• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සඳු කියන ඇගේ රහස්

October 3, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
සඳු කියන ඇගේ රහස්
Share on WhatsAppShare on Facebook

ජන්ම පත්‍රයක නවග්‍රහයින් අතරින් රවි හා සඳු ප්‍රධානම හා වැදගත්ම ආලෝක ග්‍රහයින් දෙපළ ලෙස අප ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ අතරින් සඳු හෙවත් චන්ද්‍රයා කාන්තා කේන්දරයක පිහිටා ඇති ආකාරය ඉතාමත්ම වැදගත් වේ. හඳහනක සඳුගේ පිහිටීම අනුව අපට කාන්තාවකගේ ගතිගුණ පිළිබඳව ඉතා පැහැදිලි ජ්‍යොතිෂානුකූල විග්‍රහයක යෙදිය හැකිය. කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයා සිටින ස්ථානය සහ සතුරු මිතුරු බවද විසිදෙවැනි දෙර්කාණාධිපතිගේ දෝෂයට හෝ දර්ශනයට හසුවීම විවිධ වූ ග්‍රහබල චන්ද්‍රයා තුළින් ඇති කරයි. එලෙසින්ම කාන්තා කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා නීච වීම බොහෝ අසුබ පිහිටීමක් ලෙස පිළිගැනීමක් ඇත. චන්ද්‍රයා නීච වීම තුළ ප්‍රධාන කරුණ ලෙස සඳහන් වන්නේ එවන් කාන්තාවන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වීමය. සඳුගේ නීචය ලග්න අනුව විවිධ වෙයි.
පහත දැක්වෙන්නේ ලග්න අනුව සඳු නීච වන අවස්ථා දොළසයි
මේෂයේදී අටේද,
වෘෂභයේදී හතේද,
මිථුනයේදී හයේද,
කටකයේදී පහේද,
සිංහයේදී හතරේ ද,
කන්‍යාවේදී තුනේ ද,
තුලාවේදී දෙකේද,
වෘශ්චිකයේදී එකේද,
ධනුවේදී දොළහේදී ද,
මකරයේදී එකොළහේදීද,
කුම්භයේදී දහයේද,
මීනයේදී නවයේදීද චන්ද්‍රයාගේ නීචවීම සිදු වෙයි.

එවැනි ස්ථානයක චන්ද්‍රයා නීච වීම කාන්තාවකගේ චරිතයට හානිදායකය. ඇගේ පාරිශුද්ධතාව අවදානම් යෑයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

චන්ද්‍රයා හෙවත් සඳු කාන්තා කේන්ද්‍රයක උච්ච නීච වීම පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වෙති. කාන්තා කෙන්ද්‍ර සටහනක චන්ද්‍රයා උච්චවීම අධ්‍යාත්මික දියුණුවට, ත්‍යාගශීලීභාවයට ආලය, සතුට සහ සිතුම් පැතුම් පිවිතුරු කිරීමට ඉවහල් වෙයි. චන්ද්‍රයා කාන්තා කේන්ද්‍රයක උච්ච වීම ඇතැම් විටෙක ඇගේ යුග දිවියට බාධකයක් විය හැකිය. කාන්තාවක අධ්‍යාත්මික දියුණුවට නැඹුරු වීම පරිත්‍යාගශීලී වීම මෙලොව දියුණුවට බාධා පමුණුවයි. තමා සතු දේපළ, වත්කම් වර්ධනය හෝ රැක ගැනීමට මැළිවීම අයහපත්ය. එලෙසින්ම චන්ද්‍රයාගේ යහපත් ගුණාංගයන් වන ආදරය, කරුණාව, අනුකම්පාසහගතවීම සහ අධි සංවේදී බව නිසාම එවැනි කාන්තාවන් නොයෙකුත් රැවටිලිවලට හසුවීමට ඉඩ ඇත. මෙවැනි ග්‍රහ යෙදුම් යම් කාන්තාවකට පිහිටියද ඇය ඒ පිළිබඳව දැනුවත්වීම තුළින් තම බුද්ධිය මත තම ආත්මගරුත්වය ආරක්ෂා කර ගැනීමට හැකිවෙයි.

ජන්ම පත්‍රයක සඳු නීච වීම තුළ බොහෝ විට ප්‍රේම සබඳතා තුළින් පරාජය වීම, රැවටිලිවලට ගොදුරුවීම, චංචල අදහස් ඇතිවීමත් දැක්විය හැක. හඳුනා ගැනීමෙන් තොරව දුටු පමණින් ප්‍රේම සබඳතාවලට යොමුවන්නේත් චන්ද්‍රයා නීච වූ තරුණියන්ය. එවන් තරුණියන් පහසුවෙන්ම තරුණයන්ගේ වසඟයට පත්වීමද ඔවුන් තම පෙම්වතුනට අසීමිතව ප්‍රේමයේ උණුසුම හිමිකර දීමෙන් ද ප්‍රේම වියෝගයන්ට බඳුන් වෙයි. ප්‍රේම සබඳතාවන් කඩවීම සහ විවාහයට ලැබෙන සහකරුවන්ගේ නොගැළපෙන බව චන්ද්‍රයා නීච වූ කාන්තාවන් හට උරුම විය හැකිය. එය ජාති – කුල – ආගම් හෝ වෙනයම් නොගැළපීමක් විය හැකිය. මෙම නොගැළපීම තුළ මානසිකව පීඩාවට පත්වන්නේ විවාහක පුරුෂයා නොව කාන්තාවයි.

