• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඊජිප්තුවෙන් මතුවුණු අවුරුදු 2500ක් පරණ මළ සිරුරු

October 17, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ඊජිප්තුවෙන් මතුවුණු අවුරුදු 2500ක් පරණ මළ සිරුරු
Share on WhatsAppShare on Facebook

ඊජිප්තුව යනු හැකි සෑම විටෙකම තමන්ගේ රටේ අතීතය ගොඩගන්නා රටක් ලෙස ඉදිරියෙන්ම සිටිනා රටකි. එසේම ඊජිප්තුවට ඇත්තේද එසේ මෙසේ කුඩා ඉතිහාසයක් නොවේ. ඒ නිසාම ඔවුන් නිරන්තරයෙන් තම අතීතය ගොඩ ගැනීමට පෙලඹෙයි. එහි ප්‍රතිඵලද විටින් විට මුළු ලෝකයාටම දැනගන්නට ලැබෙයි. මේ අතර පසුගියදා එවැනි අලුත්ම පුවතක් ඊජිප්තුවෙන් ඇසෙන්නට විය. ලෝක මාධ්‍ය තුළ ඊට ඉතා සෑහෙන ඉඩකඩක් වෙන් වුවද අපේ රටේ මාධ්‍යයට නම් එය එතරම් පුවතක් නොවීය. නමුත් සමාජ මාධ්‍ය තුළ මෙම පුවත වේගයෙන් සංසරණය විය.

උණු කැවුම් මෙන් විකිණුනු එම පුවත වූයේ වසර 2500 ක් තරම් අධික කාලයක් මිහිදන්ව පැවති මිනී පෙට්ටි රැසක් සොයාගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ සමත්වීමයි. මේ අනුව ඔවුන් සොයාගත් මිනීපෙට්ටි සංඛ්‍යාව ගණනින් විසිහතකි. විශේෂයෙන්ම මෙම මිනීපෙට්ටි කතාවේ තවත් එතැනින් එහාටද ගියපු කතා තිබේ. ඒ අනුව අපේ මේ සූදානම වසර 2500ක් තරම් අධික කාලයක් මිහිදන්ව පැවති මිනී පෙට්ටි විසිහතක් සොයාගැනීමේ සම්පූර්ණම කතාව ඔබට පැවසීමටයි. සැබෑ ලෙසටම එය කියවන ඔබ දැනගත යුතුම කතාවකි. මොකද එය වටිනා කතාවකි.

අප ඉහතින් පැවසූ මිහිදන්ව පැවති මිනීපෙට්ටි සමූහය ගොඩගෙන ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ නම් අගනුවරට දකුණු දිශාවෙන් පිහිටි සකාරා ප්‍රදේශයේ පවතින ඉතා පුරාණ සුසාන භූමියකිනි. සැබෑවටම ඊජිප්තුවේ කයිරෝ අගනුවරින් කිලෝමීටර් තිහක් පමණ දකුණු දිශාවෙන් පිහිටි සකාරා යනු පෞරාණික සුසාන භූමියකි. එවකට ජීවත් වූ බව කියන පුරාණ ඊජිප්තු වැසියන් විසින් එකල මමිගත කරන ලැබූ බව කියන මළසිරුරු මිහිදන් කිරීම සඳහා සහශ්‍ර දෙකකට අධික කාලයක් තිස්සේ මෙම ස්ථානය යොදාගන්නට ඇති බව පැවසෙන අතරම මෙම ස්ථානය ලෙස අප සඳහන් කරනු ලැබුවේ ඉහතින් කී ඊජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණු දිගින් පිහිටි සකාරා ප්‍රදේශයේ ඇති ඉතා පුරාණ එහෙත් සුප්‍රසිද්ධ සුසාන භූමියයි. තවද වසර තුන්දහසකට වඩා පැරණි ඉතිහාසයක් සහිත මෙම සුසාන භූමිය පවතින සකාරා පුදබිම යනු ලෝක උරුමයක් ලෙසටද යුනෙස්කෝ ආයතනය විසින් නම් කරනු ලැබූ ස්ථානයකි. එයද මෙහිදී දකින්නට ලැබෙන එක්තරා විශේෂත්වයකි.

මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ඊජිප්තු පුරාවිද්‍යාඥයින්ට මුලින්ම පෞරාණික මිනීපෙට්ටි දහතුනක් හමුවී ඇති අතර අනතුරුව ඔවුන් එහි තවදුරටත් කැණීම් සිදුකර තිබේ. එහිදී ඔවුන්ට අනෙක් මිනීපෙට්ටි දාහතර හමුවී ඇති බව පැවසෙයි. ඒ අනුව ඔවුන් පසුගියදා සම්පූර්ණ මිනීපෙට්ටි විසිහතක් සොයාගෙන තිබේ. මේ ලෙසට පෞරාණික මිනීපෙට්ටි සොයාගත් ඊජිප්තු පුරාවිද්‍යාඥ පිරිස පවසන්නේ මෙවැනි වර්ගයේ පුරාවිද්‍යාත්මක වූ වටිනාකමක් සහිත විශාලතම සොයාගැනීම් අතරට මෙයද එක්වෙනු ඇති බවයි. මේ අතර මෙම ගොඩගත් මිනීපෙට්ටි කතන්දරයේ සුලමුල නිශ්චිතවම තහවුරු කරගැනීම සඳහා තවදුරටත් මෙම ස්ථානයේ කැණීම් සිදුකරගෙන යාමට තීරණය කොට ඇති බව ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ පවසති. එහිදී ඔවුන් දැනට හෙළිදරව් කරගෙන ඇති රහස් සියල්ලම ඉදිරි දින කිහිපය තුළදී ප්‍රකාශයට පත් කිරීමටද කටයුතු කරනු ඇත. ඒ අනුව අපට ඉදිරියේදී වසර 2500ක් තරම් අධික දීර්ඝ කාලයක් මිහිදන්ව පැවති ඒ මිනීපෙට්ටි කතන්දරයේ තවත් විස්තර දැනගත හැකිය.

ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ සොයාගත් මේ මිනීපෙට්ටි විසිහත ගැන පැවසීමේදී මෙම මිනීපෙට්ටි සියල්ලම විචිත්‍ර අයුරින් පින්තාරු කර ඇති බව පැවසෙයි. තවද ඒ මිනීපෙට්ටි සියල්ලම තනා ඇත්තේ දිරාපත් නොවන ආකාරයට මනාව පදම් කර තිබෙන ලී වර්ගයකින් බවද සඳහන්ය. එසේම ඊජිප්තුවේ පුරාවස්තූන් භාර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම පුරාණ මිනීපෙට්ටි ඉතා හොඳින් වසා ඇති බවත් මිහිදන් කළ දින පටන් මේ කාලය දක්වා ඒ සියල්ලම කිසිවෙකුත් විසින් විවෘත කරනු ලැබ නැති බවයි. මේ අතර එම ස්ථානයේම තිබී තවත් පෞරාණික වස්තු කිහිපයක්ද සොයාගෙන ඇති අතර ඒවා මොනවාදැයි යන්න තවමත් ඔවුන් හෙළිකොට නැත. කෙසේ වුවද මෙම ස්ථානයේ තවදුරටත් කැණීම් සිදුකරගෙන යාම මත තවත් බොහෝ දේවල් මෙම භූමියෙන් හමුවෙනු ඇති බව ඊජිප්තු පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි.

මෙම අපූර්ව මෙන්ම පෞරණික වූ සොයාගැනීම් පිළිබඳව ඊජිප්තුවේ පුරාවස්තූන් භාර අමාත්‍යවරයා ඉතා සතුටුව ඇති අතර එම කැණීම් කෙරුණු ස්ථානය සියැසින් දැකබලා ගැනීමට ඔහු පැමිණෙනතුරු මෙම වටිනා සොයාගැනීම පිළිබඳව නිවේදනය කිරීම පවා පමා කෙරුණි. ඒ අනුව මෙම ඉතා වටිනා සොයාගැනීම පිළිබඳව කන වැකුණු වහාම පෞරණික සොයාගැනීම් පිළිබඳව ඊජිප්තුවේ පුරාවස්තු භාර අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ තිබේ. පසුව අඩි තිස්හයක් පමණ ගැඹුරට හාරන ලද වළක් තුළ ඉතා දුෂ්කර තත්ත්වයක් මාධ්‍යයේ සේවය කරන කාර්ය මණ්ඩලයටද ඔහු සිය ස්තුතිය පුදකර තිබේ. ඒත් සමඟම මෙම ඉතා වටිනා සොයාගැනීම පිළිබඳව නිවේදනයක් නිකුත් කළ අතර මේ මොහොතේ පවා ලෝකයේම අවධානය ඊජිප්තුව දෙසට යොමුවී තිබේ.

අප ඉහතදී සඳහන් කළ ආකාරයට මෙසේ හමුවූ පෞරාණික මිනීපෙට්ටි අසල තිබී සොයාගන්නා ලද අනෙකුත් පුරාවස්තූන් පිළිබඳව අදටත් නිශ්චිත ලෙස සඳහනක් හෝ තොරතුරක් නොමැත. එහෙත් ඊජිප්තු පුරාවිද්‍යාඥයින් පවසන්නේ එම පුරාවස්තූන් ඉතාමත් විචිත්‍රවත් වූ කැටයම් සහ පින්තාරු සහිත බවයි. ඒ හරහා එකල ඊජිප්තුවේ නිර්මාණ කලාව ගැන අලුත් ඇහැකින් බැලීමට දැන් ඊජිප්තු පුරාවිද්‍යාඥයින් වෙත අවස්ථාව ලැබී ඇත. මේ අතර ඔබට මතක නම් මීට වසර දෙකකට පෙරදී එනම් 2018 වර්ෂයේදී ඊජිප්තු පුරාවිද්‍යාඥයින් විසින් එරට සකාරාහි එක් පිරමීඩයක් අසල තිබී සංරක්ෂිතව තිබූ සත්ව මළ සිරුරු විශාල ප්‍රමාණයක් සොයාගැනුණි. ඒ සියල්ලම එදා ඊජිප්තුවේ මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කළ අතර ඒ අතර මමිකරණයට ලක්කරන ලද බළලුන්, කිඹුලන් මෙන්ම නාගයන් සහ පක්ෂීන් රැසක්ද විය. එහි දිගුවක් ලෙස බොහෝදුරට මෙදා සොයාගත් පෞරාණික මිනීපෙට්ටි ප්‍රදර්ශනය කරනු ඇත. නමුත් එය පිළිබඳව තවමත් එරටින් නිශ්චිත නිවේනයක් නිකුත් කර නැත.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන්න මට ලැජ්ජයි

Next Post

යස ඉසුරු ගෙනදෙන වජ්‍ර සීනුව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.