ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතිරිකිරීමේ ගිණුමවන සෙලාන් ටිකිරි, අඛණ්ඩව 8 වන වරටත් ලෝක ළමා මාසය පුරා දරුවන් ඉතිරිකිරීමට දිරිමත් කිරීම සඳහා එක්ව සිටී. සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, දරුවන් කුඩා කාලයේදීම ඔවුන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකිරීම කෙරෙහි විශ්වාසය තබන ආයතනයකි.
තමන් කරන ඕනෑම යහපත් දෙයකට යම් පමණක හෝ ප්‍රශංසා කිරීමක් හෝ දිරිගැන්වීමක් හිමිවීම දරුවන්ගේ අපේක්ෂාවයි. දරුවන්ගේ එම මානසිකත්වය මැනවින් අවබෝධ කරගනිමින් සෙලාන් බැංකුව සියලුම ළමා ඉතිරිකිරීමේ ගිණුම්හිමියන් හට සුවිශේෂී ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇත. සයිසිකල්, ටැබ් යන්ත්‍ර, ස්කූටර් සහ LED රූපවාහිනී ඇතුළු ත්‍යාගවලට අමතරව ටිකිරි ළමා ඉතිරිකිරීමේ ගිණුමට අලුතින් තැන්පතු සිදුකරන දරුවන් හට Hungry Frog ක්‍රීඩා සහ සංවේදක (Sensor) මගින් ක්‍රියාත්මකවන හෙලිකොප්ටර් ද මෙම මාසය තුළ හිමිකර ගත හැකිය. පළමු වරට ඔක්තෝබර් මාසය තුළ රු. මිලියනයකට වැඩි තැන්පතු සඳහා ප්ලේ ස්ටේෂන් (PS4) කට්ටලයක් සහ හෝම් තියේටර් සිස්ටම්ද පිරිනැමීමට සෙලාන් බැංකුව කටයුතු කරයි.
“ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරයට පාත්‍ර වූ ළමා ඉතිරිකිරීමේ ගිණුමවන සෙලාන් ටිකිරි, දරුවන්ගේ අනාගත සිහින සහ අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය මූල්‍ය සවිය ගොඩනගා ගැනීමේ වැදගත්කම නිබඳ අවධාරණය කරනවා. පසුගිය වසර ගණනාව පුරා සෙලාන් ටිකිරි, දරුවන්ට විවිධ ත්‍යාග සහ දීමනා පිරිනමමින් කුඩා කල සිටම ඔවුන් තුළ ඉතිරි කිරීමට ඇති ළැදියාව වැඩිදියුණු කර ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කර තිබෙනවා.” යනුවෙන් සෙලාන් බැංකුවේ අලෙවි සහ විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා සඳහන් කළේය.











