• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

සහරාන්ගෙන් පටන් අරන් ‌ගෝඨාගෙන් ඉවර වුණු ‌මොනවද ‌මේ කතා?

September 8, 2019
in Politics
Reading Time: 6 mins read
A A
සහරාන්ගෙන් පටන් අරන් ‌ගෝඨාගෙන් ඉවර වුණු ‌මොනවද ‌මේ කතා?
Share on WhatsAppShare on Facebook

රටේ ආරක්ෂාව නැවත වරක් බිඳවැටී ඇති බව යහපාලන ආණ්ඩුව පත්වූ මුල් යුගයේ සිටම විපක්ෂය එල්ල කළ ප්‍රබල චෝදනාව විය. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය නැවත නැඟිටින බව එලෙස එල්ල කළ චෝදනා අතර ඉදිරියේම විය. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හදිසි කතාබහක් රට තුළ ඇතිවන්නේ ඒ අතරතුරදීය. ආණ්ඩුව විසින් ආණ්ඩුවටම එල්ල කළ චෝදනාවක් වීම මත ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් විය. නාමල් කුමාර නමැත්තකු පළමු වරට හෙළි කළ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට හිටපු පොලිස්පතිවරයාගේ සහ අපරාධ අංශයේ ප්‍රධානියාගේ නම් ඍජුවම සම්බන්ධවී තිබුණු අතර රජයේ ඇමැතිවරයකුගේ නමක්ද එයට වක්‍ර ආකාරයෙන් සම්බන්ධවී තිබිණි.

සහරාන්

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය හරහා මෙරට සිදුවූ ප්‍රධානම පෙරළිය වූයේ ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ හදිසි ආණ්ඩු මාරුවය. මේ අතර අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මහා ඛේදවාචකයේ මහමොළකරු වූ මොහොමඞ් සහරාන් තම පළමු ක්‍රියාන්විතය දියත්කර තිබුණේද මේ ආණ්ඩු මාරුව සිදුවන අතරතුරය. මඩකළපුව වවුනතිව් පොලිස් මුරපොළේදී නිලධාරීන් දෙදෙනකු ඝාතනය කරමින් සිදුකළ එම පළමු ක්‍රියාන්විතය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකිරීමේ දේශපාලන වාතාවරණයක් එකල ශ්‍රී ලංකාවේ නොතිබුණු අතර එය එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත බැරකර අත පිසදාගැනීමට හදිසියේ පත්වූ ආණ්ඩුවේ නායකයන් කටයුතු කළේය.

දොස්තර ෂාෆි

මුස්ලිම් අන්තවාදය හිස ඔසවන බව සහ සිංහල ජාතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඉස්ලාම් අන්තවාදීන් දියත්කරමින් පවතින බවද, මෙරට කාලයක් තිස්සේ අසන්නට ලැබුණු දෙයක් විය. කනින් කොනින් ඇසුණු එම කතාව සත්‍ය බවට පත්කරමින් කොළඹ නගරයේ සහ තවත් ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ මාලාවක් පිපිරී යන්නේ පසුගිය අප්‍රේල් 21 වැනිදාය. එම සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ අසන්නට ලැබුණු පුවත් විවිධාකාර විය. සිංහල කාන්තාවන් වන්ද්‍යකරණයට ලක්කළ බව කියන මොහොමඞ් සාෆි නමැති වෛද්‍යවරයකු පිළිබඳ කුරුණෑගල රෝහලෙන් වාර්තා වන්නේද ඉන් අනතුරුවය. මේ සියලු කාරණා මධ්‍යයේ මෙරට බොහෝ මාධ්‍ය උත්සාහ දැරුවේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ රටේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දියහැකි නායකයෙක් බව රටට ඒත්තු ගැන්වීමටය. තම දේශපාලන කොන්ත්‍රාත්තුව නියමාකාරයෙන් ක්‍රියාත්මක කළ දෙරණ, හිරු, දිවයින, මව්බිම ඇතුළු මාධ්‍ය රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ජනතාවගේ සිත් තුළ පැළකිරීමට හැකි සෑම දෙයක්ම සිදුකෙරුවේ මාධ්‍ය සදාචාරය පිළිබඳ මූලධර්ම බිඳකට හෝ මායිම් නොකරමින්ය.
මුස්ලිම් කඩ වර්ජනය කිරීම පිළිබඳ දැඩි කතාබහක් රට තුළ නිර්මාණ වූ අතර වඳ පෙති සහ වඳ රසායාන ද්‍රව්‍ය ඇතුළත් යට ඇඳුම් පිළිබඳවද විශාල කතාබහක් රට තුළ ඇති විය. ඩෑන් ප්‍රියසාද්, අමිත් වීරසිංහ වැනි සිංහල ජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් දිනපතා මාධ්‍ය තුළ විවිධ අදහස් දැක්වීය. මහනුවර දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉන් අනතුරුව වැඩි කාලවේලාවක් ගත කළේ කුරුණෑගලය. ඒ සෑම විටම උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ සියලුම ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කරන නායකයා ගෙන ඒමට තමන් සූදානම් බවය.

