• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහහුණුපිටියේ මිරැන්ඩෝ වලව්වට මොකද වුණේ

October 24, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහහුණුපිටියේ මිරැන්ඩෝ වලව්වට මොකද වුණේ
Share on WhatsAppShare on Facebook

‘බමුණු මහසල් කුලයේ රස්නයෙන්
මාන්දම් බිත්ති බඩ නෙරා කොරපොතු ඉහෙන’
රටක් හෝ ප්‍රාන්තයක් පාලනය කරන රජු ජීවත් වන නිවෙස මාලිගය විය. ක්‍ෂත්‍රියන් ප්‍රධාන අනෙකුත් සෑම නිවෙසක්ම හැඳින්වූයේ ගෙදර යනුවෙන් වන අතර, ගෙහිමියාගේ තනතුරට අනුව එම ගෙදරට තවත් විශේෂණ පද එක්විය. ඒ අනුව වෛiවරයාගේ නිවෙස වෙදගෙදර, කුඹල් කර්මාන්තකරුගේ නිවෙස කුඹල් ගෙදර, අක්ෂි වෛiවරයාගේ නිවෙස ඇස් වෙදගෙදර යනාදී ලෙස එකී, මෙකී විවිධ තනතුරු දැරූ උදවිය පදිංචිව විසූ නිවාස උසස්, පහත් භේදයකින් තොරව ගෙදර යනුවෙන් අතීත හෙළ රජ දවස හැඳින්විය.

ක්‍රි.ව. 1739දී අප රට තුළ ආරම්භ වූ දකුණු ඉන්දියානු නායක්කර රාජ්‍ය පාලන යුගයේදී ප්‍රභූන් පදිංචි නිවාස ‘වලව්’ යනුවෙන් හැඳින්වූ අතර එය තෙළිඟු බසින් ශබ්ද වුවකැයි ශ්‍රී ලංකා දීප වර්ණනා ග්‍රන්ථයේ සඳහන් වෙයි. පුරාණ රදලවරුන්ට නඩු ඇසීමට බලපත්‍ර තිබුණු අතර, ඔවුන් එම නඩු විභාග කිරීම සිය නිවෙස්වලම සිදුකළ බැවින් ‘වලවුම්’ යනුවෙන් එම නිවෙස්වලට භාවිත කළ බවත් ‘වලකු’ යනුවෙන් නඩුවට ද්‍රවිඩ බසින් භාවිත වන බවත් කන්ද උඩරට සමාජ සංවිධානය සඳහන් කරයි.

වලව්වක් යනු කුමක්ද? ඔව් සැබැවින්ම වලව් නාමය ලංකාවේ ඈත අතීතයට දිව යන කල අහිංසක මිනිසුන් තළා පෙළා තම අණසක තබාගත් මිල්ටරි පාලනයකට නොදෙවෙනිය. එසේ වලව් දිහා බැගෑබර ලෙස බැලූ යුගය දැන් නිමා වී ඇත. වලව් දැන් ජාතික වස්තූන්ය. එක් වලව්වකින් සමස්ත ඉතිහාසයක්ම කියැවීමට හැකිය. එලෙස වලව් ගණනාවක් ලංකාවේ ඇත. සමහරු වලව් මහජන ප්‍රදර්ශනයට විවෘත කර ඇත. තවත් වලව්වලට යෑම තහනම්ය. එනම් වලව් පුරුක් වශයෙන් ආ ගමනේ සමහරු තාමත් වලව්වල ජීවත් වීමයි.

එලෙස ප්‍රතාපවත් වලව්වක් ලෙස මුහන්දිරම් මැගිනා මර්සිලිස් හෙන්රි මිරැන්ඩෝ ජීවත් වූ මීගමුව මහහුණුපිටියේ මිරැන්ඩෝ වලව්ව සඳහන් කළ හැකිය. මෙම වලව්ව වර්තමානයේ හින්දු කෝවිලකි. ඔහුගේ පියා මුදලිඳු ඇන්ඩෲ පෝල් මිරැන්ඩෝ වන අතර, මව වූ ඇනා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ වලිසිංහ ජුවානිස් ද සිල්වාගේ දියණියකි. ඇයගේ පෙළපත් නාමය අනුව වලිසිංහ එඞ්වඞ් ද සිල්වා හෙවත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමන්ට ඥාතිත්වයක් ඇති බවට අනුමානය.
මුහන්දිරම් හෙන්රිගේ සීයා වූ මාකස් මිරැන්ඩෝ ගාල්ල මාගල්ලේ වෛi වෘත්තියේ යෙදුණෙකි. වර්ෂ 1870 දී උපන් හෙන්රි මීගමුවේ වෙස්ලියානු මිෂනාරි පාසලෙන් සහ කොළඹ රාජකීය විiාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඉංග්‍රීසි විෂයට සහජ දක්‍ෂයකු වූ ඔහු දක්‍ෂ කථිකයෙකු විය.

