• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේක ඇතුළෙ හිස්; ඒක මට හොඳට දැනෙනවා

October 29, 2020
in Heart
Reading Time: 1 min read
A A
මේක ඇතුළෙ හිස්; ඒක මට හොඳට දැනෙනවා
Share on WhatsAppShare on Facebook

පූජන දන්දෙණිය කියනවට වඩා ගිරිදේවි ටෙලිනාට්‍යයේ ජාලිය කිව්වම තමයි වර්තමානයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ. ගිරිදේවි හරහා අතිශයින් ජනප්‍රිය වෙලා ඉන්න පූජන අතගැහුව අලුත් වැඩක් ගැනත් අපිට දැන ගන්න ලැබුණා. අපි පූජනට කතා කළේ මේ හැම දෙයක් ගැනම තොරතුරු දැන ගන්න.

නැවත වරක් කොවිඞ් 19 වෛරසයේ බලපෑම එල්ල වීමත් එක්ක බොහෝ කලා කටයුතු අතර මඟ නැවතුණු බව තමයි දැන ගන්න තියෙන්නේ. පූජනට ඒක බලපාලා තියෙන්නේ කොහොමද?
මේ සිද්ධ වුණු අලකලංචියත් එක්ක කරගෙන ආව වැඩ කටයුතු සියල්ලම නැවතුණා කිව්වොත් හරි. ටෙලි නාට්‍ය හතරක, පහකම රූගත කිරීම් නවත්වන්න වුණා. ඒ හින්දා මේ ටිකේ ගෙදරට වෙලා ඉන්නවා.
ගෙදර ඉන්න ගමන්, ගෙදර ඉන්න අයට බලන්න කෙරුව අලුත් වැඩකුත් අපි දැක්කා. ඒ ගැනත් කතා කරමු?
ඔව්. ටු ටූ ගේ දිනපොත නමින් අලුත් වැඩක් යූටියුබ් හරහා පටන් ගත්තා. හැබැයි මේක අද ඊයේ පටන් ගත්ත වැඩක් නෙවෙයි. ටු ටූ ගේ දිනපොතේ මුල් කොටස් පහ ලියලා මාස හයකටත් වැඩියි.
නමුත් අපිට ඒක දැක ගන්න ලැබුණේ මෑතකදී?
ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න තමයි මට ඕනෑකම තිබුණේ. ඒ හින්දා සුදුසු වෙලාව එනකම් ඒක තියාගෙන හිටියා. හැබැයි ඒ පිටපත් දැකපු යාළුවෙන්ගෙන් මේක කරමු කියලා ලොකු ඉල්ලීමක් ආවා. කොහොම හරි අන්තිමට යාළුවෙකුගේම කැමරා ආම්පන්න යොදා ගෙන ටු ටූ ගේ දිනපොත එළියට දාන්න පුළුවන් වුණා. ඉතාම කෙටි කාලයක් ඇතුළත ටු ටූට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මේකේ පිටපත වගේම දකින්න ලැබෙන චරිත ගැනත් බොහෝ දෙනෙක් කතා කරන බවක් පේනවා. විශේෂයෙන් ටු ටූ ගැන. කොහොමද ටු ටූව හොයා ගත්තේ?
ඕකේ පිටපත ලියද්දී එහෙම කෙනෙක් ගැන මගේ හිතේ තිබුණේ නැහැ.චරිත තුන මෙහෙම වෙන්න ඕනෑ කියලා අදහසක් තිබුණත්, ඒවට ගන්නේ කාවද කියලා තීරණයක් තිබුණේ නැහැ. පොඩි ළමයව හොයා ගන්න එක තමයි ප්‍රධාන ප්‍රශ්නය වුණේ. දවසක් යාළුවකුගේ ගෙදර ගිය වෙලාවක තමයි මේ පොඩි ළමයව හම්බ වුණේ. එයාගේ නම තෙමිත වීරද්දන. එයාගේ අයියා රංගනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් මෙයා පළමු වතාවට තමයි රඟපාන්නේ. ඊට අමතරව මයුර පෙරේරා සහ දේවාන්ගනී දිසානායක එහි රංගනයෙන් දායක වෙනවා. කැමරා කටයුතුවලින් කුලරුවන් ගමගේත්, වේශ නිරූපණයෙන් මනනුවන් රූපසිංහත්, සංගීතයෙන් විශ්ව සංකල්පත් ටු ටූ ගේ දිනපොතට සහාය දක්වනවා. දිලීප ජයකොඩි සහ අචිල ප්‍රභාත් තමයි සංස්කරණ කටයුතු බාරව ඉන්නේ.
අපි දැන් ටෙලිනාට්‍ය පැත්තට හැරෙමු. කොහොමද ගිරිදේවිට ලැබෙන ප්‍රතිචාර?
