• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයේ සේවකයන්ට වැඩට එන්න එපා කියයි

October 29, 2020
in Exclusive
Reading Time: 8 mins read
A A
රජයේ සේවකයන්ට වැඩට එන්න එපා කියයි
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ.

2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අද (29) සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කරනු ලැබීය. 

වෛරස ව්‍යාප්තිය නිසා සංචරනය සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එය විශේෂයෙන් අදාළ වේ. මේ දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවධානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතුය.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තම විෂය පථය යටතට ගැනෙන සියලු පහසුකම් සැලසීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකවම බැඳී සිටින බව ලේකම්වරයා සඳහන් කරයි.

එක් එක් ආයතනයට දුරස්ථව ඉටු කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට සේවය කළයුතු සේවකයන් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරේ.

 එසේ නිශ්චය කිරීමෙන් පසු අදාළ ලිපි ගොනු සහ උපකරණ නිසි අවසරයක් ඇතිව සේවකයන්ගේ නිවෙස් වෙත ලබාදිය යුතුය. නිවසේ සිට වැඩ කරන කාලය, උදේ 8.30 – සවස 4.15 දක්වා වේ. ඇඳිරි නීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාව අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට පිළිවන. “නිවසේ සිට වැඩ” සැලැස්මට අයත් නොවන සේවකයන් අතිරේක මානව සම්පත් අවශ්‍ය ආයතන වෙත අනුයුක්ත කළ හැකිය.

“නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කිරීම සඳහා විකල්ප සන්නිවේදන මාධ්‍ය භාවිත කරන්නැයි චක්‍රලේඛය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි. කෙටි පණිවිඩ සේවය, විද්‍යුත් තැපෑල, දුරකථන, පරිශීලක හිතකාමී (User Friendly) යෙදවුම් වන Whatsapp, Skype ඒ සඳහා භාවිත කිරීමට පිළිවන. නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැපයීම, ගණන්දීමේ නිලධාරීන්ගේ වගකීමකි.

මහජනතාවට සිය ඉල්ලීම් ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමට හැකිවනු පිණිස සාමාන්‍ය ජනතාවට ඝෘජුවම සේවා සපයන සියලු ආයතන මාර්ගගත වේදිකාවක් (Online platform) නිර්මාණය කළ යුතු බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ. ස්වයං නිරෝධායනයේ නිරත සේවකයන්ගෙන් නිවසේ සිට වැඩ කරන්නැයි ඉල්ලා සිටීමට ආයතන ප්‍රධානියාට බලය තිබේ. එසේ වුවද සුළු වශයෙන් හෝ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සේවකයෙකුට කිසිදු කාර්යයක් පැවරීම නොකළ යුතුය.

අද නිකුත් කළ චක්‍රලේඛයෙන් ප්‍රාදේශීය පරිපාලනය, අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, සුබසාධන සේවා සම්පාදනය, ව්‍යවස්ථාපිත ආයතන සහ පොදු ව්‍යවසාය සහ සාමාන්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවලට විශේෂිත මාර්ගෝපදේශ නියම කර ඇත.

SendShareShare
Previous Post

කොරෝනා ඇප් එකක් එයි

Next Post

මේක ඇතුළෙ හිස්; ඒක මට හොඳට දැනෙනවා

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper