• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගුණවත් වාසනාවන්ත පංචකල්‍යාණියක් තෝරාගන්න

November 28, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ගුණවත් වාසනාවන්ත පංචකල්‍යාණියක් තෝරාගන්න
Share on WhatsAppShare on Facebook

වචනයෙන් කියාගත නොහැකි වුවද, විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත්, ගුණවත්, වාසනාවන්ත බිරියක් ලැබීමය. ගුණවත්, කරුණාවන්ත බිරියක් ලබන තැනැත්තා සැබැවින්ම වාසනාවන්තයෙකි. බුදු දහමේද භාර්යාවරු සත් දෙනෙක් පිළිබඳ සඳහන් වෙයි. ඒ වධක, චෝර, ස්වාමි, දාසි, සඛී, භගිනි හා මාතෘ භාර්යා යනුවෙනි. ඒ අතුරින් මාතෘ වර්ගයේ භාර්යාවෝ ලබන්නෝ ඉතාම වාසනාවන්ත බව සඳහන් වෙයි. එසේම දේහ ලක්‍ෂණ විiාවේදීද ස්ත්‍රීන් සතර ආකාරයකට වර්ග කර ඇත. ඒ පද්මිණී, චිත්‍රිනී, සංඛිනී හා හස්තිනී වර්ගයේ ස්ත්‍රීන් යනුවෙනි. දේහ ලක්‍ෂණ විiාවට අනුව පද්මිනී හෝ චිත්‍රිනී වර්ගයේ ස්ත්‍රියක් තම බිරිය ලෙස ලබන තැනැත්තා ඉතා වාසනාවන්ත බව සඳහන් වෙයි. තවද පද්මිණී වර්ගයේ ස්ත්‍රීන් මාතෘ භාර්යා ගණයට වැටෙන බවද සඳහන්ය. ජ්‍යොතිෂමය වශයෙන් ජන්ම නැකැත අනුවද ස්ත්‍රීන් වර්ග කළ හැකිය. එහිදී මුවසිරස, ඇස්ලිස, පුවපල්, පුවසල් හා උත්‍රසල යන නැකැත් පද්මිණී වර්ගයේ ස්ත්‍රීන්ට හිමි බව සඳහන්ය. එසේම චිත්‍රිනී වර්ගයේ ස්ත්‍රීන්ට මුල, විසා හා උත්‍රපල් යන නැකැත්ද සංඛිනී වර්ගයේ ස්ත්‍රීන්ට කැති, හත, අනුර හා දෙනට යන නැකැත්ද, හස්තිනී වර්ගයේ ස්ත්‍රීන්ට සියාවස හා රේවතී යන නැකැත්ද අයත් බව සඳහන් වෙයි.

රූමත් දුටුවන් නෙත් සිත් බඳනා අඟපසඟක් හිමි වීමට අනිවාර්යයෙන්ම පෙර පින් තිබිය යුතුය. එවැනි පෙර පින් ඇත්තියක් පංච කල්‍යාණියන් ලෙස හඳුන්වයි. අංග ලක්‍ෂණ විiාවේදී පංච කල්‍යාණය ලෙස ස්ත්‍රීයන් සතු කරුණු 5ක් ලෙස සලකා ඇත. ඒ දන්ත, ඡවි, කේෂ, මාංශ හා වයස් යන කරුණු වෙයි. දන්ත කල්‍යාණයන්හි ප්‍රශස්ථ මට්ටම් සලකා පංච කල්‍යාණියක් යන වග තීරණය කළ හැකිය.

ජ්‍යොතිෂයට අනුවද දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට කේනදර සටහනක් දුටු පමණින්ම එම කේන්දර හිමි තැනැත්තියගේ රූප ස්වභාවය, අඟපසඟ මෙන්ම ගතිගුණද මනාව අවබෝධ කරගත හැකිය. එලෙස ජ්‍යොතිෂයේ පංච කල්‍යාණියක්ද යන්න හඳුනාගත හැකි ග්‍රහ පිහිටීම් කිහිපයකි.
ඒ මෙසේය.

