• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යාළුවෙන්න කලින් සිකුරු කොහෙද බලන්න

November 7, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
යාළුවෙන්න කලින් සිකුරු කොහෙද බලන්න
Share on WhatsAppShare on Facebook

මිථුනයේ සිටින සිකුරු රාගයට තැන දෙයි

සිකුරු මීනයේ නම් දෛවයේ සරදම්

ආදර සම්බන්ධයක් පටන් ගන්නකොටම ඔහු හෝ ඇය ගැන කිසිවක් හරියටම නොදැන ඉන්න පුළුවන්. හැබැයි එහෙම ආදර සම්බන්ධ පටන් අරගෙන දුකට පත්වෙච්ච පිරිස නම් සුළුපටු නැහැ. මොකද ටික කාලයක් ආදරය කරලා අමතක කළොත් එයින් ලැබෙන්නේ සිත් වේදනාවක්. අනෙක් අතට සමහර අයගෙ ආදරේත් වංචනිකයි. ඉතින් මේ තත්ත්වය මත ආදරය කිරීමත් පහසු නැහැ. හැබැයි ඔබට පුළුවන් නම් ඔහුගේ, ඇයගේ කේන්දරයේ සිකුරු සිටින තැන දැනගන්න පහත විස්තරයෙන් ඔබට එය ගැන මැන ගන්න පහසු වේවි. මේ කටයුත්ත සඳහා සිකුරු පිහිටන රාශිය හඳුනා ගන්නා ආකාරයද අප දැනසිටිය යුතුය. ඒ සඳහා අදාළ කේන්දරයේ ‘ශු’ අකුර සටහන් කර ඇත්තේ කීවැනි කොටුවේදැයි බලන්න. ඉන්පසු අදාළ අයගේ ලග්නය පළමුවැනි කොටුවේ ඇතැයි සිතා පිළිවෙළට වම් පැත්තට ලග්න තබමින් ‘ශු’ අකුර ඇති කොටුවට කුමන ලග්නය එන්නේදැයි බලන්න. එවිට ලැබෙන ලග්නය එම ලග්න හිමියාගේ සිකුරු හිමි රාශිය ලෙස සැලකේ. ඒ අනුව අදාළ රාශියට හිමි ගතිගුණ පහත පරිදි වේ.
මේෂ
මේ අයත් සමඟ සාර්ථක ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගත හැකි අතර ඍජු ප්‍රතිපත්ති ඇති යුක්තිගරුක තරුණියක හෝ තරුණයකු වෙයි. විවාහයට බාධක කරදර පැනනඟිනු ඇත. එහෙත් ඒ සියල්ල ජයගන්නාතුරු මේ අය නොසැලී ආදරය කරයි. විවාහයද සාර්ථක වේ.
වෘෂභ
මේ අයගේ ආදරය පිවිතුරුය. අවංක කෙනෙක් විවාහයට ප්‍රථම රාගය ඉස්සර කර නොගනී. නිතර නිතර හමුවී කතාබස් කිරීමට සිහින දකී. කිසිවකුගෙන් වචනයක් ඇසීමට ප්‍රිය කරන්නේ නැති අවංක අයෙකි.
මිථුන
මේ අය රාගයට වැඩි නැඹුරුතාවයක් දක්වයි. ප්‍රේම සබඳතා කිහිපයක්ම පවත්වාගෙන යෑමට සමත් වෙයි. කිසිදු අවස්ථාවක සිය රහස් හෙළි නොකර සිටීමේ දක්ෂයන්ය.
කටක
දුටු දුටු අයට ආදරය කරන්නට පෙළඹෙන නිසා විශ්වාස කළ නොහැකි අයෙකි. මේ අයට ආදරය කිරීම විනෝදාංශයකි. කිසිම අවස්ථාවක ආදරය කරන අයගේ වචනයට ගරු නොකරයි.
සිංහ
මේ අයට ගැළපීම නොගැළපීම ගැන අවබෝධයක් නැත. සිතන ඕනෑම කෙනකුට ආදරය කරයි. එහෙත් ආදරය අවංක වෙයි. තමාට ගැළපෙන්නේ කවුද යන්න සොයනවාට වඩා තමාට ආදරේ කවුද යන්න සොයා බලයි.
කන්‍යා
මේ අය කෙනකුට ආදරය කරයි. තවත් කෙනෙක් සමඟ විවාහ වෙයි. ආදරය කරන අයගෙන් උදව් උපකාර ගෙන අමතක කර දමයි. එසේම ආදරය නිසාම නින්දා අපහාස උරුම කරගන්නා අයෙකි.
තුලා
මේ අය කිසිම අවස්ථාවක තමාට ආදරය කරන්නා රවටන්නට නොසිතයි. ආදරය පවිත්‍ර සම්පතක් යැයි සිතා කටයුතු කරයි. අවසානයේ ආදරය ජයගන්නා අතර අන් කිසිවකට ආදරය පාවා නොදෙයි.
වෘශ්චික
ආදරයට සමගාමීව රාගයද පවත්වා ගතයුතු යැයි සිතයි. විවාහයට පෙර සිටම ආදරය කරන අය සමඟ කායික සබඳතා ගොඩනඟා ගනී. නන්නාඳුනන අයකු සමගින් වුවද ආදරයෙන් සහ රාගයෙන් බැඳෙන්නට පසුබට නොවේ.
ධනු
මේ අයට ආදරය විහිළුවකි. කිහිපදෙනකුට එකවර ආදරය කරයි. එක් අයකුට පමණක් ආදරය කර සෑහීමකට පත්නොවන්නේය. අවංක ආදරයක් මේ අය තුළ තිබෙනවාද යන්න ගැටලුසහගතය. අනියම් සබඳතාද තිබිය හැක.
මකර
මේ අයට ආදරය පවත්වාගෙන යෑමේ හැකියාවක් නැත. නිතරම අදහස් වෙනස් කරයි. සුළු කාලයකදී ආදරය කරන්නන් මාරු කරයි. විවිධ වූ ලාභ ප්‍රයෝජන ලබාගන්නා අදහසින් ආදර සබඳතා පටන්ගනී.
කුම්භ
මේ අය දුරදිග සිතා බලා ආදරය කරන්නන්ය. බියකින් තොරව ආදරය කළ හැක. එසේම ආදරය ප්‍රකාශ කරන්නේ දුරදිග සිතාබලා ඉන් අනතුරුවය. දීර්ඝකාලීන ආදරයකින් පසු විවාහය බලාපොරොත්තු වේ.
මීන
මේ අයගේ ප්‍රථම ආදරය සාර්ථක නොවන අතර දෙවන හෝ තෙවන ආදරය විවාහයකින් කෙළවර වෙයි. එහෙත් චපල සිතක් මේ අයට නොපිහිටයි. කිසිවකු රැවටීමට කැමැති නැත. ආදරය නිසා නින්දා අපහාස විඳින්නට වුවද සූදානම් අයෙකි.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

දරුපල නැති අයට විස්මිත පිළියමක්

Next Post

කලාව මගේ ඇඟේ තියෙන එක නහරයක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.