනිමින් ‘ජීවායු ප්‍රතිජීවක ඖෂධය’ නිපදවීම සිදුකරන ලදී.











