අද වෙනකොට සමාජය තුළ තිබෙන තරගකාරීත්වයෙන් වැඩිම මාතෘකාව බවට පත්ව ඇත්තේ දියුණුවයි. නිතරම කෙනකු පරයා ඉදිරියට යෑමේ හැඟීමකින් යුතු පුද්ගලයන් බිහිවීම තුළ මෙම තත්ත්වය වර්ධනය වී ඇති ආකාරයක්ද දැකගත හැකිය. එනිසාම තම තමන්ගේ විවිධ අරමුණු ඔස්සේ යමින් කෙසේ හෝ දියුණුව ලබා ගැනීමේ අදහසින් කටයුතු කරන්නන් සේම විවිධ ඇදහිලි විශ්වාස සහ සිතුවිලි ඔස්සේ සිය අරමුණු ඉටුකර ගන්නට කටයුතු කරන්නෝද බහුලව දැක ගැනීමට ලැබේ.
නිමාවක් නොවන සිහිනයන් පසුපස හඹායන මිනිසාට සිය සිහින ප්‍රාර්ථනා මල්පල ගන්වා ගන්නට මේ විවිධ වූ ඇදහිලි විශ්වාසයන් ප්රබලව දායකත්වය සපයනවාද නැද්ද යන්න තර්ක කරනවාට වඩා එම විශ්වාසයන් සමගින් බද්ද වෙමින් සිය අරමුණු කරා ගමන් කළ පිරිස් සිටින බව පමණක් අවබෝධ කරගැනීම පහසු වන තරමට අද වන විට සමාජයේ බොහෝ පිරිසක් සිය දියුණුවේ ගමනට විවිධ ඇදහිලි හා විශ්වාසයන් එකතු කරගෙන තිබේ.
එවන් උපකරණ අතර ප්‍රධානම තැනක් හිමිකර ගන්නා දෙයක් ලෙස වජ්ර සීනුව සහ වජ්‍රය හඳුන්වා දිය හැකි අතර අද පමණක් නොව වසර දහස් ගණනක් ඈත ඉතිහාසයේ විසූ පිරිස පවා විශ්වයේ ඇති ජීවපාලන විශ්ව ශක්තිය තමාට අවැසි ආකාරයට පාලනය කර ගනිමින් තම දියුණුව සහ සෞභාග්‍ය ළඟාකර ගැනීම උදෙසා වජ්‍රය භාවිතා කළ බවට සාක්ෂි සාධක අනන්තවත් හමුවී තිබේ.
සාමාන්‍ය භෞතිකත්වය ඉක්මවා ගිය අධි භෞතික සහ අධ්‍යාත්මික උපකරණ පද්ධතියක් ලෙස වජ්ර සීනුව සහ වජ්‍රය හඳුන්වා දීමට හැකි අතර සීනුවක් සවිකළ වජ්‍රය මනසට ප්‍රබල බලපෑමක් සිදුකළ හැකි නිර්මාණයක් ලෙසටයි සැලකෙන්නේ. එසේම විශ්වයේ ඇති දිව්‍යමය ශක්තිය මනස වෙත යොමුකරමින් මිනිසාට තම අරමුණු සැබෑකර ගැනීම උපරිම අවස්ථාවක් සැපයීමට වජ්‍රයකට හැකියාව ඇති බවද පැවැසේ. කෙනකුගේ භෞතික සහ අධ්‍යාත්මික යන අංශ දෙකෙහිම දියුණුවට වජ්‍රය තුළින් ප්‍රබල දායකත්වයක් සැපයෙන අතර එමගින් පුද්ගලයන්ගේ අධ්‍යාත්මය සහ භෞතික දියුණුව ඉතා ඉක්මනින් සහ ක්‍රමානුකූලව සිදුකෙරෙන බවටත් විශ්වාසයක් වෙයි.
