සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ගිනි කන්ද කියලා කිව්වම ඔයගොල්ලෝ හිතෙනවා ඇති,
“අනේ ඒක පෘථිවියේ කොහේ තියෙනවද?” කියලා.
ඒත් ඇත්තටම සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ගිනි කන්ද තියෙන්නේ අඟහරුවල.
පෘථිවිය වගේම බුධ, සිකුරු, අඟහරු යන ග්‍රහලෝකවල සක්‍රිය ගිනි කඳු පවතිනවා. නමුත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වළල්ලෙන් පිටත පිහිටන බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක, වායුමය යෝධ ග්‍රහලෝක නිසා ගිනි කඳු පවතින්නේ නෑ.
නමුදු එම වායුමය යෝධ ග්‍රහලෝකවල පවතින චන්ද්‍රයන් තුළ පැහැදිලිව සක්‍රිය ගිනි කඳු පවතින බවට සාක්ෂි ලැබි පවතිනවා. උදාහරණක් ලෙස බ්‍රහස්පතිවල චන්ද්‍රයෙක් වෙන “අයෝ” චන්ද්‍රයාගෙ තමයි වැඩිම සක්‍රිය ගිනි කඳු ප්‍රමාණයක් පවතින්නේ. දැනට අයෝ චන්ද්‍රයා සතුව ගිනි කඳු 400කට පමණ ප්‍රමාණයක් තිබෙන බවට විද්‍යාඥයන් කියා තිබෙනවා.
මුලින්ම අපි ගිනි කන්දක් කියන්නේ මොකක්ද කියලා බලමු.
ඕනැම ග්‍රහලෝකයක මතුපිට පෘෂ්ඨයේ පිහිටන විවිරයන්වලට තමයි ගිනි කඳු ලෙස අර්ථ දක්වන්නේ. ඉතින් මෙම විවිර තුළින් ග්‍රහලෝකවල අභ්‍යන්තර තුළ පවතින ලාවා, විවිධ වායුන් සහ වායු අළුවලට ග්‍රහලෝකයේ මතුපිටට පැමිණෙන්ට උදව් වෙනවා.
ඉතින් මේ හරහා, ග්‍රහලෝකවල අභ්‍යන්තරය සිසිලනය කිරීමද,
පෘථිවි වායුගෝලයට අමතර වායුන් එකතු කිරිමද,
ඊට අමතරව අලුතින් දුපත් එකතු කිරීමද,
පෘථිවි වායුගෝලය තුල කාලගුණය වෙනස් කිරිමටද හැකියාව පවතිනවා.
ඉතින් දැන් අපි කතා කළොත් සොරග්‍රහ මණ්ඩලයේ විශාලතම ගිනි කන්ද මොකද්ද කියලා.
එය තමයි අඟහරුවල පිහිටන “ඔලිම්පස් මොන්ස්” (Olympus Mons) ගිනි කන්ද.
මෙම ගිනි කන්ද කිලෝමීටර් 21ට වඩා උස වන අතර අඩිවලින් ගත්තොත් අඩි 72,000ක්ය.
පෘථිවියේ වැඩිම උසක් වන එවරස්ට් කන්ද වගේ තුන් ගුණයක් උස වේ. (Everest Height – 7km)
ඒ වගේම සොරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස සැලකුවත් ඔලිම්පස් මොන්ස් ගිනි කන්ද තමයි පළමු තැන ගන්නේ.
ඒ වගේම මෙම ගිනි කන්ද කෙතරම් විශාලද කියනවා නම් මෙම ගිනි කන්ද තුළට ප්‍රංශ රටේ භුමි ප්‍රමාණය දැම්මත් ප්‍රංශය තරම්ම විශාල වෙනවා. කිලෝමීටර්වලින් ගත්තොත් කිලෝමීටර් 600 පමණ පළල් වෙනවා.
විද්‍යාඥයන්ට ඊළඟට එන ප්‍රශ්නය තමයි කොහොමද මෙච්චර උසට සහ විශාලත්වයෙන් (පළලින්) මෙලස ගිනි කන්දක් බිහිවුණේ කියලා.
එවිට විද්‍යාඥයන් පළ කරන මත දෙකක් පවතිනවා. අඩු ගුරුත්වාකර්ෂණ බලය නිසා මෙච්චර උසට කන්ද වැඩුණු බවත්, අඟහරු භූ තැටිවල චලනය ඉතාමත් අඩු අගයක් මත පවතින නිසා මෙතරම් පළල් ලෙස ගොඩනැඟීමට උදව් වූ බවත්ය.
ඉතින් මෙම හේතු දෙක නිසාම ගිනි කන්ද සක්‍රිය අවස්ථාව ආ විට පිපිරී ලාවා විසිරී විශාල පිපිරීම් සිදු නොවමින් එම කන්ද වටේටම ලාවා සෙමින් ගාලා යමින් අවුරුදු මිලියන ගණනාවක් තුළ සෙමින් බිහි වූ බවයි.
ඒ වගේම 1971 දී අඟහරු වෙත ළඟා වුණ Mariner 09 චන්ද්‍රිකාව විසින් මෙම ගිනි කන්ද පැහැදිලිව ගිනි කන්දක් ලෙස හඳුනා ගන්නා ලදී.
ඉතින් මේ තමයි සෞරග්‍රහ මණ්ඩලේ විශාලතම ගිනි කන්දේ කතාව..!
ඔබට මෙම ලිපිය කියවලා, තවමත් මෙම ගිනි කන්දේ විශාලත්වය ගැන හරි හැටි තෙරුමක් නැත්තම් ඔබ අපි ජීවත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමාණය ගැන යම් හරි වැටහීමක් ඇති නේ,
ඉතින් ගණනය කිරීම් අනුව මෙම ගිනි කන්ද ලංකාව වගේ 05 ගුණයක් විශාල වෙනවා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
එච්.ඩී. සචිත දුලංග











