• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘හිරු ස්ටාර්’වල නිතරම පත්තුවෙන බුලට් දෙක

October 17, 2020
in Heart
Reading Time: 3 mins read
A A
‘හිරු ස්ටාර්’වල නිතරම පත්තුවෙන බුලට් දෙක
Share on WhatsAppShare on Facebook

‘හිරු ස්ටාර්’ රියැලිටි වැඩසටහන සැලකෙන්නේ ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි වැඩසටහන ලෙසය. තරගාවලියේ උණුසුම තව තවත් වැඩිවෙමින් මේ වන විට තරගවදින්නේ අවසන් තරගකරුවන් 36 දෙනාය. තරගාවලියේ විනිශ්චයන් සම්බන්ධයෙන් නිතර ගැටුම් ඇතිවන නිසා මේ වන විට බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ තරගකරුවන් වෙත නොව විනිශ්චයකරුවන් දෙසය. ඇත්තටම මේ සිදුවන්නේ කුමක්ද? රඟපෑමක්ද? යන්න දැනගැනීම සඳහා කතා කළ යුතු සුදුසුම පුද්ගලයන් වන්නේ තරගාවලියේ විනිශ්චයකරුවන්ය. ඒ සම්බන්ධයෙන් අප හිරු ස්ටාර් විනිශ්චයකරුවන් තිදෙනා වන නිරෝෂා විරාජිනී, ශිහාන් මිහිරංග, අමල් පෙරේරා යන තිදෙනාගෙන් කරුණු විමසා සිටීමට උත්සාහ කළද අමල් පෙරේරාගේ ඇති කාර්යබහුලත්වය නිසා ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

නිරෝෂා විරාජිනී
හිරු ස්ටාර් හින්ද දැන් රටම නිරෝෂා ගැන කතා වෙනවා?