යම් පුද්ගලයකුට කොතරම් සැප සම්පත්, ධනය ලැබුණද ඔහු තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඇත්නම් ඒ පුද්ගලයාගේ දියුණුව සම්පූර්ණ නොවේ. එහෙත් වජ්රයක් භාවිතා කරන්නා තුළ එම දුර්ගුණ ඇති නොවන බවත් ඔහු ඉතා ගුණවත් පුද්ගලයකු බවට පත්වන බවත් පැවසෙන අතර එමගින් ඔහු අංගසම්පූර්ණ සාර්ථක අයකු බවට පත්වන බවත් හඳුනාගෙන ඇත.
වජ්‍රයක මූලික හැඩතලය නිර්මාණය කර ඇත්තේ ඕම් ශබ්දය නිකුත් කරන ආකාරයට වන අතර එහි ඉහළ සවිකර ඇත්තේ වජ්ර යුධයයි. ඒ තුළින් ඇදගන්නා විශ්ව ශක්තිය ඕම් ශබ්දය සහිත ධ්වනි තරංග බවට හරවා මිනිසා වෙත සම්ප්‍රේෂණය කිරීම හරහා මෙය භාවිතා කරන්නන්ගේ මානසික ශක්තිය ඉහළ නැංවීමත් ඔවුන්ට විශ්ව ශක්තිය ශරීරයට ඇතුළු කිරීමත් සිදුකරයි. එමඟින් මිනිසා නිරෝගී කිරීමත් මානසික ශක්තිය ප්‍රබල කිරීමත් ප්රබලව සිදුවේ.
වජ්රයක් භාවිත කිරීම ආවාට ගියාට සිදුකළ නොහැක. මේ සඳහා ඍෂි නියමයන් පිළිපැදිය යුතුය. එසේ නොවුණහොත් ලැබෙන ප්‍රතිඵල වෙනස් විය හැකිය. යම් පුද්ගලයකු වජ්ර සීනුවක් භාවිතා කිරීමේදී එම සීනුව ඔහුගේ පාද මට්ටමේ නොතැබිය යුතු බවට පැවසෙන අතර එය නිතරම සැලකිය යුතු උසකින් ස්ථානගත කළ යුතුය. ව්‍යාපාරිකයකු නම් එය තම ව්‍යාපාරික ස්ථානයේත්, අධ්‍යාපනය ලබන්නකු නම් තම මේසය මතත් ආදී ලෙස ඒ ඒ කාරණාවලට අදාළව ඊට සුදුසු හොඳම තැන නිසි ස්ථානයක් වජ්‍රයට ලබාදිය යුතු බව විශ්වාසයි.
කිසිදු අවස්ථාවක නිවෙසක කුණු කිළිටි ඇති ස්ථානයකට වජ්‍රය රැගෙන නොයා යුතුය. මන්ද එවිට එහි ශක්තියට විශාල ලෙස හානි ගෙනදිය හැකි බැවිනි. එසේම වජ්ර සීනුවත් සෑම විටම පිරිසිදු රෙදි කඩක් මත පිරිසිදු ස්ථානයක තැබීමෙන් එහි බලවත් බව නිසි අයුරින් සුරැකෙන බවට විශ්වාසයක් වෙයි. වජ්‍රය භාවිත කරන්නා නිර්මාංශ පුද්ගලයකු වන තරමට මෙහි ගුණ දීමේ ප්‍රවණතාවය අධික වන අතර සෑම දිනකම ආරම්භයේ සිට ආගම සිහිකර වජ්ර සීනුව නාදකර තම කටයුතු සපලවන්නැයි ප්‍රාර්ථනා කිරීමද පුරාණ සිරිතකි. ඒ හා සමඟම පහත සඳහන් ගයත්‍රි මන්ත්‍රයද ගායනා කිරීමෙන් වඩාත් සුබපල ලබාගත හැකිය.
ඕම් තූර් ගුවාස් ස්වඃ
තත්ස විභූර් වර්ණ්යම්
භර්ගෝ දේවශ්‍ය ධීමහී
වියෝ යෝභඃ ප්රචෝද්යාන්
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්











