• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කන්ද උඩරට සැරිසරන ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය

November 21, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කන්ද උඩරට සැරිසරන ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය
Share on WhatsAppShare on Facebook

දිනය 1814 මැයි මස 17 වැනිදාය. කන්ද උඩරට අහස් කුස ඝන වලාවන්ගෙන් වැසී යමින් තිබිණි. වෙනදාට නිල්වන් අහස්කුසත්, සුදෝසුදු මීදුම් වලාවනුත් පැතිරී ඇයට සිසිලක් ගෙනදුන් සුන්දර දසුන් එදා තිබුණේම නැත. කඳු පන්ති අතරින් රිංගා සුවදායිව ගතේ දැවටුණු සීතල සුළං රැලි වෙනුවට එදා මාගෙන ආවේ මහා ප්‍රචණ්ඩ සුළං රැලි පමණකි. ඒවා කන්ද උඩරට ගහකොළ අඹරවමින් සීසීකඩ විසිරී ගියේ වියරු වැටුණාක් මෙනි. මහ පොළොව පවා කම්පා වෙමින් තිබිණි. දහවල වුවද රාත්‍රියට අත වනන්නාක් මෙන් අඳුර පැතිරී ගොසින් මහා මූසල ගුප්ත බවකින් පරිසරය තිගැස්සී තිබිණි.

සෙංකඩගල නුවර නාථ දේවාල භූමියේ වැල් බෝධිය අසල මහා පාපකර්මයකට ඉඩකඩ සැකසෙමින් තිබිණි. මත්පැනින් මනස විකෘති කරගත් සිංහලේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ මාලිගාවේ පත්තිරිප්පුවට වී මහත් උජාරුවෙන් බලාගෙන උන්නේය. ඒ සිය රාජ ආඥාවට අනුව එවකට රටේ අග්‍රාමාත්‍ය නොහොත් එකල හැඳින්වූ ආකාරයට මහ අධිකාරම් තනතුර දැරූ ඇහැලේපොළ මහ අධිකාරම්ගේ දරුවන් තිදෙනා සහ භාර්යාව වූ ඇහැලේපොළ කුමාරිහාමිටත් රජුගේ බෙහෙත් ගේ මුහන්දිරම් පදවිය දැරූ නායකයා වූ පුස්සැල්ලෙ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු තවත් පිරිසක් මරා දමන තෙක්ය.

රජුගේ අණ කිරීම මත අහස පොළොව කම්පා කරවන දඬුවම් ක්‍රම කිහිපයකින් මේ පිරිස ඝාතනයට සියල්ල සූදානම්ව තිබුණේය. ඒ අනුව ඇහැලේපොළ මහ අධිකාරම්ගේ වැඩිමහල් දරුවන් හිස ගසා මරා දමන්නටත් කිරිදරුවා වංගෙඩියට දමා කොටන්නටත් නියමව ඇති අතර, මේ සියල්ල දෙස රජු මහත් ඕනෑ කමින් බලාසිටි බවද පැවැසේ. එහෙත් කාන්තාවන්ට දඬුවම් පමුණවද්දී රජු සිටි තැනින් ඉවත්ව ගිය බවද පැවැසේ.

එදින රජු සමඟින් මහා සංහාරයට උඩගෙඩි දෙමින් බලා සිටියවුන් අතර මොල්ලිගොඩ නිලමේද සුදු කොල්ලා යැයි සුරතල් නාමයෙන් හැඳින්වූ රජ මාලිගයේ හැදී වැඩුණු පුද්ලගයකුද සිටි බව කියැවෙයි. එමෙන්ම මෙතරම් මහා සංහාරයකින් පසුවද රජුගේ කෝපය සහ වෛරය නොසන්සිඳුණේ යැයි හඳුනාගත හැකි තවත් කාරණාවන් කිහිපයක් ජනප්‍රවාදයේ එයි. ඒ අනුව හෙළිවනුයේ ඉන් පසුව රජු අණ කර ඇත්තේ කොහොන්සිය පත්තුවෙන් පටන්ගෙන කන්ද උඩරට ගම් දනව් පුරා ගොස් ඒ සෑම තැනකම ඇති ඇහැල ගස්ද විනාශ කර දමන ලෙසටය.

කෙසේ නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නමට ඉදිරියේ ලියැවෙන කුරිරු ඝාතන ලැයිස්තුවේ පළමු වැන්න මෙය නොවේ. 1798දී කන්නසාමි නම අතහැර ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත්වීමට තමන්ට උදව් කළ පිළිමතලාව මහ අධිකාරම්ගේ හිස 1812දී ගසා දැමූ හෙතෙම ඇහැලේපොළ නිලමේට මහ අධිකාරම් තනතුර ලබා දුන්නේද ඉන් අනතුරුවය.

ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඇහැලේපොළ මහ අධිකාරම් අතර සම්බන්ධතාවය ඇති වීමට හා සම්බන්ධ කතා පුවත් ගණනාවක් ඉතිහාසයේත්, ජනප්‍රවාදයේත් සැඟවී පවතින්නේය. ඒ අනුව ඇහැලේපොළ පවුල පිළිබඳව ඇහැලේපොළ සන්නසට අනුව බොහෝ තොරතුරු හෙළිවෙයි.

මේ පවුලේ ප්‍රභූ පිරිස් 1635 – 1684 දක්වා දෙවැනි රාජසිංහ රජුගෙන් ඉන්පසු 1684 සිට 1709 දක්වා ඔහුගේ පුත් දෙවැනි විමලධර්මසූරිය යටතේත්, එතැනින් පසුව 1709 සිට 1739 දක්වා ඔහුගේ මුණුපුරු නරේන්ද්‍රසිංහ රජු යටතේත්, 1739 සිට 1741 දක්වා විජයරාජසිංහ රජු යටතේත් අවසානයේ 1798 සිට 1815 දක්වා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේත් උඩරට රාජධානිය අවසන් වන තුරුත් රජයේ ඉහළ පදවි දරා තිබේ. ඒ අනුව ඇහැලේපොළවරුන් කෝරලේ පදවි, බත්වඩන නිලමේ පදවිය, දිසා පදවිය, සළුවඩන පදවිය, පයිඩකාර පදවිය ආදියද දරා ඇති බව පැවසෙයි. මෙකී විවිධ පදවි තානාන්තර දරමින් ඇහැලේපොළ පරම්පරාව සිදුකළ සේවය උදෙසා රජු ලබාදුන් සන්නස් පත්‍රය මෙසේය.


‘විජයසේකර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න මුදියන්සේ නම් වූ මෙම ඇහැලේපොළ මහ නිලමේගේ දරු මුණුපුරු පරම්පරාව පවත්නාතෙක් පළිමරාළ මඩිහුංගම් නැතිව ප්‍රවේණි සැලැස්මට භුක්චති විඳිනා හැටියට ශත වර්ෂ එක්වා දහස් සසිය හැට හතට පැමිණි ක්‍රෙධන නම් වූ මෙම වර්ෂයෙහි නිකිණි මස අව විශේණිය නම් තිථිය ලත් සඳුදා මෙදවස සන්නස් තාඹ පත්‍රය දෙවා වදාළ පනතේ එසේම පණිවුඩ පනතයි.’

විශාල සේවයක් රට වෙනුවෙන් කරමින් රජවරුන්ට හිතවත්ව කටයුතු කළ ඇහැලේපොළවරුන්ගේත්, රජුගේත් හිතවත්කම බිඳී යන්නට හේතු කාරණා රැසක් බලපෑ බවට ඉතිහාසයේ හා ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ඒ අනුව මෙම – ගැටුම් රාශියකට හේතුපාදක මතු වී ඇත්තේ ඇහැලේපොළ අධිකාරම් සිය බිරිය කැඳවාගෙන ඒමෙනි. එවකට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මව උඩරට සිටි රූමත්ම කාන්තාව බවට ජනතාව අතරේ ප්‍රසිද්ධව සිටියා. එහෙත් පසුකාලීනව ඇහැලේපොළ කුමාරිහාමි උඩරටට පැමිණීමත් සමඟ එම තත්ත්වය වෙනස් වී තිබේ. එතැන් පටන් උඩරට රූමත්ම සහ ගුණවත්ම කාන්තාව ලෙස ජනතාව ආදරය කර ඇත්තේ ඇහැලේපොළ කුමාරිහාමිටය. මෙයද ඇහැලේපොළලා සහ රාජසිංහ රජු අතර ආරවුල් හටගන්නට බලපෑ හේතුවකි.

කෙසේ නමුත් ඊළඟට ඇහැලේපොළ නිලමේ පිළිබඳව රජුගේ හිතේ වෛරය ඇතිකරන්නට බලපෑ ප්‍රධානම හේතුවක් වන්නේ රාජසභා මණ්ඩපයේ සිටි සෙසු ප්‍රභූවරුන්ගේ කේලාම් සහ මුසාබස්ය.