ඇත්තටම පහුගිය දවස්වල හිරු ස්ටාර් එක ගැන ලොකු කතාබහක් ඇතිවුණා. ඊට අමතරව සති අන්තය ගොඩක් දුරට ‘හිරු ස්ටාර්’ හින්ද කාර්යබහුල වෙනව. ඒ කතාබහ අතරේ මගේ අනෙත් වැඩසටහනුත්, රෙකෝඩිනුත් එක්ක මේ ටිකේ කාලෙ ගෙවෙනවා.
‘හිරු ස්ටාර්’ පළමු සීසන් එකේ හිටි විනිශ්චයකරුවන් අතරින් ඔබ විතරයි දෙවැනි සීසන් එකෙත් විනිශ්චයකරුවෙක් විදිහට සහභාගි වෙන්නෙ?
ඇත්තටම හිරු ආයතනයත් එක්ක ගිවිසුම් අස්සන් කරන්නෙ එක් වැඩසටහනකට විතරයි. ඉතින් ඊළඟ වැඩසටහනටත් විනිශ්චය කරුවෙකු විදිහට සහභාගි වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔවුන්ගෙ පෞද්ගලික හේතු මත. කලින් විනිසුරුවන් වුණු බිලී සහ රූකාන්ත මහත්මය ඔවුන්ට යෙදිල තිබුණ වෙනත් රාජකාරි නිසා මෙවර තරගාවලියෙන් ඉවත් වුණා. ඒ කලාකරුවන්ගෙ කැමැත්ත, අකමැත්ත අනුව තමයි ඔවුන්ගෙ සහභාගිත්වය තීරණය වෙන්නෙ.
බිලී, රූකාන්ත අයින් වෙලා ශිහාන්, අමල් ජජ්බෝඞ් එකට පැමිණීම ගැන මොකද හිතෙන්නෙ?
කවුරු ජජ් බෝඞ් එකට ආවත් ඔවුන් වැඩකරන්න ඕනෙ පිළිවෙළ ගැන ආයතනයෙන් දැනුවත් කරනව. ඊට අමතරව අපිත් වැඩසටහනේ සමහර දේවල් කතා කරල තීන්දු තීරණ ගන්න අවස්ථා තියෙනව. අපි හැමෝම අපේ වැඬේ හරියට වැඩසටහන තුළදි හරියට කරන්න තමයි උත්සාහ කරන්නෙ. මට නම් කවුරු එතැන හිටියත් ලොකු වෙනසක් නැහැ.
තරගාවලිය තුළ නිරෝෂගෙ අදහස් අමල් සහ ශිහාන් අභියෝගයට ලක්කරන අවස්ථා නිතර අපි දකිනව?
ඇත්තටම අපි තුන්දෙනාගෙ රසඥතාවය කවදාවත් එකක් වෙන්නෙ නෑනෙ. ඉතින් එකිනෙකාට සාපේක්ෂව අපි තුළ තියෙන්නෙ වෙනස් අදහස්. අනිත් එක මම පුරුදු වෙන්න මේ රියැලිටි වැඩසටහන්වලට සහභාගි වෙනව නෙමෙයි. ලංකාවෙ පළමුවැනි රියැලිටි වැඩසටහනෙ ඉඳල මම විනිශ්චයකාරියක් විදිහට වැඩකරල තියෙනව. ඉතින් යම්කිසි තරඟකරුවෙක් දැක්ක ගමන් ඔහුගෙ ඉදිරි ගමන ගැන මට යමකිසි අවබෝධයක් ඇතිවෙනවා. ඒ අනුව හිතල තමයි මම මගේ විනිශ්චයන්, කමෙන්ට් දෙන්නෙ. මං හිතන්නෙ ජජ් කෙනෙක් දෙන තීන්දුවකට අභියෝග කරන්න තව කෙනෙක්ට අයිතියක් නෑ. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන අවබෝධය අනුව තමයි මතගැටුම් ඇතිවෙන්නෙ.
මතගැටුම් තරගාවලියට පමණක්ද සීමා වෙන්නෙ?
