• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වික්ටර් ‘ස’ – ගෝඨා ‘ස’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

November 28, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
වික්ටර් ‘ස’ – ගෝඨා ‘ස’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ පළමු ඒකපුද්ගල සංගීත ප්‍රසංගය තිබ්බේ ප්‍රවීණ ගායකයකු වන වික්ටර් රත්නායකයන්ය. ඒ 1973 දීය. වික්ටර් 1973 දී මේ විදිහට ඒකපුද්ගල ගී ප්‍රසංගයක් තියනකම් ලංකාවේ කිසිම කලාකාරයෙක් ඒ විදිහේ ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වා තිබුණේ නැත. ලංකාවේ කලාකාරයෝ එහෙම ඒකපුද්ගල ගී ප්‍රසංග ගැන අහලවත් තිබුණේ නැත. වික්ටර් ඒකට නම තිබ්බේ ‘ස’ ප්‍රසංගය කියලාය.

73 දී ‘ස’ ප්‍රසංගය ආරම්භ කරන්න ඔක්කොම කටයුතු ලෑස්ති කරද්දී වික්ටර්ගේ හිතේ ලොකු බයක් තිබිණ. ඒ පළමුවරට පවත්වන මේ ඒකපුද්ගල ගී ප්‍රසංගය සාර්ථක වෙයිද කියාය. මීට පෙර එහෙම එකක් කරල තිබ්බෙ නැති නිසා වික්ටර් ‘ස’ ප්‍රසංගය පටන් ගත්තේම විශාල දෙගිඩියාවකින් යුක්තවය.

හැබැයි වික්ටර් හිතුවාටත් වඩා ‘ස’ ප්‍රසංගය මිනිස්සුන්ට අල්ලලා ගියේය. පළමුවැනි ෂෝ එකටම කට කපලා සෙනග ලුම්බිණි රඟහලට පැමිණ සිටියහ. ‘ස’ කොච්චර රටට අල්ලලා ගියාද කියනවා නම් වික්ටර් ලුම්බිණියේ තිබ්බ පළමු ෂෝ එකෙන් පස්සෙ රට වටේම ‘ස’ ප්‍රසංගය රැගෙන ගියේය. සිංහල ජනතාව අතර පමණක් නොව දෙමළ ජනතාව අතර පවා ‘ස’ ප්‍රසංගයට මහත් ඉල්ලුමක් තිබිණ. ඒ නිසාම යාපනයේ ජනතාවගෙන්ද වික්ටර්ට ‘ස’ ප්‍රසංගය යාපනයට රැගෙන එන ලෙසට විශාල ඉල්ලුමක් ආවේය. ඒ අනුව වික්ටර් යාපනයටද ‘ස’ අරන් ගියේය. එදාද වික්ටර්ගේ ‘ස’ බලන්න දෙමළ ජනතාව වැළ නොකැඩී පැමිණ තිබිණ. සෙනඟ කොච්චර ආවාද කියනවා නම් ටිකට් ඉවර වී ජනතාව හෝල් එකෙන් එළියේ සිටගෙනද වික්ටර්ගේ ‘ස’ අසා සිටියේය. ඒ විතරක් නොව යාපනයට ආ වික්ටර්ව මල් මාලා දාලා ඉතා ඉහළින් පිළිගැනීමටද ජනතාව කටයුතු කර තිබිණ.

