• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

භාව ‌කේන්දරේට අනුව අනුර කුමාරට ‌වෙන්න යන ‌දේ ඉන්දික ‌තොටවත්ත ‌හෙළිකරයි

September 8, 2019
in Politics
Reading Time: 2 mins read
A A
භාව ‌කේන්දරේට අනුව අනුර කුමාරට ‌වෙන්න යන ‌දේ ඉන්දික ‌තොටවත්ත ‌හෙළිකරයි
Share on WhatsAppShare on Facebook

දේශපාලනය සහ ජ්‍යොතිෂය එකම කාසියක දෙපැත්තක් හා සමානවම දැඩි සුසංයෝගයක් පෙන්වන විෂයන් දෙකක් බව ගෙවුණු වසර කිහිපයේදී හොඳින්ම දක්නට ලැබුණා. දේශපාලනඥයා පමණක් නොවෙ ඡන්දදායකයා පවා ඡන්දය දැමීමටත් සුබ වේලාවක් යොදාගෙන තිබූ බව පසුගිය මැතිවරණවලදී අසන්න ලැබුණේ මේ සුසංයෝගය තවදුරටත් තහවුරු කරමිනි. සෑම දේශපාලන පක්‍ෂයකම නායකයන් ඇතුළුව අනුගාමිකයෝ කවුරුත් සිය ජන්ම පත්‍රය අතැතිව සියලු කටයුතු කළත් එසේ නොකරන එක් පක්‍ෂයක්ද සිටිනවා. ඒ අනුව ජ්‍යොතිෂය, හඳහන, නැකැත් ආදිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති ජනතා විමුක්ති පෙරමුණත් 2020 වෙනුවෙන් සිය ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව අගෝස්තු 18 වැනිදා සවස 6.03ට යෙදුණු සුබ නැකැත ජාතික ජනබලවේගය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ජ්‍යොතිෂය පිළිබඳ තැකීමක් නොකරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් තත්කාල කේන්ද්‍රයක් නිර්මාණය කිරීම ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත අතින් සිදුවූයේ ඊට අනතුරුවය.
ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරාගැනුණු අගෝස්තු 18 වැනිදා සවස 6.03ට යෙදුණු ඒ වෙලාව අනුව අනුර කුමාරගේ තත්කාල භාව කේන්ද්‍රය සැකසී තිබෙන අතර ඉන්දික තොටවත්ත ඒ පිළිබඳ කරන විග්‍රහයයි මේ.