වර්ෂ 1896දී රාජ්‍ය සේවයට එක්වූ හෙන්රි මිරැන්ඩෝ මීගමුව දිස්ත්‍රික් උසාවියේ ලිපිකරුවකු ලෙස පත්වීම් ලබා ද්වි වර්ෂයක ඇවෑමෙන් එම උසාවියේම භාෂා පරිවර්තකයකු බවට පත්විය. 1904 දී උතුරු අලුත්කුරු කෝරළයේ මුහන්දිරම් පදවියට පත්වී මීගමුව අධිකරණ බල ප්‍රදේශයේ අපරාධ විමර්ශනයට බලලත් නිලධාරියා බවට පත්විය. රාජකාරි කටයුතුවල නිරත වී සිටින විට වැවිලිකරුවකු වූ මුහන්දිරම් සීමන් ද සිල්වාගේ රූමත් වැඩිමල් දියණිය දැක කළ යෝජනාව මත නැන්සි මාරියා හා විවාහ විය. ඔහු ගාල්ල මාගල්ලේ තම පරම්පරාවෙන් උරුම වූ පොල්වතුවලට අමතරව මීගමුවේ නාගරික දේපොළද, උතුරු අලුත්කුරු කෝරළයේ පොල්වතුද හිමිකරුවෙකි. බෞද්ධයකු වූ ඔහු එවක ලංකා කෘෂිකාර්මික සමාජයේ මීගමුව ශාඛාවේ ලේකම් ලෙසද කටයුතු කළේය.

වලව්වක් නෙතට ආකර්ෂණය වූ විට එහි වෙසෙන්නන් එකල අනෙකාට නොදෙවෙනිව ගාම්භීරව ජීවත් වූ ආකාරය මනසට දෝංකාර දෙන්න පටන් ගන්නේ අපටත් නොදැනෙන ලෙසිනි. නූතන සමාජ ක්‍රමයේ සියලුදෙනාම සමාන ලෙස සලකනුයේ කුල භේදයකින් තොරවය.

මීගමුව – දිවුලපිටිය ප්‍රධාන මාර්ගය අසල මහහුණුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙය ගෘහ නිර්මාණ ලක්‍ෂණවලට අනුව 19 වැනි ශතවර්ෂයේ අවසානයට ආසන්න කාලයේ ඉදිකරන ලද්දක් බවට අනුමාන කළ හැකිය. මුහන්දිරම් හෙන්රි මිරැන්ඩෝ උපත ලබා ඇත්තේ වර්ෂ 1870 බැවින් මෙය ඔහුගේ පියා විසින් ඉදිකළා විය හැකිය. හෙන්රි මිරැන්ඩෝ 1902 දී විවාහ වී ඇති හෙයින් ඔහුගේ දරුවකු අවම වශයෙන් වසර 5ක්වත් භුක්ති විඳින්නට ඇත.

කෝවිල යන වදනේ අරුත දේවස්ථානය, දෙවියන් උදෙසා වෙන් කළ ස්ථානය යන්නයි. මේ නිසා ඊට සම අවශ්‍යතා උදෙසා වෙන්වූ සියලු තැන් මේ නමින්ම හඳුන්වන්නට හැකි වුවද කෝවිල යන්නෙන් විශේෂයෙන්ම අරුත් ගැන්වෙන්නේ හින්දු ජනයාගේ පූජ්‍යස්ථානය යන්නයි. එදා මහා තේජාන්විත ලීලාවෙන් වැජඹුණු මීගමුව මහහුණුපිටියේ මිරැන්ඩෝ වලව්ව පසුකාලීනව ද්‍රවිඩ පුද්ගලයකු සතු වීම වලව් පරපුරේ අභාවය නැතහොත් එහි නිසරු බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් බවට පත්වී ඇත. මේ වලව්ව හින්දු පූජකවරයා භාරයට පත්වී 1950 හෝ 1960 දශක ආසන්නයේ සිට කෝවිලක් බවට පත්වූ බවට අනුමාන කළ හැකිය. වර්තමානයේ මෙම වලව්ව ‘නාටු කෝවිල’ ලෙස හැඳින්වෙයි. වලව්වේ සුවිසල් පෝටිකෝව සමඟ ගොඩනැඟිල්ලේ වැඩි කොටසක් ඉතිරිව ඇති අතර, කෝවිලක ගෘහ නිර්මාණ ලක්‍ෂණ පිළිබිඹු කිරීමට ඝණ්ටා කුලුනක් සහ හින්දු දේව ප්‍රතිමා වලව්වේ පෝටිකෝව මත පසුකාලීනව ස්ථාපිත කොට ඇත. වලව්ව සමඟ පිහිටි අක්කර ගණනාවක් වූ ඉඩම මීගමුවේ හරිශ්චන්ද්‍රපුර ගම්මානයට මෙන්ම තවත් කුඩා ඉඩම් කට්ටි විශාල ප්‍රමාණයකට බෙදී මේ වන විට අක්කර කිහිපයක භූමියකට සීමා වී ඇත.

ක්‍රිෂාණි මල්ලව

SendShareShare
Previous Post

තමිල්නාඩු දුස්රා ඉදිරියේ ‘800’ නතර වෙයිද?

Next Post

ත්‍රාසය, භීතිය සහ විනෝදය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.