වික්ටර්ගේ මේ ‘ස’ එකපාරටම මතක් වුණේ මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල නිතරම කියැවෙන තවත් ‘ස’ කෙනෙක් නිසාය. ඒ ‘ස’ වෙන කවුරුවත් නොව ගෝඨාභය රාජපක්ෂය. ගෝඨාට ලැදි සමාජ මාධ්‍ය ජාලා හිතෛශීන් ගෝඨාට ආදරයට කියන්නේ ‘ස’ යැයි කියාය. අද ඒක විපක්ෂය සමච්චලයට අරගෙන ‘ස…’ ‘ස…’ කියමින් සමාජ මාධ්‍ය ජාලාවල ගෝඨාට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරන ආකාරයක් දැකගන්නට ඇත. විපක්ෂය එය නිර්මාණය කොට ඇත්තේ ‘ස… ෆේල්’ යැයි කියාය. පසුගිය සති දෙක තුන තුළ තිස්සේ විපක්ෂය මහ ඉහළින් සමාජ මාධ්‍ය ජාලාවල මේ ‘ස… ෆේල්’ කැම්පේන් එක දියත් කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත.

‘විපක්ෂය කියන විදිහට ඇත්තටම ‘ස’ ෆේල්ද?’

‘එහෙම නැත්නම් පළමු වතාවට රටට ‘ස’ ප්‍රසංගය හඳුන්වලා දීලා වික්ටර් රත්නායක අතිසාර්ථක වුණා වගේ ගෝඨාත් අති සාර්ථක වෙයිද?’

විපක්ෂය ‘ස.. ෆේල්’ කිය කියා සෝෂල් මීඩියාවල ඩෙඟා නැටුවාට ගෝඨා දේශපාලකයකු වශයෙන් මේ වන විට සාර්ථක ගමනක් ආරම්භ කොට ඇති බවක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය තනි සිංහල, බෞද්ධ ඡන්දවලින් ජයග්‍රහණය කළද රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු තමන් මුළු රටටම ජනාධිපතිවරයා බව ගෝඨා මේ වනවිට ඔප්පු කරමින් සිටී. ඒ අනුව ඉතා කෙටි කාලයක් ඇතුළත ගෝඨා මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගත්තේය. විස්ස සම්මත කරගත් අවස්ථාවේ මුස්ලිම් මන්ත්‍රිවරු විස්සට පක්ෂව අත් ඉස්සුවේ ඒ නිසාය.

“රිෂාඞ්ව නිදහස් කරගන්න ඕනෙ නිසා තමයි මුස්ලිම් මන්ත්‍රිවරු ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාල විස්සට අත ඉස්සුවෙ”

මුස්ලිම් මන්ත්‍රිවරු විස්සට පක්ෂව අත උස්සද්දී විපක්ෂය කීවේ එහෙම කතාවක්ය.

හැබැයි විපක්ෂය කී ඒ කතාව ඇත්තක් නම් විස්ස සම්මත වෙලා දවස් දෙක තුනක් යද්දී රිෂාඞ්ට ඇප ලැබිය යුතුව තිබිණ. නමුත් රිෂාඞ්ට එහෙම ඇප ලැබුණේ නැත. රිෂාඞ්ට ඇප ලැබුණේ පසුගිය බදාදා දිනය. විස්ස සම්මත වීමෙන් අනතුරුවත් සති තුනක පමණ කාලයක් රිෂාඞ්ට ඇතුලේ තපින්නට සිදුවිය.

ඒ නිසා විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රිවරුන් විස්සට සහාය දුන්නේ ඩීල් එකක් දමා රිෂාඞ්ට නඩු නොදමා ඇප ලබාගන්නට නොව ගෝඨා ගැන විශ්වාසයක් මතුව තිබුණ නිසාය. ඊට හේතුව වී තිබුණේ ගෝඨා සිංහල, බෞද්ධ ඡන්දවලින් ආවත් විශාල දේශපාලන අවදානමක් ගෙන මුස්ලිම් ජාතිකයකු වූ අලි සබි්‍රට අධිකරණ අමාත්‍ය ධුරය ලබාදීමය. විස්සෙන් ගෝඨාගේ බලතල වැඩි කරගන්නවාට මුස්ලිම් මන්ත්‍රිවරු බය නැතිව ඡන්දෙ දුන්නේ ඒ විශ්වාසය නිසාය.

මේ විදිහට විසිවැනි සංශෝධනයට මුස්ලිම් මන්ත්‍රිවරු තමන්ගේ ගොඩට ගත් ගෝඨා මෙවර අය වැයෙන් දෙමළ ජාතික සන්ධානයද තමන්ගේ ගොඩට ගන්නට මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකයා වූ සුමන්තිරන් හරහාය. පසුගිය කාලය පුරා සුමන්තිරන්ලා සිටියේ ගෝඨාත් සමඟ දේශපාලන සංවාදයක් ඇතිකර ගැනීමේ වුවමනාවෙන්ය. ඒ නිසාම සාකච්ඡාවක් සඳහා පණිවුඩ කිහිපයක්ම දෙමළ ජාතික සන්ධානයෙන් ගෝඨා වෙත ඇවිත් තිබිණ.

පසුගිය දිනෙක දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු මන්ත්‍රිවරයා වූ ශානක්‍ය රාසමාණික්කම් හමුවී ගෝඨා ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට පියවර ගෙන තිබිණ. ඉකුත් ජනාධිපතිවරණයේදී තමන්ව පරාජය කිරීමට රනිල්ලා, සජිත්ලා සමඟ එකතුව දෙමළ ජාතික සන්ධානය උතුරු නැඟෙනහිර අමු ජාතිවාදී කැම්පේන් එකක් සිදුකළද ගෝඨා ඒ කිසිවක් හිතේ තියාගෙන සිටියේ නැත. ගෝඨා බලන්නේ මුස්ලිම් ජනතාව ආණ්ඩුවට එකතු කරගත්තා සේ දෙමළ ජනතාවද ආණ්ඩුවට එකකු කරගෙන රටේ හතර දිසාවම එක සේ සංවර්ධනය කරන්නටය. රටට එන ප්‍රශ්න විසඳා ගන්නටය.

මොකද ලබන මාර්තුවල ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවක් මේ වන විට දැනගන්නට තිබේ. මේ තත්ත්වය ලංකාවට අසීරු වනු ඇති බව ආණ්ඩුව නොදන්නවා නොවේ. එම නිසා ලංකාව මෙම ප්‍රශ්නයෙන් බේරා ගැනීමට නම් දෙමළ ජාතික සන්ධානයේ සහාය ආණ්ඩුවට අවශ්‍යය. විශේෂයෙන්ම සුමන්තිරන්ලාගේ සහාය ගෝඨාභයට අවශ්‍යය. මොකද සුමන්තිරන්ලා සහ දෙමළ ඩයස්පෝරාව අතර පවතින්නේ ඉතා සමීප සබඳතාවයකි. සුමන්තිරන්ලා දෙමළ ඩයස්පෝරාවේ උවමනා එපාකම්වලට හැසිරෙනවා සේම දෙමළ ඩයස්පෝරාවද සුමන්තිරන්ලාගේ උවමනා එපාකම්වලට අනුව හැසිරෙන බව ආණ්ඩුව දනී. ඒ නිසා ආණ්ඩුවට උවමනා වී ඇත්තේ උපායශීලීව මේ දෙපාර්ශ්වයම කළමනාකරණය කරගෙන ලංකාවට මුහුණදීමට නියමිතව ඇති මානව හිමිකම් ප්‍රශ්නයෙන් ගොඩ එන්නටය.

ඒ නිසා සෝෂල් මීඩියාවල මොන තරම් ‘ස.. ෆේල්, ස.. ෆේල්’ කියලා මඩ ගැහුවත් ගෝඨා ඒ කිසිවක් සත පහකට ගණන් ගන්නේ නැත්තේ යන පාර පැහැදිලිවම පෙනෙන්නට තියෙන නිසාය.

“මම සාර්ථකද නැද්ද කියල තීරණය කරන්නෙ සමාජ මාධ්‍ය නෙමෙයි. ඒක රටේ ජනතාව ඉදිරියෙදි තීරණය කරයි”

පසුගියදා ගෝඨා ජාතිය අමතමින් බය නැතිව මෙහෙම කිව්වේ ඒ නිසාය.

