සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත හා අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කඳවුරු මාලාවේ හතරවන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී 2019.08.25 වැනි දින පැවැත්විණි.
වසරේ දින වැඩිම ගණනක් තම ශරීර සෞඛය ගැන හෝ නොතකා නොයෙක් රෝගාබාධයන්ගෙන් පීඩා විඳිමින් ලොතරැයි අලෙවියෙහි යෙදෙන අලෙවි නියෝජිත, අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම මෙන්ම අක්ෂි පරීක්ෂාව සහ ඇස් කණ්ණාඩි ලබාදීමද එහිදී සිදුවිය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් 600කට ආසන්න පිරිසක් මෙම වෛද්‍ය කඳවුර සඳහා සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී විකුණුම් සුනිල් ජයරත්න මහතා, කලාප කළමනාකරු රංග රණතුංග මහතා ඇතුළු පිරිස සහභාගි වූහ.