• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

JR කනපිට හරවපු MRගෙ අයවැය (විමලසිරි ජයලත්ගෙ රටේ පැත්ත)

November 21, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
JR කනපිට හරවපු MRගෙ අයවැය (විමලසිරි ජයලත්ගෙ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

හිටපු මුදල් අමාත්‍ය මංගල තමන්ගේ අවසන් අය වැය කතාව ඉදිරිපත් කළ අවස්ථාවේ හිටපු මුදල් අමාත්‍ය රොනීද මෙල් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අපූරු කතාවක් කියා තිබිණි.
“මම පාර්ලිමේන්තුවේ අය වැය ලේඛන එකොළහක් ඉදිරිපත් කරලා වාර්තාවක් තිබ්බා. මහින්ද ඒ වාර්තාවෙ ළඟටම ආවත් එයාට ඒක කඩන්න බැරි වුණා….”
රොනී එහෙම කියද්දී මහින්ද හිටියේ විපක්ෂයේ අසුන්ගෙනය. මහින්ද 2015 ජනාධිපතිවරණයෙන් පරාද වෙලා ගෙදර ගිහින් ආයිමත් මන්ත්‍රිවරයෙක් වෙලා පාර්ලිමේන්තු ඇවිත් විපක්ෂයේ අසුන්ගෙන සිටින විට රොනී මේ කතාව කීවේ ආයි කවදාවත් මහින්දට අය වැයක් ඉදිරිපත් කරන්න මුදල් ඇමැති විදිහට පාර්ලිමේන්තු එන්න බැරි වෙයි කියා හිතාගෙන විය යුතුය. මහින්ද යළිත් දිනලා ආණ්ඩුවෙ අගමැති වෙලා මුදල් ඇමැති විදිහට එනු ඇතැයි රොනී ඒ මොහොතේ හීනෙන්වත් හිතන්නට නැත.
රොනී කියන්නේ ලංකාවේ ආර්ථික විප්ලවයක් සිදුකරපු අමාත්‍යවරයෙකි. 1977න් පසු ජේ.ආර්. ලංකාවට විවෘත ආර්ථික මොඩලය හඳුන්වා දෙද්දී ඒකට උවමනා ආර්ථික පසුබිම සකස් කර දුන්නේ රොනීය. මොකද ජේ.ආර්. හදපු ආර්ථිකයේ පදනම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්ය. ආර්ථිකය විවෘත කරද්දී රටේ ආර්ථිකය දුවන්න ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් නමැති පීලි දෙක මතය.
ජේ.ආර්. ආර්ථිකය නිදහස් කොට ධනවාදී ආර්ථික රටාවක් මේ රටට හඳුන්වා දුන්නේ එතෙක් තිබ්බ සංවෘත ආර්ථිකයෙන් මේ රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වූ ආකාරය දෑහින් දැක්ක නිසාය. ජේ.ආර්.ගෙන් පසු බලයට ආ ප්‍රේමදාසගේ ආණ්ඩුවත්, චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් කරේ තියාගෙන ගියේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්මය.
හැබැයි 2005 බලයට ආපු මහින්ද මේ ජේ.ආර්.ගෙත්, රොනීගෙත් ආර්ථික සැලැස්ම කරේ තියාගෙන ගියේ නැත. 2005 ජනාධිපති වෙලා මුදල් ඇමැති වුණාට පස්සෙ මහින්ද මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. මහින්ද ඒක කළේ නිකම් ආවට ගියාට නොව හොඳට දුර දිග හිතා බලාය. මොකද ලෝක බැංකුවයි, අයි.එම්.එෆ්. එකයි මත යැපෙන්න ගත්තොත් ඒ අය කියන කියන පදයට නටන්න සිද්ධ වෙන බව මහින්ද දැනගෙන හිටියේය. ලෝක බැංකුවයි, අයිඑම්.එෆ්. එකයි කියන කියන දේ කරන්න සිද්ධ වෙන බව මහින්ද දැනගෙන සිටියේය. ඒ අයගෙ කොන්දේසිවලට යටත් වෙන්න සිද්ධ වෙන බව මහින්ද දැනගෙන සිටියේය.
මොකද යූ.ඇන්.පී. ආණ්ඩුව ලෝක බැංකුවෙයි අයි.එම්.එෆ්. එකෙයි කොන්දේසිවලට යටත්ව ඒ අය කියන කියන විදිහට නටපු හැටි මහින්ද හොඳ හැටි දුටුවේය. ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා අයි.එම්.එෆ්. ලෝක බැංකු කොන්දේසිවලට යටත්ව රුපියල බාල්දු කරන හැටි මහින්ද දැක්කේය. රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විකුණන හැටි, පෞද්ගලීකරණය කරපු හැටි මහින්ද දැක්කේය. බඩු මිල කිසිම පාලනයකින් තොරව රොකට් වගේ ඉහළ ගිය හැටි මහින්ද දැක්කේය.