ගෝඨා කීව ඒ කතාව සහතික ඇත්තය. මොකද ගෝඨා ඒ කතාව පළමු කොරෝනා රැල්ලේදී රටට ඔප්පු කර පෙන්නුවේය. පළමු කොරෝනා රැල්ල එද්දී ජනාධිපතිවරණය පවත්වා මාස දෙක තුනක් ගත වූවා පමණි. ඒ පළමු කොරෝනා රැල්ලෙන් රටේ විශාල රස්සා ප්‍රමාණයක් නැතිව ගියේය. මිනිසුන්ගේ පඩි කැපිණ. බඩු මිල ඉහළ ගියේය. ව්‍යාපාරික ස්ථාන වැසී ගියේය. රස්සා නැතිව දහස් ගණනක් පිටරට සිටි ලාංකිකයන් ලංකාවට ආවේය.

මේ නිසා ඔක්කොම හිතුවේ ඉස්සරහට එන්න තිබ්බ මහ ඡන්දෙන් ගෝඨාට 113ක්වත් ගන්න බැරිවෙයි කියාය. කොරෝනාව ආණ්ඩුව විතරක් නෙමෙයි ගෝඨාවත් විනාශ කර දමනු ඇති බව විපක්ෂය සිතූහ. ලංකාවේ ප්‍රකට ජනමත සමීක්ෂණ පවත්වන ආයතන පවා වාර්තා කර තිබුණේ ගෝඨාට 113ක්වත් ගැනීමට නොහැකි වනු ඇතැයි කියාය.

හැබැයි ප්‍රතිඵල එනකොට හැමෝම පුදුම කරවමින් ගෝඨා 113ක් නොව ආසන 150ක්ම අරගෙන තුනෙන් දෙකේ බහුතරය වාර්තා කර තිබිණ. 78 ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව යටතේ මෑත කාලයේදී එහෙම බහුතරයක් ගනු ලැබූ පළමු අවස්ථාව ඒකය. මොකද මේ රටේ ජනතාව මෝඩ නැත. ජනාධිපතිවරයකුට බලය ලබාදී විනාස කරපු රටක් එක් අවුරුද්දෙන් හෝ එක රැයින් හදන්න බැරි බව රටේ ජනතාව දනී. එහෙම විනාශ කරපු රටක් අඩුම තරමේ ට්‍රැක් එකට දාගන්නවත් අවුරුදු දෙක තුනක් යන බව ඔවුන් දනී. පළමු කොරෝනා රැල්ලෙන් රටට විශාල විනාශයක් කොට තිබියදීත් ගෝඨාට රටේ ජනතාව තුනෙන් දෙකේ බලයක් ලබාදුන්නේ ඒකය.

ඒ හින්දා විපක්ෂය මේ දිනවල සෝෂල් මීඩියාවල උඩ දදා ගහන ‘ස ෆේල්’ කැම්පේන් එකෙන් විපක්ෂය චූන් වෙලා තිබුණත් ඒකෙ හරි ප්‍රතිඵලය බලන්න පුළුවන් වෙන්නෙ අද හෙට නොව ලබන වසරේ මුල පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයෙන් හරි පළාත් සභා ඡන්දයෙන් හරිය.

ඒකෙ ප්‍රතිඵල එද්දී අද හිනාවෙන විපක්ෂයට වෙන්නේ පසුගිය මහ ඡන්දෙදි ප්‍රතිඵල එද්දි වුණා වගේ නහයෙන් අඬ අඬා ඉන්නටය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

දැන් නළු නිළියො හොයන්නෙම ඕපදූප

Next Post

ගුණවත් වාසනාවන්ත පංචකල්‍යාණියක් තෝරාගන්න

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.