• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ත්‍රාසය, භීතිය සහ විනෝදය

October 24, 2020
in Mahawanshaya
Reading Time: 7 mins read
A A
ත්‍රාසය, භීතිය  සහ විනෝදය
Share on WhatsAppShare on Facebook

සංචාරකයන් විවිධ වෙයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට රුචිකත්වයන් වෙනස් වෙයි. කෙනෙක් වනාන්තර කඳු ආදියෙහි ඇවිදීමට කැමැත්තක් දැක්වුවත් සමහර සංචාරකයන් මුහුදු ගමන්වලට කැමැත්තක් දක්වයි. ඒ අතර ත්‍රාසජනක අත්දැකීම්වලට කැමති නිර්භීත සංචාරකයන් සිටී. ඒ අයට නැරඹීමට ත්‍රාසජනකත්වය පිරි ස්ථාන කිහිපයක් ගැනයි මේ.

The chapel of bones පෘතුගාලයේ අස්ථිමය දෙව් මැඳුර

පෘතුගාලයේ ඉවෝරාහි පිහිටා ඇති මෙම ප්‍රසිද්ධ දෙව්මැඳුර නගරයේ සිහිවටනයක් වෙයි. මෙම දෙව්මැඳුර අස්ථිමය දෙව්මැඳුර යන නම ලැබී ඇත්තේ මෙහි බිත්ති ආවරණය කර එල්ලා ඇත්තේ මිනිස් ඇට සැකිලි නිසාය. 16 වන ශතවර්ෂයෙදී පැවිදි උතුමෙක් විසින් මෙම නිර්මාණය සිදුකරන්නට ඇතැයි සැලකේ. තම සහෝදරයාට අනිත්‍යතාවය වටහා දීමට මෙය නිර්මාණය කර තිබෙයි. දෙව්මැඳුරට ඇතුළු වන ස්ථානයේ සඳහන්ව ඇත්තේ මෙහි සිටින අස්ථි වන් අපි ඔබව ඉක්මනින් බලාපොරොත්තු වෙනවා යන්නයි.
බිය නැති ත්‍රාසජනක අත්දැකීමක් ලබන්නට කැමති සංචාරකයන්ට මෙය කදිම තෝතැන්නක් වනු නිසැකය.

Hoia- baciu forest අබිරහස් වනාන්තරය

අද්භූත හා විස්මයජනක කතා රැසක් මෙම වනාන්තරය හා බැඳී පවතියි. මෙම වනාන්තරය පිහිටා ඇත්තේ ප්‍රාන්ස්ලිනියාවෙහිය. මෙම වනාන්තරයට මුලින්ම පැමිණ ඇත්තේ දඩයමෙහි ගිය එf`ඞ්රයෙකු වෙයි. නමුත් ඔහු සතුන්ද සමග අතුරුදහන් වී ඇත. මෙම වනාන්තරය පිළිබඳ පර්යේෂණ සිදුකරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අධික භීතියට හා ත්‍රාසයට ඔවුන් පත්වූ බවයි. එයට ප්‍රධාන හේතුව අද්භූත සිදුවීම් හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තු ආදිය නිසාවෙන් වේ. ඔවුන් ඒ කරුණ නිසා කම්පනයට පත්වී තිබෙයි.

The hill crosses කුරුස කන්ද

මෙම කුරුස කන්ද ලිතුවේනියාවේ පිහිටා තිබෙයි. 1890දී කරන ලද ගණන් හිලව්වලට අනුව කුරුස පනස්දහසක් පමණ ඇති බවයි. මෙය සොහොන් භූමියක් නොවුණද බොහෝ මිනිසුන් විශ්වාස කරන පරිදි මෙහි කුරුසයක් තබා යාමෙන් සෞභාග්‍ය සතුට උදාවෙන බවයි. මෙම කුරුස කන්ද ඉදිවීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ නැත.

Ei cominoto del ray ස්පාඤ්ඤයේ මාරක පාලම

කොන්ක්‍රීට්වලින් නිමවන ලද කුඩා අඩිපාර ඇත්තේ ස්පාඤ්ඤයේ චෝරො සහ ගයිටෙන්ජෝ යන දිය ඇලි අතර පිහිටන ලෙස වේ. පොළොව මට්ටමින් ඉතා ඉහළින් පිහිටා ඇත. එහි දිග හැතැප්ම 1.8ක් වන අතර පළල අඩි 3.2ක් වෙයි. මෙම කුඩා මාර්ගය 1905 වර්ෂයේදී නිමවා තිබෙන්නේ ඉදිකිරීම් සේවකයන්ගේ පහසුව සඳහායි. බොහෝ සංචාරකයින් පිරිසක් ත්‍රාසය කුතුහලය පිරි අත්දැකීමක් විඳින්නට මෙම ස්ථානයට පැමිණෙන බව සඳහන්ය.

Hanging Coffins එල්ලෙන මිනීපෙට්ටි

සගාඩාහි පිහිටා ඇති මෙම එල්ලෙන මිනී පෙට්ටි බොහෝ ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමට සමත් වී තිබේ. එහි දර්ශනය ප්‍රසන්නතාවයක් නම් නොමැත. එහෙත් පුරාණ කාලයේ සිට මෘත දේහ මිනී පෙට්ටිවල බහා එල්ලීම සම්ප්‍රදායක් බව පැවසේ. මෘතදේහ කැටයම්වලින් ඔපවත් වූ මිනීපෙට්ටිවල බහා අඩි 380ක් පමණ ඉහළින් එල්ලා ඇත. පැරණි මතවාදයක් වනුයේ ස්වර්ගය හා පොළොව අතර ඉනිමගක් ලෙස මෙම කන්ද සැලකෙන බවයි.

The capuchin catacombs ඉතාලියේ උමතු සොහොන

ඉතාලියේ පලවෝ නම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ස්ථානයේ පුද්ගලයන් 8000කගේ පමණ සිරුරු තැන්පත් කර ඇත. මමී කර්මය සිදුකරන ස්ථානයක්ද මෙහි දක්නට තිබෙයි. 16 වන සියවසේ ප්‍රභූ මෙන්ම ධනවත් පුද්ගලයන්ගේ සිරුරු මෙහි තැන්පත් කිරීම සඳහා මෙම ස්ථානය භාවිත කර ඇත. ඒවගේම 1882 වර්ෂයේදී ප්‍රදර්ශනය සඳහා මෙය විවෘත කර ඇත. ඉන්පසු තැන්පත් කිරීම සඳහා මෘත දේහයන් භාරගෙන නැත.

කාංචනා මධුවන්ති

SendShareShare
Previous Post

මහහුණුපිටියේ මිරැන්ඩෝ වලව්වට මොකද වුණේ

Next Post

කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් අන්තර්ජාල ගෙවීම් නව මානයකට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.