අපි එතැනදි ඒ අවස්ථාව අනුව තමයි ඔය සුළු සුළු ගැටුම් ඇතිවෙන්නෙ. ඉතින් ඒව කවදාවත් අපි ගෙදර ගෙනියන්නෙ නෑ. ඒ වැඩසටහන අවසන් වෙනවත් එක්කම ඒ සම්බන්ධයෙන් වෙන කතාබහත් ඉවර වෙනව. තරගාවලිය ඇතුළෙ අපේ ඩියුටිය හරියට කරනව ඇරෙන්න ඒව අපේ පෞද්ගලික ජීවිතයට කවදාවත් ගාවගන්නෙ නෑ.
තරගකරුවන් කණ්ඩායම්වලට බෙදීම නිසා නේද ඔය ගැටුම් ඇතිවෙන්නෙ?
ඇත්තටම තරගකරුවන් කණ්ඩායම්වලට බෙදීම තමයි තරගාවලියෙ ස්වභාවය. විදේශ රටක් හඳුන්වල දුන්න කන්සෙප්ට් එකක් තමයි හිරු ආයතනය ලංකාවට හඳුන්වල දීල තියෙන්නෙ. ඒ කන්සෙප්ට් එක අපිට වෙනස් කරන්න බෑ. මං හිතන්නෙ ලංකාවෙ මිනිස්සු ගොඩක් අනෙක් රටවල්වල දේවල් දකින්නෙ නැති එක තමයි ඒ විදිහට හිතන්න හේතුවෙන්නෙ.
කලින් සැලැසුම් කරපු රඟපෑමක්ද එහිදි කරන්නෙ?
ඇත්තටම සජීවී වැඩසටහනක් තුළ අපිට එහෙම පිටපතකට අනුව මතගැටුම් ඇතිකර ගන්න බෑ. ඕක මගෙන් ගොඩක්දෙනෙක් අහන ප්‍රශ්නයක්. ඒ වෙලාවෙ ඇතිවෙන වාතාවරණය, අපේ මානසික තත්ත්වය උඩ තමයි එහෙම දේවල් ඇතිවෙන්නෙ. පටිගත කරල විකාශය කරන වැඩසටහනක් නම් අනවශ්‍ය දේ අයින් කරල පෙන්වන්න පුළුවන්. මෙතන ඇත්තටම එවෙල වෙන දේ තමයි ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන්නෙ. එහෙම නැතුව කිසිම දෙයක් සැලැසුම් කරල කරන දේවල් නෙමෙයි.
ඔබේ තීන්දු තීරණ සඳහා බලපාන්නෙ තරගකරුවන්ගෙ ගායන දක්ෂතාවය විතරක් නෙමෙයි නේද?
දක්ෂතාවය කියන එක අපි නිර්වචනය කරන්නෙ එකම විදිහට නෙමෙයි. ඇත්තටම රියැලිටි වැඩසටහනකින් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ කෙනෙක් ගායන දක්ෂතාවය මතම ඉදිරියට යනව කියල. ගායන දක්ෂතාවය කියන්නෙ එකක් විතරයි. දකින කෙනාගෙ මිනුම්දණ්ඩත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්.
එහෙම තීරණ ගන්න එක අනෙක් තරගකරුවන්ට කරන අසාධාරණයක් කියල හිතෙන්නෙ නැද්ද?
ඇත්තටම මේ තරගාවලිය ගොඩක් දුරට ඉදිරියට යන්නෙ මානුෂීය කරුණුත් එක්ක. මේක මුල ඉඳන්ම බලපු කෙනෙක්ට ඒක හොඳින්ම තේරෙනව ඇති. ජජ්බෝඞ් එකේ ඉන්න අපි තුන්දෙනාම එහෙම මානුෂීය කරුණු බලල තීන්දු ගත්ත අවස්ථා ඕන තරම් තියෙනව. එහෙම කියල හරි තැනකදි තීරණයක් ගන්න ඕන වුණොත් ඒ තීරණය ගන්නව. අනිත් එක තමයි කිසිම තරගකරුවෙක් එක්ක අපේ කිසිම පෞද්ගලික සම්බන්ධතාවක් නෑ. ඒ ඒ අවස්ථාව අනුව තමයි එහෙම තීරණ ගන්න ගොඩක්වෙලාවට සිද්ධ වෙන්නෙ. ඒ වුණත් දක්ෂයෙක්ට අසාධාරණයක් වෙන විදිහට කිසිම වෙලාවක අපි තීන්දු තීරණ ගන්නෙ නෑ.

