ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය සමාජ මාධ්‍ය තොරතුරු සහ අලෙවි සේවා වෙනුවෙන් 2020 වසරේ ‘Vega’ ඩිජිටල් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ අලෙවි සේවා වාර්ෂිකව ඇගයීමට ලක් කරන ‘Vega’ ඩිජිටල් සම්මාන උළෙල මෙම ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැක. මෙම වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් HNB FINANCE විසින් නිර්මාණය කළ අපේ ගෙදර අවුරුදු නම් වූ ඩිජිටල් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන ‘Vega’ඩිජිටල් සම්මාන උළෙලේදී ඉහළ පිළිගැනීමක් සහිත ‘Arcturus Award’ සම්මානයෙන් පිදුම් ලැබීය.
HNB FINANCE විසින් හිමිකර ගත් මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වන සමාගමේ අලෙවි අංශ ප්‍රධානී උදාර ගුණසිංහ මහතා “කෝවිඞ් වසංගතය පැතිරීමත් සමගම රට වසා දැමීම නිසා අපගේ සාමාන්‍ය ඩිජිටල් සේවාවන් තුළින් ජනතාව වෙත ධනාත්මක සන්නිවේදනයක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් පසුගිය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම අපේ ගෙදර අවුරුදු ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන අපි දියත් කරනු ලැබුවා. එය ජනතාව ආදරයෙන් වැලඳ ගත් අතර මෙහි සංකල්පීය විශිෂ්ටත්වය ජාත්‍යන්තරය මගින්ද ඇගයීමට ලක් වීම අප ලද ජයග්‍රහණයක් ලෙස මම දකිනවා. පසුගිය කාලය පුරාවටම නවෝත්පාදනයන් වෙත යෑමට සහ අපගේ සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීමට ගත් වෑයම මේ වන විට සාර්ථකව ඇති බව මෙම සම්මානයන් හරහා තහවුරු වෙනවා.” යනුවෙන් පැවසීය.











