ලාංකීය ජනතාව වෙත උපකාරයක් අවැසි සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සඳහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පීඑල්සී, කොවීඞ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමේ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග් ක්‍රියාන්විතයේ’ දෙවන අදියර පසුගියදා ආරම්භ කරනු ලැබීය.
මෙම මෙහෙයුම් කාර්යය තුළදී, එම ජනතාව හඳුනා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මෙම මෙහෙයම් කාර්යය වෙත ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, ඩයලොග් ආයතනයේ සහ දෙරණ ආයතනයන්හි කාර්ය මණ්ඩලයන්ගේ සහායෙන් මෙම වියළි ආහාර මලූ බෙදා හැරීම සිදු කරනු ලබයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ රටේ ජන ජීවිතයට අගුළු වැටුණු ආරම්භක අවස්ථාවේ සිටම ලාංකීය ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් ඩයලොග් ආයතනය විසින් විවිධ වූ සමාජ සත්කාර්යයන් රැසක් දියත් කිරීමට යොමු වූ අතර, එහිදී ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’, ‘සියත ළෙන්ගතුකම සමඟ ඩයලොග්’, ‘ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සමඟ ඩයලොග්’ සහ ‘වසන්තම් TV/FM මනිදනේයප්පනි සමඟ ඩයලොග්’ සහන වැඩසටහන් හරහා දිවයිනේ දිස්ත්‍රික්ක 22 කට අයත් ගම්මාන 400කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000ක පිරිසකට දෛනිකව, සති හයකට ආසන්න කාලසීමක් පුරාවට වියළි ආහාර මළු බෙදාදීම සිදුවිය.











