• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පාස්කු ‌බෝම්බයෙන් බිරිය නැතිවුණත් ලංකාවට ආදරය කරන සුද්දා

September 7, 2019
in Politics
Reading Time: 3 mins read
A A
පාස්කු ‌බෝම්බයෙන් බිරිය නැතිවුණත් ලංකාවට ආදරය කරන සුද්දා
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකානු ජාතික ලුවිස් ඇලන්, ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන්නේ දැඩි ළෙන්ගතු බවකි. ඔහු හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව වසර 35ක් දක්වා ඈතට දිවයන්නකි. මැණික් ව්‍යාපාරයේ යෙදෙන ඔහු සාමාන්‍යයෙන් මසකට දෙකකට වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. ශ්‍රී ලංකාවේ ඔහුට මිතුරන් රැසකි. තම ජීවිතය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව දුන් දායකත්වයට ප්‍රතිඋපාකරයක් ලෙස ඔහු රත්නපුර රෝහලේ ළමා රෝහල් සංකීර්ණය ඉදිකිරීමට අනුග්‍රහය දක්වා ඇත්තේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික මිතුරන්ගේද සහාය ඇතිවය.
2017 වසරේ රෝහල් සංකීර්ණය විවෘත කළ අවස්ථාවේදී ඔහු කළ සේවය අගයා සම්මානයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබිණි. පසුගිය අප්‍රේල් මාසයේදී නිවාඩුවකට සහ රෝහල් සංකීර්ණයේ ඉදිරි වැඩකටයුතු සිදුකිරීම ගැන සොයාබැලීමට ලුවිස් ඇලන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිය නෙදර්ලන්ත ජාතික බිරිය සහ පුතුන් තිදෙනා සමඟය. අප්‍රේල් 20 වැනිදා රන්තපුර රෝහලට ගොස් තම දායකත්වයෙන් ඉදිවූ ගොඩනැඟිල්ලේ තෙවැනි මහල ඉදිකිරීමට ලුවිස් ඇලන් පොරොන්දුවී ඇත්තේ සිය බිරිය මොනිකාගේ ඉල්ලීම මතය.
“ඇය ගොඩක් සතුටු වුණා. ඒ තුන්වැනි තට්ටුවත් ඉදිකරලා දෙන්න මම ඉදිරිපත් වුණාම. එදා කොළඹ එනකම් ඒක ගැන තමයි ඇය කතා කළේ” ලුවිස් ඇලන් මතකය ආවර්ජනය කළේ එලෙසය.
අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ප්‍රහාරයට මොනිකා ඇලන් බිලි වූයේ සිය පුතකු සමග කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හොටයේදී උදෑසන අහාර ගනිමින් සිටියදීය. ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ රත්නපුර පදිංචි, ලුවිස් ඇලන්ගේ මිත්‍රයකුගේ නිවසේය.