ශිහාන් මිහිරංග
‘හිරු ස්ටාර්’ මේ වන විට අවසන් අදියරට ඇවිල්ල තියෙනව?

ඇත්තටම සතුටුයි මේ වන තෙක් ‘හිරු ස්ටාර්’ එක්ක ආපු ගමන ගැන. ප්‍රධානම දේ තමයි මාව මිනිස්සු හඳුනගත්තෙත් ‘හිරු ස්ටාර්’ වගේ රියැලිටි වැඩසටහනක් නිසා. ඉතින් එහෙම වැඩසටහනක ජජ් කෙනෙක් විදිහට වැඩකරන්න ලැබීම මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ ලැබිච්ච චාන්ස් එකෙන් මම වගේම තවත් ඉදිරියට එන්න ඉන්න පිරිසකට අවස්ථාවක් දෙන්න ජජ් කෙනෙක් හැටියට වැඩ කරන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා.
ඔබ හිතනවද දැනට ඉතිරිව ඉන්න තරගකරුවන් 36 දෙනා තමයි තරගාවලියට ඉදිරිපත්වුණු දක්ෂම තරගකරුවන් කියල?
මම එහෙමම හිතන්නෙ නෑ. දක්ෂයොත් අපි අතරින් මඟහැරිල යන්න ඇති. මොකද තරගාවලියෙ ස්භාවය අනුව තරගකරුවන් ඉස්සරහට යනවද එතැනින් නවතිනවද කියල තීරණය වෙන්නෙ ඒ වෙලාවෙ ඔවුන් දක්වක දක්ෂතාවය අනුව. කොච්චර දක්ෂ කෙනෙක් වුණත් ඒ වෙලාව හරියට තමන්ගෙ ගායනය ඉදිරිපත් කළේ නැත්නම් ඔහුට වෝට් ලැබෙන්නෙ නෑ. ජජ්ලගෙ වෝට් එක ලැබෙන්නෙත් නැහැ. මෙතනදි වඩාත්ම වැදගත් වෙන්නෙ ඒ වෙලාවෙ කරන ඉදිරිපත් කිරීම හරියට කරනවද නැද්ද කියන එක තමයි. හැබැයි අවසන් තරගවලදි එහෙම අඩුපාඩු වෙන්න තිබුණ ඉඩ බොහොම අඩුයි. ඉතින් දක්ෂයො ටිකක් තමයි මේ වෙනකොට තරගාවලියෙ ඉතිරිවෙලා ඉන්නෙ.
තරගකරුවන්ට ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩු වැඩි වෙන්න ජජ්මන්ට් එකේ අදහසුත් බලපානව කියල ඔබ හිතනවද?
එහෙම වෙන අවස්ථාත් තියෙනව. අපි දෙන කමෙන්ට එක අනුව වෝට් කරනවද නැද්ද කියල තීරණය කරන ප්‍රේක්ෂයන් පිරිසකුත් ඉන්නව. ඒ හින්ද පෞද්ගලිකව මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ මගේ කමෙන්ට් එකක් තුළින් තරගකරුවෙක්ගෙ වටිනාකම ඉස්මතු වෙලා පේන විදිහට ඔහුගෙ දක්ෂතාවය වර්ණනා කරන්න.
විනිශ්චයකරුවන් විදිහට ඔබලා ගන්න තීන්දු තීරණ ගැනත් ඔබලා අතරම මත ගැටුම් ඇතිවෙනව?
ඒකට ප්‍රධානතම හේතුව වෙන්නෙ අපි තුන්දෙනා පුද්ගලයන් තුන්දෙනෙක් වීම. අපි තුන්දෙනාම එක එක කාලවල මේ ක්ෂේත්‍රයට ආපු අය. නිරෝෂා විරාජිනී ගත්තොත් ඇය මට වඩා ඉතාම ප්‍රවීණ ගායන ශිල්පිනියක්. ඉතින් අපේ අදහස් බොහෝ විට එකිනෙකාට වෙනස්. ඒක තමයි මං හිතන්නෙ මත ගැටුම් ඇතිවෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ. අනිත් එක තමයි වැඩසටහන සජීවීව විකාශනය වෙන හින්ද අපි අතර ඇතිවෙන හැම කතාබහක්ම ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙනව. ඒ හින්ද බලන අයට පේන්නෙ අපි අතර නිතර ගැටුම් ඇතිවෙනව කියල. හැබැයි ඒ හැම දෙයින්ම අපි උත්සාහ කරන්නෙ තරගකරුවන්ට සාධාරණයක් කරන්න.