එහිදී රාජසභා සමකාලීනයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වන්නට ඇහැලේපොළට සිදුවූයේ තනතුරත් සමඟ ඔහුට ලැබුණු අසීමිත බලතල නිසාවෙනි. ඔහුට රටේ ඉහළම නම්බු නාමයන්ද හිමිවූ අතර, විශාල බලතල ප්‍රමාණයක්ද හිමිව තිබේ. දඩ ගැසීමට, සිර දඬුවම් දීමට, පදවි තානාන්තරවලට පිරිස් පත්කිරීමට හා අස්කිරීමට ඔහුට බලය තිබිණි. හෙතෙම ගමන් – බිමන්වලදී සිය නිලයට අදාළ රිදියෙන් සහ රනින් නිමකර මැණික් එබ්බවූ යෂ්ටියක් රැගෙන යන අතර, පෙර ගමන්කරුවන් කස පුපුරවමින් බෙර, දවුල් සමඟම පසුපසින්, දෙපසින් ආරක්‍ෂකවරු හා හේවායෝ ගමන් කළ යුතු වෙයි.
රජතුමා හැරුණු කොට මෙකී වරප්‍රසාද බුක්ති විඳින එකම තැනැත්තා වූ මහ අධිකාරම් ධුරය ඇහැලේපොළට ලැබීම ගැන සෙසු ප්‍රභූන් සිටියේ සඟවා ගත් ඊර්ෂ්‍යාවෙනි. එහෙයින් ඔවුහු නිතර නිතර රජුත් ඇහැලේපොළත් අතර හොඳ හිත බිඳින්නට උත්සාහ කළහ.

රජුගේ විවාහ මංගල උත්සවය දවසේ ඇහැලේපොළ දුන් තෑග්ග පිළිබඳවද රජු අප්‍රසාදයෙන් පසුවූ බවත් දෙදෙනා අතර විරසකයට එයද මූලික හේතුවක් වූ බවත් ජනප්‍රවාදයන්හි එයි. එහෙත් එයින් පසු රජු ඇහැලේපොළ කුමාරි හාමිගේ රූපයට වශී වූ බවත් සිත යටින් ඇයට පෙම් කළ බවත් පැවසේ. අවස්ථා කිහිපයකදීම රජු ඇයට රජ මාලිගයට පැමිණෙන ලෙස ආරාධනා යැව්වද ඒ කිසිවක් පිළිනොගන්නට තරම් ඇහැලේපොළ කුමාරිහාමි එඩිතර වූවාය. මේ අතර ඇය ගැන ආශාවෙන් වියරුව සිටි රජු දිනක් ඇහැලේපොළ අධිකාරම් නැති අතරේ ඔහුගේ නිවෙසට ගොස් ඇගේ උදහසට ලක්ව ආපසු ගියේය. මෙයින් කෝපයට පත් රජු ඇහැලේපොළ මහ අධිකාරම් සබරගමුවෙන් ගෙන්වා ඝාතනය කිරීමේ කාර්ය භාර දුන්නේ මොල්ලිගොඩටය. රජුට පෙර ඇහැලේපොළ කුමාර හාමිට වසඟවී ඇගේ දෝෂාරෝපණයට ලක්ව සිටි මොල්ලිගොඩට එය කදිම අවස්ථාවක් විය. එහෙත් සෙංකඩගලට එමින් සිටි ඇහැලේපොළට අතරමගදීම ආරංචිය ලැබී අශ්වයා හරවාගෙන ආපසු ගොස් ඉංග්‍රීසීන්ට එකතු වූයේ ඒ මොහොතේ කරන්නට තිබූ හොඳම දෙය එය නිසා විය යුතුය.

කෙසේ නමුත් අවසානයේ ඇහැලේපොළ දරු පවුල මරණයෙන් වන්දි ගෙව්වේය. එදින සෙංකඩගල පුරය සසලවූ බවත් ජනතාව හැඬූ කඳුළින් දින ගණනක් නිවෙස් තුළ ළිප ගිනිවත් නොදල්වා සිටි බවත් ජනප්‍රවාදයේ එයි. එකල දුගී – දුප්පත් පැලක අගහිඟකමක් ඇතැයි ආරංචි වූ විගස එම නිවෙසට කාලයකට අවශ්‍ය ආහාරපාන යැවීමට තරම් ඇහැලේපොළ කුමාරිහාමි කාරුණික වූ හෙයින් ඇගේ ඝාතනය ජනයාගේ ශෝක සන්තාපයට හේතු වූ බවත් පැවැසේ. එමෙන්ම එතැන් පටන් අද වෙද්දි වසර ගණනාවක් ගෙවී ගියද තවමත් ඇහැලේපොළ කුමාරිහාමි අවතාරයක් සේ සෙන්කඩගල පුරවරයේ සැරිසරන බවටද ජනතාව තුළ මතයක් පවතී. එසේම ඇය අදටත් දුගී දුප්පත් මිනිසුන්ට පිහිට වෙන බවටත් කුඩා දරුවන්ට සිදුවීමට යන අනතුරුවලින් ඔවුන්ව බේරා ගන්නා බවටත් ඇතැම් ජනප්‍රවාදයන්හි පැවසෙයි. කිසිවකුටත් කරදරයක්, හිරිහැරයක් නොකර ඇයගේ ආත්මය කන්ද උඩරට සෑම තැනකම සැරිසරන බවටත් අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරති.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මහජන බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකතුවෙන් Lanka QR ගෙවීම් පහසුකම

Next Post

JR කනපිට හරවපු MRගෙ අයවැය (විමලසිරි ජයලත්ගෙ රටේ පැත්ත)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.