ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන සියලුම දිස්ත්‍රීක්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
අමාත්‍යවරුන් කමිටු ලෙස සංවීධානගත වී ගමේ ජනතා ප්‍රශ්න විසඳීමට පියවර ගැනීම මේ හරහා සිදු කෙරේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සිදු කෙරෙයි. මේ අනුව
- සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව
- ජීවනෝපාය සංවර්ධන කමිටුව
- දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව
- ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව යන කමිටු හතර මගින් මෙම වැඩසටහන දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙයි.
මෙම ප්‍රධාන කමිටු හතර මඟින් දිවයින පුරා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පළාත් මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමෙන්,සහ ග්‍රාමීය මට්ටමෙන් අමාත්‍යාංශවල වැඩසටහන් සකස් කරමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට අදාළ කරුණු අධ්‍යයනය කරමින් කටයුතු කරනු ඇත.
ප්‍රධාන කමිටු හතර කැබිනට් අමාත්‍යවරුන්ගෙන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් සමන්විත වන අතර ඒ ඒ පළාත්වල දිස්ත්‍රික්කවල, ප්‍රාදේශීය දේශපාලන නායකත්වයෙන් සහ ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත.
මෙම ජාතික වැඩපිළිවෙළ පිළිබඳව කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී පැවති වැඩසටහනක දී ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය මැතිවරණවලදී සෞභාග්‍යයේ දැක්ම යටතේ රජය ඉදිරිපත් කළ ග්‍රාමීය මට්ටමේ දියුණු යටතල පහසුකම් පද්ධතියක් ඇති කිරීමේ යෝජනාව සාක්ෂාත් කරගැනීම සදහා අයවැයෙන් වෙන්කරන මුදල් ප්‍රමාණය වඩා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත ගතහැකි ආකාරයෙන් කටයුතු කිරීම මෙම ජාතික වැඩපිළිවෙළ තුලින් අපේක්ෂා කෙරෙන බවයි.
මෙම කමිටු දිස්ත්‍රික් මට්ටමින් රැස්වන අවස්ථාවන්හිදී කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ප්‍රධාන පෙළේ නිළධාරීන්ගේ ප්‍රාදේහීය නිළධාරීන් ඊට සම්බන්ධ කර ගැනීම තුළින් වඩා කාර්යක්ෂමව ව්‍යාපෘති දියත් කිරීමට අපේක්ෂා කෙරෙයි.
ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙම වැඩපිළිවෙල සම්බන්ධීකරණය කෙරෙන අතර ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන් සඳහා රජයේ නිලධාරීන් කාර්යක්ෂම යොදවා ගැනීමට මෙමඟින් අපේක්ෂා කෙරෙයි.
මෙම සාකච්ඡාව සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.