ඉතාම හොඳයි. ගිරිදේවි ටෙලිනාට්‍යයේ ජාලියට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරිම සතුටුයි. ඇත්තටම ගිරිදේවි මේ වගේ තැනකට ඒවි කියලා මම හිතුවේ නැහැ. ඒක වෙනස් රිදම් එකක් තියෙන වෙනම ලෙවල් එකක වැඩක්. ඒ වෙනසට කට්ටිය කැමැති බව පේනවා. අනිත් එක තමයි ගිරිදේවි රූගත කිරීම්වලටත් අපි හැමෝම පුදුම ආසාවකින් තමයි සම්බන්ධ වෙන්නේ. මොකද එතැන ඉන්න හැමෝම යාළුවෝ. ඒ හින්දා ඒක හරිම රසවත් වැඩක්.
මැදවච්චියේ ඉඳන් කොළඹට ඇවිත් මේ දක්වා ආව ගමන ගැන පූජනට මොකද හිතෙන්නේ?
කොළඹ ආවේ 2011දි. හැබැයි ඊට කලින් ඒ කියන්නේ ස්කෝලේ යන කාලේ ඉඳන්ම කලාවත් එක්ක තමයි හිටියේ. ඒ හරහා තමයි මාව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට තේරුණේ. එදා ඉඳන් ආව ගමන තමයි මේ. මේ වෙද්දී මං හිතන්නේ ටෙලිනාට්‍ය විස්සකට වැඩිය රඟපාලා තියෙනවා.
ඒ ගමනෙදි හමුවුණු සුවිශේෂී සංධිස්ථාන ගැනත් කතා කරමු?
සුළඟ මත මොහොතක් තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. ඊට පස්සේ සකූගේ කතාව, ත්‍රෛයිලෝක, දෙයියන්ගේ රටේ වගේ ටෙලිනාට්‍ය බොහොමයක් ඒ අතරේ තියෙනවා.
මේ වෙද්දී ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ගැන සමාජයේ බොහෝ මතවාද තියෙනවා. විශේෂයෙන්ම මෙගා ටෙලිනාට්‍ය පිළිබඳ විශාල විවේචන එල්ල වෙනවා. රංගන ශිල්පියෙක් විදියට පූජන ඒක දකින්නේ කොහොමද?
ඇත්තටම මෙගාද, නැද්ද කියන එක නෙවෙයි මම බලන්නේ. චරිතය ඇතුළේ දෙයක් කරන්න පුළුවන්ද කියන එක තමයි මට වැදගත්. ඒ කියන්නේ ලැබෙන හැම දේම බාර ගන්නවා කියන එක නෙවෙයි. විවිධ හේතු නිසා මට ලැබුණු අවස්ථා කිහිපයක්ම මම ප්‍රතික්ෂේප කරලත් තියෙනවා. මම දකින්නේ මෙහෙමයි. මෙගා නාට්‍ය වුණත් ඒ හරහා අපේ කර්මාන්තයට වැඩක් වෙනවා. මොකද ඒකෙන් යැපෙන්නේ අපේම කට්ටිය. නමුත් හඬ කැවීම් කරලා විකාශනය කරන විදේශීය නාට්‍යවලින් අපේ කර්මාන්තයට සිදු වෙන හානිය ඊට වඩා ගොඩක් වැඩියි කියන එකයි මගේ අදහස. ඒ හින්දා කිසිම විදේශීය ටෙලිනාට්‍යයක හඬ කැවීම සඳහා සම්බන්ධ නොවෙනවා කියන ප්‍රතිපත්තිමය තීරණය මම අරගෙන තියෙනවා.
කලාකරුවෙක් විදියට පූජනගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා ඇහුවොත්?
මේ දූපත ඇතුළේ මාර නළුවෙක් කියලා දෙයක් හදා ගන්න එකම නෙවෙයි මට ඕනෑ. අපි දන්න කියන අයත් එක්කම තරගයක් හදාගෙන ඒකෙන් දිනන එකෙන් මට වැඩක් නැහැ. කලාව මගේ වෘත්තිය. මේක ඇතුළේ ඉඳගෙනම මම ඊට එහා ගිය වෙනස් දෙයක් කරන්න ඕනෑ. ඒ වෙනස මොකක්ද කියන එක මම තාම හොයනවා. ඇත්තටම සමහර වෙලාවට මේක ඇතුළේ ලොකු හිස් බවක් දැනෙනවා. කවදාහරි ඒ හිස් බව පුරව ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රජයේ සේවකයන්ට වැඩට එන්න එපා කියයි

Next Post

මාළු කඩේ කොරෝනා සමෘද්ධි දෙපාර්තමේන්තුව වහයි

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.