සාමාන්‍යයෙන් භාව කේන්ද්‍රයක් නිර්මාණය කිරීමේදීත් භාව දොළහක් අනුව සැකසුණත් අනුර කුමාරගේ භාව කේන්ද්‍රයේ භාව දොළහක් පමණක් තිබීම සුවිශේෂී තත්ත්වයක්. ඒ අනුව එහි 3 වැන්න සහ 9 වැන්න ගිලී තිබෙන අතර මකර රාශියේ අග කොටස යෙදී තිබෙනවා.
ලග්නය වන්නේ වෘශ්චික ලග්නයයි. උත්‍රසල නැකැතත්, සිංහ නවාංශකයත් දක්නට ලැබෙනවා. හය වැන්නට රවිත්, දොළොස්වැන්නට ශනි සහ කේතුත්, හත්වැන්නට රවි – කුජ – සිකුරුත් යෙදෙන හඳහනත්, 3 වැන්න සහ 9 වැන්න ගිලී පවතින නිසා බැලූබැල්මට නව වැන්නාධිපති බුධ වුවත් සිකුරු නවවැන්නාධිපති වන අතර, දසවැන්නාධිපති වන්නේ කුජ ග්‍රහයායි.
භාව කේන්දරයේ බලවත් බව අනුව ධර්මකර්මාධිපති යෝගය යෙදෙනවා. රවිගේ බලවත් බව නිසා උපේන්ද්‍ර යෝගය බුධ ආධිපත්‍ය යෝගය ඇතුළු බලවත් යෝග කිහිපයක්ම මෙහිදී හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව ලග්නය සහ 11 වැන්න අතර ප්‍රබල පරිවර්තනය යෝගයක් යෙදීමත් සුවිශේෂ තත්ත්වයක් ලග්න සහ ජන්ම ඒරාෂ්ටක දෙකක්ද දක්නට ලැබෙනවා. ගතකරමින් සිටින්නේ ගුරුගේ මහා දශාවයි.
මෙම භාව කේන්ද්‍රය අනුව අපට අනුර කුමාර දිසානායකගේ ඉදිරි දේශපාලනය කෙටිකාලීනවත්, දීර්ඝකාලීනවත් විග්‍රහ කරන්න පුළුවන්. කෙටිකාලීනව විග්‍රහ කරනවා නම් මේ ආරම්භ කළ ගමන බාධක සහිතයි.
තම ප්‍රකාශය සඳහා මේ සකසා තිබූ වේලාව මා සෑදුවා නම් තවත් විනාඩි 25ක් හෝ 30ක් ඉදිරියටයි හදන්නේ. මේ වේලාව අනුව කෙටිකාලීනව දේශපාලන ගමන එතරම් යහපත් නැහැ. නමුත් දීර්ඝකාලීනව බලන විට මේ තත්කාල කේන්දරය අනුව 2030දී අනුර කුමාරගේ බලය ඉතා වැඩිවන බව කියන්න පුළුවන්.
දීර්ඝකාලීනව ඔහුට සාර්ථක ගමනක් යන්න පුළුවන් වගේම ශනිගේ නැකැතකින් ශනිගේ දශාවකින් ආරම්භ කළ මේ ගමන දුෂ්කරතා සහිතයි. ඒ කෙසේ නමුත් ජාතික ජනබලවේගය වශයෙන් රටට අලුත් තරුණයෙක් ඉපැදුණු මොහොතක් හැටියට මේ වෙලාව දක්වන්න මං කැමැතියි.
පෙර කිව්වා මෙන් මේ වෙලාව තවත් විනාඩි 25ක් 30ක් ඉදිරියට අරන් හැදුවා නම් ගෝඨාභය මහතාටත්, එක්සත් ජාතික පක්‍ෂයටත් දැඩි බලපෑමක් කිරීමේ හැකියාව අනුර කුමාරට හිමිවෙනවා.
රාජ්‍ය පාලනය ගැන කතාකරන රවි ඉන්නේ ලග්නගතවයි. ලග්නාධිපති කුජ අයස්ථානගතව සිටිනවා. 11 වැන්නේ ලග්නගත බුධ සහ 11 වැන්නේ ඉන්න කුජ අතර ප්‍රබල පරිවර්තනයක් දක්නට පුළුවන්. ඒ අනුව ඔහුගේ නායකත්ව හැකියාව හොඳින්ම පෙන්වනවා. මෙහිදී මතක් කළ යුතුයි ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමියා රෝහණ විජේවීරයන්ගේත් ලග්නය වෘශ්චික. ඒ වගේම වී. අයි. ලෙනින්ගේ ලග්නයත් වෘශ්චික. ඒ ඔස්සේ අනුර කුමාරගේ ලග්නයත් වෘශ්චික වීම තුළ සුබ බලාපොරොත්තු දක්නට ලැබෙනවා. නමුත් ලග්නය එකක් වීම නිසා මේ සියල්ලම සමානයි කියන්න බැහැ. මොකද මහත්මා ගාන්ධිතුමා වගේම ඇඩොල්ෆ් හිට්ලර්ත් තුලා ලග්නයෙන් ඉපැදුණු අය.
ඉදිරි මාස දෙකක කාලය අනුර කුමාර දිසානායකට වගේම ජනතා විමුක්ති පෙරමුණටත් ප්‍රබල රහස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව ශනි – කේතු යෝගය 12 වැන්නේ යෙදීම නිසා පෙන්වනවා.
කෙසේ වෙතත් අගෝස්තු 18 වැනිදා දැල්වූ ගිනි පුපුර 2030දි ලැව්ගින්නක් බවට පත්කරගන්න අනුර කුමාරට හැකියාව තිබෙන බවට මේ භාව කේන්ද්‍රය සාක්‍ෂි දරනවා.

කුෂාණි ශෂිප්‍රභා

SendShareShare
Previous Post

සතියේ හොඳම දවස

Next Post

සහරාන්ගෙන් පටන් අරන් ‌ගෝඨාගෙන් ඉවර වුණු ‌මොනවද ‌මේ කතා?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.