මේ කොන්දේසිවලට ඉස්සර තුන්වැනි ලෝකයේ රටවල් කීවේ තිත්ත බෙහෙත් වට්ටෝරුව කියාය. ඒ තිත්ත බෙහෙත් වට්ටෝරුව බීපු රටවලට සිද්ධ වූයේ මහජනතාවගේ අප්‍රසාදයට ලක්වීමටය. පළමු වාරයෙන්ම ඡන්දෙන් පරාජය වී ගෙදර යන්නටය. අතේ තියෙන බලය අතහැර දමන්නටය.
මේ නිසා මහින්ද අයි.එම්.එෆ්. එකෙයි, ලෝක බැංකුවෙයි මේ තිත්ත බෙහෙත් වට්ටෝරුව බොන්න ලෑස්ති වුණේ නැත. ඒ වෙනුවට මහින්ද වෙනත් විකල්පයක් කල්පනා කළේය. ඒකට හොඳම විකල්පය ලෙස මහින්ද දැක්කේ නැඟීගෙන එන ආර්ථිකයකට උරුමකම් කියමින් සිටි චීනයය. ඒ නිසා මහින්ද කළේ චීනයත් එක්ක සමීප සබඳකම් ආරම්භ කිරීමය.
මොකද චීනය කොයි වෙලාවකවත් අයි.එම්.එෆ්. එකයි, ලෝක බැංකුවයි වගේ කොන්දේසි දාන්න යන්නේ නැත. රාජ්‍ය ආයතන විකුණන්න කියන්නේ නැත. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියන්නේ නැත. බඩු මිල ඉහළ දාන්න කියන්නේ නැත. චීනය කියන්නේ ‘අපි රට හදන්න සල්ලි දෙන්නම්. ඕගොල්ලන් ඕගොල්ලන්ට ඕන විදිහට රට හදාගන්න’ කියාය.
ලෝකෙන්ම පළමු වතාවට නිදහස් ආර්ථිකය ටෙස්ට් කරපු මුදල් අමාත්‍යවරයා විදිහට රොනී ඉතිහාසගත වුණා වගේම ලෝකෙන් පළමු වතාවට චීනයත් සමඟ ගනුදෙනු කරලා තමන්ට ඕන විදිහට රටේ ආර්ථිකය හදන විදිහ ටෙස්ට් කරපු මුදල් අමාත්‍යවරයා වූයේ වෙන කවුරුවත් නොව මහින්දය.
රටේ ආර්ථිකය හදන්න චීනය මහින්දට ණය දෙද්දී ලෝක බැංකුවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි වගේ කිසිම කොන්දේසියක් පැනවූයේ නැත. මොකද ලෝක බැංකුවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි කියන විදිහට වැඩ කළා නම් එදා මහින්දට යුද්ධය දිනන්වත්, ඉඩ ලැබෙන්නේ නැත. මොකද යුද්ධ කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි, ලෝක බැංකුවයි සල්ලි දෙන්නේ නැත. ඒ අය කියන්නේ ‘අපිට යුද්ධයක් තියෙන රටකට සල්ලි දෙන්න බෑ. ඕගොල්ලන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳගන්න…’ යැයි කියාය. මහින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි, ලෝක බැංකුයි අතහැරලා චීනයට ළං වෙන්න තවත් ප්‍රධාන හේතුවක් වුණේ ඒකය. ඒ අය කියපු කොන්දේසිවලට ගිහින් සල්ලි ගත්තා නම් සිද්ධ වෙන්නේ යුද්ධය දිනන්න නොව රට දෙකට කඩන්නටය.
“මහින්ද චීනෙන් විතරක් සල්ලි ණයට ගන්නෙ ඒවයෙන් හොරකම් කරන්න පුළුවන් හින්දා”
එදා එජාපය ප්‍රමුඛ විපක්ෂය මහින්ද චීනෙත් එක්ක ගනුදෙනු කරද්දී මහින්දට ගැහුවේ එහෙමය.
“මේ හදන්නෙ මේ රට චීනයට බිල්ලට දෙන්නයි. චීන කොලනියක් කරන්නයි. මහින්දව ඇමෙරිකාව, යුරෝපය ගණන් ගන්නෙ නෑ. ඒ අය මහින්දට සල්ලි දෙන්නෙත් නෑ. අපි ආවාම චීනෙ ගිනි පොලියට අපි ණය ගන්න යන්නේ නෑ. අපිට ඇමෙරිකාවයි, යුරෝපෙයි ඉන්නවා. ඒ අය අපිට උදව් කරනවා. කොටින්ම කිව්වොත් ඒ අය අපිට දෙන්නෙ ණය නෙවෙයි ආධාර…”
එදා මහින්ද චීනෙන් ණය අරගෙන මේ රටේ ආයෝජනය කරද්දී යූ.ඇන්.පී.ය දිනපතාම පාහේ මාධ්‍ය සාකච්ඡා තියමින් කීවේ මේ වගේ කතාය.
