තැන්පතුකරුවන්ට ඔවුන්ගේ ස්ථාවර ගිණුම්වලට සම්බන්ධ කර තිබෙන ඩෙබිට් කාඞ්පතක් හෝ ක්‍රෙඩිට් කාඞ්පතක් මගින් තැන්පතුවේ වටිනාකමට ගැළපෙන ලෙස මුදල් ලබාගත හැකිි ‘Cash on Fixed Deposits’ නැමති පහසුකමක් කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වාදී ඇත.
ස්ථාවර තැන්පතු ගනුදෙනුකරුවන් මුහුණදෙන බලාපොරොත්තු නොවන මූල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙම පහසුකම විශේෂයෙන්ම සැලසුම් කර හඳුන්වා දුන් බව බැංකුව සඳහන් කරයි.
මේ අනුව, හදිසි අවස්ථාවකදීි ‘Cash on FD’ පහසුකම ලබාගත් ගිණුම් හිමියන්ට තමන්ගේ එකතුවූ පොලී ආදායම් අහිමි නොකර ස්ථාවර ගිණුම පවත්වා ගෙන යාමට අවකාශය ලැබේ.
වසරක් හෝ එයට වැඩි කාලයක් වෙනුවෙන් රුපියල් 100,000ක අවම මුදලක් යොදාගනිමින් ස්ථාවර ගිණුමක් විවෘත කරන ගනුදෙනුකරුවන්ට හඳුන්වාදෙන ඩෙබිට් කාඞ්පත මගින් ස්ථාවර තැන්පතු වටිනාකමින් 90%ක් දක්වා මුදල් ආපසු ලබාගනිමින් මෙමි ‘Cash on FD’ පහසුකම මගින් ප්‍රතිලාභ ලබාගත හැකියි.
මෙම පහසුකම ඩෙබිට් කාඞ්පතක් මගින් භාවිතා කිරීමට තීරණය කළවිට බැංකුව විසින් රුපියල් 300ක් වැනි වට්ටම් කළ මිලකට ක්ෂණික ඩෙබිට් කාඞ් පතක් නිකුත් කරනු ඇත. මෙම පහසුකම සඳහා අමතර ගාස්තුවක් බැංකුව විසින් අය නොකරයි.