  1. ලග්නාධිපති ග්‍රහයා ලග්නගතව සඳු සමඟ සිටීම.
  2. ලග්නාධිපති ග්‍රහයා බලවත්ව ලග්නයේ වීම.
  3. පුර පක්‍ෂයේ බලවත් චන්ද්‍රයා ලග්නගත වීම.
  4. චන්ද්‍ර සහ ගුරු යන ග්‍රහයන් ලග්නගතවීම. එලෙස ලග්න ගතවූ චන්ද්‍ර හා ගුරුට 5 වැන්නේ හෝ 7 වැන්නේ හෝ 9 වැන්නේ හෝ සිටින සිකුරුගේ දෘෂ්ටිය ලැබීම.
  5. 5 වැන්නේ හෝ 9 වැන්නේ හෝ ගුරු – සිකුරු පිහිටීම.
  6. ලග්නාධිපති 7 අධිපති වී සෞම්‍ය ග්‍රහයන් යෝග වීම.
  7. සිකුරු 7 අධිපති වී සෞම්‍ය ග්‍රහයන් සමඟ සිටීම.
  8. 7 අධිපති ගුරු සමඟ හෝ ගුරුගේ දෘෂ්ටියට ලක්වීම.
  9. ලග්නයෙන් 7 වැන්නේ බලවත් ගුරු හෝ සඳු සිටීම.
  10. සඳුගෙන් 7 වැන්නේ ගුරු සිටීම.
  11. ලග්නය තුලා මකර, කුම්භ වී ශනි එහි සිට සුබ දෘෂ්ටි ලැබීම.
  12. 9 වැන්නේ සිකුරු – සඳු – ගුරු පිහිටීම.

    මීට අතිරේකව චන්ද්‍ර, කුජ හෙවත් චන්ද්‍ර මංගල යෝගය, සිකුරු කුජ හෙවත් සිකුරු මංගල යෝගය යෙදුණු කේන්දර හිමි තැනැත්තියන්ද ඉතා රූමත් සුරූපිනියන්ය. එය එසේ සිදුවන්නේ එම යෝගයනට පාප දෘෂ්ටි නොවැටීම හා එම ග්‍රහයන් බලවත්භාවය මතය. එය එසේ වුවද මෙම යෝග හිමි ස්ත්‍රීන් කාමාධිකය. සෙල්ලක්කාරය. යම් අයුරකින් උක්ත යෝගයකට රාහු කවර ආකාරයෙන් හෝ සම්බන්ධ වුවහොත් බොහෝ විට තම චරිතය කැළැල් කරගැනීමේ ප්‍රවණතාවක් ඇත. එසේ කුජ, රාහු වැනි පාපී ග්‍රහයන් 7 වැන්න, 8 වැන්න වැනි ස්ථානවල වීමද චරිතය අපිරිසුදු කරගැනීමේ අවධානමක් ඇති වන බව ජ්‍යොතිෂයේ සඳහන්ය.
    ස්ත්‍රී අඟපසඟ සම්බන්ධයෙන්ද යම් අදහසක් ග්‍රහ පිහිටීම් තුළින් නිගමනය කළ හැකිය.
  13. ස්ත්‍රී කේන්දරයක කුජ ග්‍රහයා 4 වැන්නේ බලවත්ව සිටින කල මනාව වැඩුණු ඉදිරියට නෙරූ කවාකාර පියයුරු සඟලකට හිමිකම් කියයි.
  14. 4 වැන්නේ සඳු, කුජ පිහිටි ළඳුන්ගේ ඉණ ඉතාම හැඩය. උකුල පුළුල්ය. පියයුරුද මනාව පිහිටා ඇත.
  15. 7 වැන්නේ සඳු, ගුරු, කුජ පිහිටි ළඳුන් මසින් පිරි දුටුවන් නෙත් සිත් බඳනා කලවා යුග්මයකට හිමිකම් කියයි.

