මුදල් කළමනාකරණය, ගෙවීම් සහ වෙළෙඳ මූල්‍යනයේ ජයග්‍රහණ ඇගයීම සඳහා පවත්වන Asian Banker Transaction සම්මාන ප්‍රදානෝත්සවයේ 2020 වැඩසටහනේදී පිට පිටම තුන්වන වසරට ‘ශ්‍රී ලංකාවේ හොඳම වෙළෙඳ මූල්‍ය බැංකුව’ (Trade Finance) බවට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.
මෙම සඟරාව විසින් විගණනය පදනම් කරගත් ප්රවේශයකින් සිදුකළ දැඩි ඇගයීමකින් පසුව කොමර්ෂල් බැංකුවට මෙම ගෞරවනීය සම්මානය ලබාදී තිබේ. මෙම නිවැරැදි තෝරාගැනීම සිදුකිරීම සඳහා මාස ගණනක් වැයකළ අතර එම තෝරාගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් දැක්වීමට සඟරාව විසින් අවස්ථාව ලබාදී ඇත. මේ සඳහා උපදේශනාත්මක සහාය ගෝලීය නායකත්ව මණ්ඩලයකින් සහ විෂයානුබද්ධ විශේෂඥයින්ගෙන් ලබාගෙන තිබේ.
කොමර්ෂල් බැංකුවේ වෙළෙඳ මූල්‍යන සේවා භාවිතා කරන දේශීය ආයතනවල සමීක්ෂණයක්, තරගකරුවන්ගේ වෙළෙඳපොළ කොටස වෙනස්වීම පිළිබඳ ඇගයීමක්, බැංකුවේ සමස්ත ව්‍යාපාරික කටයුතුවලින් ප්‍රතිශතයක් ලෙස ගනුදෙනු ව්‍යාපාරයේ තිබෙන උපායමාර්ගික වැදගත්කම සහ එහි ප්‍රමාණය, සමස්ත ආදායම සඳහා ගනුදෙනු ව්‍යාපාරයේ දායකත්වය, ව්‍යාපාරයේ වර්ධනය වෙමින් තිබෙන මූල්‍යමය වටිනාකම, ප්‍රධාන සහ වර්තමාන ගනුදෙනු පදනම සහ කාර්යක්ෂමතාවය සහ පිරිවැය කළමනාකරණය තුළින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන වාසි ඇතුළු කරුණු මෙම සම්මානය කොමර්ෂල් බැංකුවට ලබාදීමේදී ඒෂියන් බෑන්කර් විසින් සලකා බලා තිබේ.











