මහජන බැංකුවේ LANKAQR කේතය ඔස්සේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) සිය රක්ෂණ හිමියන්ට ගෙවීමේ පහසුකම් සලසා දීම සඳහා මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අත්වැල් බැඳගනී. මේ සඳහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් අතර 2020 නොවැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.
සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය අවම කිරීමේ අරමුණින් වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම Lanka QR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව ආරක්ෂණ) කේ.බී. රාජපක්ෂ යන මහත්වරු සහභාගි වී සිටියහ.