    ඉහත සඳහන් ආකාරයේ ස්ත්‍රී අවයවවල ස්වභාවය, පැහැය හා මෘදු මොලොක් භාවයේ සම්බන්ධ ග්‍රහ පිහිටීම් ගණනාවකි. එහෙත් ඒ සියල්ල සවිස්තරව මෙහි සඳහන් නොකළේ ලිවීමට තරම් සුදුසු නොවේ යැයි හැඟුණු බැවිනි. තවද, විධිමත් කේන්දර පරීක්‍ෂාවකදී වාසනාවන්ත විවාහ හිමි ස්ත්‍රීන් මෙන්ම නපුරු, කෲර ගතිගුණවලින් යුත් ස්ත්‍රීන් බිහිවන පිහිටීම්ද ජ්‍යොතිෂවේදීන්ට පහසුවෙන් හඳුනාගත හැකිය. වාසනාවන්ත විවාහයක් හිමි පිහිටීම් ගණනාවකි.
    ඒ මෙසේය.
  16. පාප දෘෂ්ටිවලින් තොර සුබ ග්‍රහයකු ලග්න ගතවීම.
  17. 5 වැන්නේ ගුරු, ශුක්‍ර සංයෝගය පිහිටීම.
  18. පුර පාර්ශ්වයේ ඉපදී 7 වැන්නේ බුධ, ශුක්‍ර යෝග වී සිටීම.
  19. 7 වැන්න කටකය වී ගුරු ග්‍රහයා එහි සිටීම.
  20. 7 වැන්නේ සඳු, බුධ සංයෝග වීම හා ඊට සුබ දෘෂ්ටි ලැබීම.
  21. ලග්නයේ ගුරුත්, 7 වැන්නේ සඳුත්, 10 වැන්නේ සිකුරුත් පිහිටීම.
  22. ලග්නයේ හෝ 4 වැන්නේ බලවත් සඳු, බුධ, ගුරු, සිකුරු සිටීම.
  23. ලග්නාධිපති හා 7 වැන්නාධිපති 7 වැන්නේ සිටිමින් ගුරු හෝ සඳුගේ දෘෂ්ටියට ලක්වීම.
  24. ගුරුගේ දෘෂ්ටියට ලක්වන 7 වැන්නේ බුධ, ශුක්‍ර සංයෝගය තිබීම සමඟම 11 වැන්නේ සඳු පිහිටීම.

    කරුණු කාරණා කෙසේ වෙතත් විවාහයක් සඳහා පොරොන්දම් පරීක්‍ෂාවේදී විසි පොරොන්දම් ප්‍රතිශතය 75% ඉක්මවා ගැළපුණද, අෂ්ඨ කූටය ඉතා යහපත් මට්ටමක තිබුණද සුදර්ශන චක්‍රය පවා හොඳින් ගැළපුණද ස්ත්‍රී කේන්දරයට පුරුෂ කේන්දරයේ ගැළපීම කෙසේද යන්න විමර්ශනාත්මකව බැලිය යුතුමය. එහිදී විවාහ දෝෂ කෙරෙහිද ඒවා භංග වන ආකාරය කෙරෙහිද විශේෂ අවධානය යොමු කළ යුතුය. එවිට ඉතාම සාර්ථක, වාසනාවන්ත, ප්‍රීතිමත් යුග දිවියක් හිමිකර ගත හැකිය. ඔබත් ඉහත කරුණු කාරණා සැලකිල්ලට ගෙන රූපය, අඟපසඟ, සිනහව, කතාව වැනි දෑට වශී නොවී ස්ත්‍රීන්ට මිල කළ නොහැකි ආභරණ බඳු වූ නිහතමානීකම, කීකරුකම, සරල චාම් බව, කරුණාවන්තකම, ගුණගරුකභාවය, දැහැමි බව වැනි උතුම් ගුණයන්ගෙන් හෙබි ළඳක් ඔබගේ අනාගත භාර්යාව ලෙස තෝරා ගන්න. එවිට ඔබගේ ඉදිරි අනාගත ජීවිතය ඉතාම සාර්ථක, ප්‍රීතිමත්, සැපත, සතුට උතුරා යන සෞභාග්‍යවත් එකක් වනු නියතය.
    ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

වික්ටර් ‘ස’ – ගෝඨා ‘ස’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

යකෙක් එක්ක පවුල්කන අනුරුද්ධිකා

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.