“එක තත්පරයකින් මගේ ජිවිතේ සියලු දේ වෙනස් වුණා. දරාගන්න පහසු දෙයක් නෙවෙයි, හැබැයි මේ වගේ දේවල් ජීවිතේදී වෙනවා. අපි ඉදිරියට යන්න ඕනේ මේක අත්දැකීමක් කරගෙන. මම දැන් දරුවන් තුන්දෙනාත් සමඟ සුබවාදීව ජිවිතේට මුහුණ දෙනවා” ලුවිස් ඇලන් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවෙන් පිටත්වූ ලුවිස් ඇලන් අගෝස්තු 29 වැනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ, මේ දිනවල කොළඹ පැවැත්වෙන ‘ෆැසට්ස් ශ්‍රී ලංකා – 2019’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙනි.
තම ව්‍යපාරික මිතුරන් සංවිධාන කරනු ලබන ප්‍රදර්ශනයට සහභාගිවීම සඳහා ඇලන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලද සිය පුත්‍රයකුද සමගය.
“සාමාන්‍යයෙන් සෑම මසකට දෙකකට වරක් ලංකාවට එනවා. නමුත් මේ පාර ටික කාලයකට ගෙදර හිටියා පවුලේ අය බලාගන්න ඕනේ නිසා. ශ්‍රී ලංකාවට නැවත එන්න ලැබීම සතුටක්. නමුත් පොඩි චකිතයක් තිබුණා, මොකද මට හිතුණා ශ්‍රී ලංකාව යම් අර්බුදකාරී තැනක තියෙන්නේ කියල. නමුත් මම ගුවන්තොටුපොළෙන් එළියට ඇවිල්ලා පාරේ තියෙන වාහන තදබදය, මිනිස්සු වැඩකරනවා දැක්කා. ජිවිත ඉදිරියට යනවා සුබවාදීව” ලුවිස් ඇලන් කියා සිටියේය.
“මගේ බිරියගේ වියෝවෙන් පස්සේ ඇතැම් අය කිව්වා මේක ශ්‍රී ලංකාවේ වැරැද්ද කියලා. ලොකු තරහක් හා වෛරයක් ඔවුන් තුළ තිබුණා. නමුත් මම ඒකට ආදරයෙන් උත්තර දුන්නා. අද ලෝකෙට අවශ්‍ය ආදරය. ලෝකයේ ඇති තරම් තරහව සහ වෛරය තියෙනවා. ඒ නිසයි මේ වගේ දේවල් වෙන්නේ. මේක කරපු අයගේ ජීවිතවලටත් වැඩි ආදරයක් ලැබිල තිබ්බ නම්, ඔවුන් ගැන හොයා බලන්න කවුරුහරි ඉඳල තිබ්බ නම් ඔවුන් මේ දේවල් නොකරන්න තිබ්බා” ඔහු සිය ආදරණීය බිරිය ඝාතනය කළ සාහාසිකයන් ගැන පළ කළේ එවැනි අදහසකි.
‘ෆැසට්ස් ශ්‍රී ලංකා – 2019‘ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ඇති ශ්‍රී ලාංකික මැණික් ව්‍යාපාරිකයන්ගේ කුටිවලට ලුවිස් ඇලන් ළෙන්ගතුව ගොඩවූයේ බොහෝවිට එහි අයිතිකරුවන් නමින්ම අමතමිනි. ඔවුන් හා ඔහු අතර ඇති මිතුදම එයින් මනාවට දිස්විය.

“ශ්‍රී ලංකාව කියන්නේ මට විශේෂ රටක්. ජනතාව හරි ආදරණීයයි, කරුණාවන්තයි සහ ත්‍යාගශීලී. මම පසුගිය අවුරුදු 35ක් තිස්සේ මේ රටට එනවා. ජනතාව හරි එකමුතුයි. විවිධ භාෂා, ආගම් තියෙනවා. නමුත් අවසානයේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. එකම රටක සහෝදරයෝ” ඔහු පවසයි.
“මට මෙහෙ සිංහල, මුස්ලිම් යාළුවෝ ගොඩක් ඉන්නවා, ඔවුන් සහයෝගයෙන් කටයුතු කරනවා. අපි එකට විනෝද වෙනවා, කෑම ගන්නවා, එකට ව්‍යාපාර කටයුතු කරනවා. එකේ කිසි වෙනසක් නැහැ” ලුවිස් ඇලන් සඳහන් කළේය.
සිය බිරියගේ අවසන් කැමැත්ත යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ලුවිස් ඇලන් රත්නපුර ළමා රෝහල් සංකීර්ණයේ තුන්වැනි මහලේ වැඩකටයුතු අවසන් කිරීමට දැනටමත් කටයුතු යොදා තිබේ. ඒ ඔහුගේ මිතුරන්ගේද සහාය ඇතිවය.
“එතැන ළමා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන හදිසි ප්‍රතිකාර වාට්ටුවක් ඉදිවෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ බිරියට කරන ගෞරවයක් ලෙස එය මොනිකා ඇලන් වාට්ටුව ලෙස නම් කරන්න” ඔහු කියා සිටියේය.
“හැම දේම වෙන්නේ යම් හේතුවක් උඩ. මම හිතනවා මේ දේවල් එක්ක ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව එකමුතුව නැඟීසිටීවි කියලා. මොකද ආලෝකය, සෑම විටම අඳුර ජයගන්නවා” යනුවෙන් පවසමින් ලුවිස් ඇලන් සිනහවකින් සිය කතාබහ අවසන් කළේය.

බීබීසී සන්දේශය ඇසුරිනි.

SendShareShare
Previous Post

මනාලියන් ‌වෙළෙදපොළක් පාකිස්ථානයේ – විදෙස් විත්ති

Next Post

ජනපතිලා අගමැතිලා වැන්ද යාල කැලේ මැද රහස් ‌බෝධිය

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.