ඩර්ඩන්ස් දන්ත සායනය, ඉතාමත් ඵලදායී සන්නිවේදන ක්‍රම හරහා රෝගියා සහ දන්ත ශල්‍ය වෛද්‍යවරයා අතර මනා තොරතුරු හුවමාරුවක් සිදු කරමින් ඉතාමත් හොඳ සේවාවක් පිරිනමයි. කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම සායනයට හදිසි අවස්ථාවකදී ඉතාමත් ඉක්මනින් ළඟාවිය හැකිය. ඕනෑම වේලාවක ඩර්ඩන්ස් වෙබ් අඩවිය හරහා දන්ත සේවාවන් සඳහා වේලාවන් වෙන් කරගැනීම මෙන්ම ගෙවීම් සිදු කළ හැකිය.
මුඛය, හක්ක, මුහුණ සහ බෙල්ල ආශ්‍රිත සියලුම තත්ත්වයන් සඳහා Maxillofacial ශල්‍යකර්මය සිදුකිරීම, දත් නැවත පිහිටුවීමට අමතරව මෙම සායනය කැඩුණු, දිරාගිය හෝ හැලුණු දත් සඳහා සියලුම වර්ගයේ ප්‍රතිකාර සිදුකිරීම, පොර්සිලේන් සහ සර්කොනියාවලින් පැමිණෙන දත් ශීර්ෂ සහ දත් ඇඳි වැනි දන්ත උපාංග ගැලවුණු දතෙහි ශක්තිය නැවත ලබාදෙමින් ඔබගේ සුන්දරත්වය ආරක්ෂා කිරීම, පාරම්පරික දන්ත විකෘතිතාවන් (ඇදවීම, ඉදිරියට ඒම වැනි) හෝ පාරම්පරික දත් රෝග braces වැනි උපාංග භාවිත කරමින් දන්ත චිකිත්සක සේවාවන් තුළින් නිවැරදි කිරීම ආදී සියලුම ප්‍රතිකර්ම මෙහිදී කරගත හැකිය.