හැබැයි ජේ.ආර්.ගේ කාලේ වගේ යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාව වගේ රටවලට ආධාර දෙන්න ඉදිරිපත් වෙන්නේ නැති බව මහින්ද දැනගෙන හිටියේය. අනෙක් අතට යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ආධාර දෙද්දී මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය සම්බන්ධයෙන් වැඩි බරක් තියන බවද මහින්ද දැනගෙන සිටියේය. එහෙම නොවුණත් ඒ අයගේ න්‍යායපත්‍රවලට කොන්දේසිවලට යටත් වන්නට සිදුවන බව මහින්ද දැනගෙන සිටියේය. යූ.ඇන්.පී.ය කියපු විදිහට ඒ කොන්දේසිවලට යටවෙලා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පෙරමුණේ තියාගෙන යුද්ධ කරන්න ගියා නම් අදටත් හමුදාවට ඉන්න වෙන්නේ වවුනියාවටත් මෙහායින්ය. එහෙනම් අදටත් ප්‍රභාකරන් ජීවතුන් අතරය. මහින්ද චීනෙත් එක්ක ගනුදෙනු කරන්න තීන්දු කළේ යුද්දෙ දිනන්න තිබුණු දැඩි උවමනාව නිසාමය.
2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ලොකුම සටන් පාඨය වූයේ මේ අය බලයට ආ සැණින් චීනයත් සමඟ ඇති සියලු ගනුදෙනු අහෝසි කොට ඇමෙරිකාව, යුරෝපය ඇතුළු බටහිර රටවල් සමඟ සබඳතා යළි ආරම්භ කරනවා යැයි කියාය. බටහිර ආයෝජනවලින් මේ රට පුරවනවා යැයි කියාය. එම රටවල් තමන්ට ආධාර කිරීමට සැදී පැහැදී සිටිනවා යැයි කියාය.
හැබැයි 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට මෛත්‍රි පළමු වතාවට එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගි වී ලංකාවට පැමිණ රනිල්ගේ නිල නිවසේදී රනිල්ව මුණගැසීමට කටයුතු කළේය. එහිදී මෛත්‍රි රනිල්ට කියා සිටියේ අපූරු කතාවකි.
“මට ඇමෙරිකාවේදී රාජ්‍ය නායකයො ගොඩක් හමුවුණා. ඒ අය මගෙන් දිගටම ඇහුවෙ මානව හිමිකම් ගැනයි, යුද අපරාධ ගැනයි. මේ අය කවුරුවත් ආධාර කරන්න කතා කළේ නෑ. ඒ අය නිකම් කතා කරනව විතරයි. සල්ලි දෙන්නෙ නෑ….”
මෛත්‍රි රනිල්ට කිව්වේ එහෙමය.
මෛත්‍රි විතරක් නෙමෙයි රනිලුත් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලංකාවට ආධාර කරන ආර්ථික සමුළුවක් සූදානම් කොට එහි ගියේය. රටේ ආර්ථිකය ගැන විවිධ කතා කීවේය. හැබැයි ඇවිත් හිටපු කිසිම රටක් ලංකාවට සත පහක මුදලක් දුන්නේ නැත.
අන්තිමට රනිල්ටත් වුණේ ජනාධිපතිවරණ කාලේ කොච්චර බැන බැන හිටියත් චීනං සරණං ගච්ජාමි කියලා චීනය පැත්තට හැරෙන්නටය. ජනාධිපතිවරණ කාලේ කොච්චර බැන බැන හිටියත් අන්තිමට රනිල් කොච්චර චීනෙට හැරුණාද කියනවා නම් හම්බන්තොට වරායත් චීනයට පවරා දුන්නේය. චීන ණය පියවන්න රනිල් තව තවත් චීනයෙන්ම ණය ගත්තේය.
තමන්ට බැන බැන රනිල් චීනෙන් ණය ගනිද්දී සහ හම්බන්තොට වරාය චීනෙට විකුණද්දී මහින්ද දෙපැත්තෙන් හිනා නොවී හිටියා නම් පුදුමය.
අන්තිමේදී ජේ.ආර්. මාමාගේ මුදල් ඇමැති වෙච්ච රොනී හදපු ආර්ථික මාර්ගයේ ප්‍රේමදාසත්, චන්ද්‍රිකාත් ඒ විදිහටම ගමන් කළත් ජේ.ආර්.ගේ බෑණා වෙච්ච රනිල්ට සිද්ධ වුණේ මහින්දගේ ආර්ථික මාර්ගයේ ගමන් කරන්නටය. ලෝකයේ පළමු වරට රොනී ටෙස්ට් කරපු ආර්ථිකය වැරැදියි කියන්නටත්, මහින්ද ටෙස්ට් කරපු ආර්ථිකය හරියි කියන්නටත් ඊටත් වඩා දෙයක් තවත් නැත.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

කන්ද උඩරට සැරිසරන ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය

Next Post

මෙරට ප්‍රථම නිකාය භේදයට පාර කපාපු අක්කර පන්සියයේ විහාර සංකීර්ණය

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.