රණ්ඩු සරුවල් වෙන්නෙ කලින් සැලැසුම් කළ පිටපතකට අනුව කියල චෝදනාවක් කළොත්?
පිටින් බලන කෙනෙක්ට ඒක එහෙම පේන්න පුළුවන්. මේ වැඩසටහනට සහභාගි වෙනවට අපිට යම්කිසි ගෙවීමක් කරනව. ඒත් මුදල් ලැබුණු පලියට කවුද කැමැති වෙන්නෙ කාගෙන්වත් බැනුම් අහන්න. අපි තුන්දෙනාම නමක් දිනාගත්ත ශිල්පීන්. ඉතින් පිටපතකට අනුව වුණත් රටක් ඉදිරියෙ කාගෙන්වත් බැනුම් අහන්න, රණ්ඩු වෙන්න කවුරුත් කැමැති නෑ. අනිත් එක තමයි කලින් සැලැසුම් කරල ඒ විදිහට හැසුරුණොත් ඒක ප්‍රේක්ෂකයන්ට හොඳින්ම පේනව. ඒ සිද්ධවෙන දේවල් හැම එකක්ම ඒ ඒ වෙලාවෙ අපි ගන්න තීන්දු තීරණ අනුව වෙන දේවල්. පිටපතක් අනුව සිදුවෙන කිසිම දෙයක් නෑ.
මතගැටුම් දුරදිග ගිය අවස්ථා එහෙම නැද්ද?
සමහර අවස්ථා තියෙනව ඇයි නිරෝෂා ඔයා එහෙම කළේ, ඇයි අමල් අයියෙ ඔයා එහෙම කළේ කියල වැඩසටහන ඉවර වුණාට පස්සෙ අහන. ඊට පස්සෙ ඒක අමතක කරල ගෙදර යනව. උපරිම සතියක් විතර තමයි ඒක හිතේ තියෙන්නෙ. ඊළඟ සතියෙ ආයි හමු වුණාම ඒ ඔක්කොම අමතක කරල පරණ විදිහට වැඩ කරනව.
රියැලිටි වැඩසටහනකින් පැමිණි ඔබට නිරෝෂා වැනි ප්‍රවීණ ශිල්පිනියක් සමඟ එකම ජජ්බෝඞ් එකක වැඩ කරන්න ලැබීම කොහොමද දැනෙන්නෙ?
ඇත්තටම මම නිරෝෂත් එක්ක වැඩ කරන පළමු අවස්ථාව මේක නෙමෙයි. මීට කලින් ඉඳන්ම මම නිරෝෂත් එක්ක මේ විදිහට රියැලිටි ජජ්බෝඞ්වල වැඩ කරල තියෙනව. ඒ කිසිම අවස්ථාවක මායි නිරෝෂයි අතර ගැටුමක් ඇතිවෙලා නැහැ. ඒ හැම අවස්ථාවකම නිරෝෂා මට වචනෙකින් හරි උදව් කරල, මගෙත් එක්ක ඉතාම මිත්‍රශීලීව තමයි වැඩ කරල තියෙන්නෙ. ඇය ප්‍රවීණ ශිල්පිනියක් කියල කිසිම අවස්ථාවක මම අවතක්සේරු කරල නෑ. හැම වෙලාවෙම සහෝදරයෙක්ට වගේ තමයි මම සලකල තියෙන්නෙ.
තීන්දු තීරණ සඳහා හිරු ආයතනයෙන් බලපෑමක් තියෙනවද?
එහෙම කිසිම බලපෑමක් හිරු එකෙන් අපිට නෑ. අපේ තීන්දු තීරණ සඳහා සම්පූර්ණ නිදහස අපිට තියෙනව. මම ආයතන ගණනාවක් එක්ක රියැලිටි වැඩසටහන්වල වැඩ කරල තියෙනව. ඒ අතරින් මට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් හොඳම ආයතනයක් විදිහට හිරු ගැන මට සහතිකයක් දෙන්න පුළුවන්.
හිරු ස්ටාර් ඊළඟ තරග තරුව ශිහාන්ගෙ කණ්ඩායමෙන් බිහිවෙයිද?
කාගෙ කණ්ඩායමේ වුණත් කමක් නෑ. දක්ෂයෙක් ඊළඟ තරුව වෙනව දකින්න තමයි මගේ කැමැත්ත.

ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ගම හදන්න බැසිල් හදපු අලුත්ම සැලැස්ම මෙන්න (PHOTOS)

Next Post

අලියාන්ස් ලංකා රක්ෂණ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත්භාවය නැංවීමට කටයුතු කරයි

MORE NEWS

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.