ගලගොඩඅත්තේ හිමි

අධිකරණයට අපහාස කිරීම මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද මේ අතරතුර නිදහස් වූ අතර එතැන් පටන් රට පුරා රැලි සංවිධාන කරමින් සිංහල ජනතාව උසිගැන්වීමට ඥානසාර හිමියන් කටයුතු කරන ආකාරයද දක්නට ලැබිණි. මේ සියලු දෙනාගේ උත්සාහය වී තිබුණේ සිංහල ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි දැඩි වෛරයක් ඇතිකරවීමය. කිසිදු දිනෙක නොදුටු ආකාරයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද දේශපාලනය සම්බන්ධයෙන් විවේචන එල්ල කළ අතර උන්වහන්සේගේ ප්‍රකාශ තුළ වූ යටි අදහස කුමක්දැයි තේරුම් ගැනීමද එතරම් අපහසු නොවීය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ කතාබහ බලපෑම් එල්ල කළේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු ආණ්ඩුවට පමණක් නොවීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි නම්කිරීමේදීත් එය ප්‍රබල සාධකයක් විය.

රතන හිමි

එම බලපෑමේ ප්‍රබලතාව මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිය. ගෝඨාභය රාජපක්ෂ යනු දැඩි ඒකාධිපතියකු බව දිගින් දිගටම ප්‍රකාශ කළ වාසුදේව නානායක්කාර වැනි මන්ත්‍රීවරුන්ට පවා ලැජ්ජා බිය පසෙකලා එම තීරණයට එකඟ වීමට සිදුවිය. දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලැබී අවසන්ය. එතුමාට අපේක්ෂකත්වය ලැබීමත් සමඟ රටේ ආරක්ෂාව ගැන පැය විසිහතර පුරා කතාබහ කළ මාධ්‍ය මුවට අගුළු ලාගෙන ඇත. ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයෙන් වාර්තා වන සුළු සුළු සිදුවීම් අලළා තඩි අකුරින් මුල් පිටු පිරවූ පුවත්පත්ද දැන් රටේ ආරක්ෂාව ගැන කතාකරන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලැබීම මත දැන් රටේ ආරක්ෂාව ගැන කිසිම ප්‍රශ්නයක් නැති ගානය.
ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම තීරණය කරන නායකයා ගෙනඑන බවට පාරම්බෑ අතුරලියේ රතන හාමුදුරුවෝද දැන් නිහඬය. ඇතැම් විට උන්වහන්සේ බලාපොරොත්තු වූ නායකයාද ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකිය. මොහොමඞ් සාෆි එල්ලා මරන්නට කුරුණෑගල ගිය උන්වහන්සේ දැන් වැඩසිටිනා තැනක් සොයාගත නොහැකි තැනට පත්වී ඇත. සාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ 700කට අධික මවුවරුන් මේ වන විට අසරණවී ඇත.
බොදුබල සේනා සංවිධානයේ ආරම්භය සහ ඒ පිටුපස සිටි බලවේගය කවුදැයි රටේ ජනතාව හොඳටම දන්නා බැවින් ඥානසාර හිමියන්ගේ නිහඬ වීම පිළිබඳ එතරම් පුදුම වියයුතු නැත. ඥානසාර හිමියන් පිටුපස යමින් සිංහල ජනතාව වෙනුවෙන් ජීවිත පූජා කිරීමට සූදානම් වූ ඩෑන් ප්‍රියසාද් සහ අමිත් වීරසිංහටද සිදුවූයේ කුමක්දැයි සොයාබැලිය යුතුව ඇත. වඳ පෙති පිළිබඳ කතාබහ සැමටම අමතකවී ඇත. විල්පත්තුව ගැන වගේවගක් නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලැබීමත් සමඟ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සියලුම ප්‍රශ්න විසඳී ඇත. මෙතෙක් කලක් එම ප්‍රශ්න දඩමීමා කරගනිමින් මාධ්‍ය හැසිරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබාදීම වෙනුවෙන් බව දැන් ප්‍රසිද්ධ රහසක් බවට පත්වී ඇත. අපේක්ෂකත්වය ලැබූ පමණින්ම සියලුම ප්‍රශ්න නිරාකරණය කිරීමේ ආනුභාවයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇද්දැයි රටේ ජනතාව ප්‍රශ්න කරන්නේ ඒ නිසාය. මේ ප්‍රශ්න ඇවිළවීම පිටුපස සිටියේද මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් දැයි යන සාධාරණ සැකය ජනතාව තුළ ඇතිවී ඇත්තේද එබැවිනි.
රටේ ආරක්ෂාව ගැන තිබූ කතාබහ නිමවී ඇතත් පසුගිය කාලයේ නැවතී තිබූ කොළඹ නගරයේ උද්ඝෝෂණ දැන් නැවත හිස ඔසවමින් ඇත. ජනතාව අපහසුතාවට පත්කරමින් සිදුකරන එම ක්‍රියාවන් පිටුපස සිටින්නේද දේශපාලන කුමන්ත්‍රණකරුවන් දැයි ප්‍රශ්න කරන තැනට දැන් ජනතාව පත්වී ඇත.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

භාව ‌කේන්දරේට අනුව අනුර කුමාරට ‌වෙන්න යන ‌දේ ඉන්දික ‌තොටවත්ත ‌හෙළිකරයි

Next Post

පීපල්ස් ලීිසිං වෙතින් Premier Reward Plan

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.