පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ මහතා යටතට පත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරය එක්තරා කණ්ඩායමක් විසින් ඔවුන්ට වුවමනා පරිදි සිදු කරන බවට ලද පැමිණිලි මත සහ ගෝඨාභය රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලෙන් ඉවත් කොට තනි පුද්ගලයකු වශයෙන් රටට හදුන්වා දීමට කටයුතු කරන බවට ලද පැමිණිලි මත රාජපක්ෂ මහතා මෙම තීන්දුව ගෙන තිබේ.
එම තත්ත්වය මත රාජපක්ෂ පවුල තුළ අර්බුදයක් මතුවනු ඇති බවට ලද තොරතුරුද මේ සදහා බලපා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මීට පෙර මෙම කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු වශයෙන් වීඩියෝ පට සහ ප්‍රචාරක වැඩසටහන් නිර්මාණය කොට ඒවාට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය පවා ලබාගෙන තිබූ බව දැනගන්නට තිබේ.