අනියම් සබඳතා, විවාහයෙන් වෙන්වීම, සහකරුගේ හැරයෑම හෝ තාඩන පීඩන මෙම නොගැළපෙන විවාහයන් තුළ සිදුවෙයි.

කාන්තා කේන්ද්‍රයක කුජ සඳු කොතැනක හෝ එකට සංයෝගව සිටීමද විවාහයට පෙර ඇගේ චරිතය කැළැල් කර ගැනීමට හේතුවන ග්‍රහ යෙදුම් ලෙස පිළිගැනෙයි.

සඳු නීච වීම සඳු – ශනි සංයෝගය කාන්තාවන් දැඩි කනස්සල්ලකට පත් කරයි. විවාහ දිවිය තුළ අවැසි ආරක්ෂාව, සැනසීම අහිමි වූ විට ඇතිවන කලකිරීම දිවිතොරකර ගැනීමකට පවා හේතුවක් විය හැකිය. මෙවැනි සිදුවීම් සදු නීචවීම මත සිදුවන අයහපත් ප්‍රතිඵලයක් ලෙස සඳහන් වුවද, එහි යහපත් දේ නැත්තේද නොවේ.

බුද්ධිමත් තරුණිය තම කේන්ද්‍ර සටහනේ සඳු නීචවීම තුළින් තමනට අනාගතයේදී සිදුවිය හැකි අනර්ථය වටහා ගනියි. එම අවබෝධය තුළින් ඇය බුද්ධිමත්ව ජීවිතයට මුහුණ දෙයි. එවන් වූ යුවතියක රැවටිලි, මායම්වලට හසු නොවීම ද විවාහයෙන් පසු සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමද විශේෂත්වයකි.

චන්ද්‍රයා උච්ච වූ කාන්තාව ලෝකෝත්තර හෙවත් අධ්‍යාත්මික දියුණුව පැතීම තුළින් මෙලොව දියුණුව අසාර්ථක විය හැකිය. චන්ද්‍රයා නීච වූ කාන්තාව බුද්ධිය සහ තම අත්දැකීම් තුළින් ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමට උත්සාහ දරයි.

නීච සඳු ගුරු සමඟ සංයෝග වීමද ගුරුගේ දැකීමට හසුවීමද සඳුගේ නීච භංගයට හේතුය. නීච සඳු සිකුරුගේ සුබ දෘෂ්ටියකට ගොනු වීමද එම දොස් දුරුවීමට හේතුවෙයි. සඳු සිකුරු සංයෝගයෙන් උපදින කාන්තාවන් කාන්තා ලාලිත්‍ය මැනවින් විදහා පාන්නවුන්ය. එවන් කාන්තාවන් කලා ලොව බැබළෙන්නේ සඳු සිකුරුගේ යහපත් සංයෝගය නිසාය.

චන්ද්‍රයා නීච නොවූවද කාන්තා කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා පිහිටන ස්ථානය අනුව ඇය පිළිබඳව අපට පහත සඳහන් ආකාරයට තොරතුරු විමර්ශනය කර ගත හැකිය.
* පළමු භාවය – පමණ ඉක්මවා සිතුවිලි මෙහෙයවීමෙන් කටයුතු අඩාළ කර ගනියි. කටයුතු අතපසු වෙයි.
* දෙවන භාවය – ඉවසිලිවන්තය. විවාහයෙන් පසු සැමියාට දරුවනට සලකයි.
* තුන්වන භාවය – සහෝදර සහෝදරියන්ට හිතවත්ය. ඔවුනට සලකයි.
* සිවුවන භාවය – යහපත්ව නිවෙසක් සාදාගෙන සැනසිල්ලේ ජීවත් වීමට සිතයි.
* පස්වන භාවය – ප්‍රේම සබඳතා රැසකි. සොබා දහමට ආදරය කරයි.
* සයවන භාවය – සතුරු උවදුරු පිළිබඳ තැවෙයි.
* හත්වන භාවය – නායකත්වයට ළැදිය. අමනාපව ඉක්මනින්ම මිතුරු වෙයි.
* අටවන භාවය – මිථ්‍යා මත පිළිගනියි. අනවශ්‍ය ලෙස රෝග පිළිබඳව තැවෙයි.
* නමවන භාවය – විදෙස්ගත වීමට හේතුය. දයානුකම්පිතයි.
* දහවන භාවය – චරිතය ආරක්ෂා කරගැනීමට මූලිකත්වය දෙයි.
* එකොළොස්වන භාවය – ලැජ්ජා බිය හඳුනයි. ස්වාමියාට නව ආදායම් මාර්ග ඇතිවෙයි.
* දොළොස්වන භාවය – අනවශ්‍ය වියදම් ඇත්තෙකි. මානසික පීඩනයට හේතුයි.

මෙහි සඳහස් කළ කරුණු සරලය. කාන්තාවන් සුන්දරය. කාන්තාවන්ගේ සුන්දරත්වය සහ මෙම සරල අදහස් ගොනු වූ කල අර්ථ ගැන්වීම පුළුල්ය. කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයාගේ නීචවීම වර්තමානයේ අප බුද්ධිමත්ව දැකිය යුතුය.

උච්ච සඳු ලෝකෝත්තර දියුණුවට නැඹුරුය. එවන් කාන්තාව තම ළාමක බව තුළින් අවදානමට ගොදුරු වෙයි. නීච සඳු හිමි කාන්තාව ලෝකය අවබෝධ කර ගනියි. ජය පරාජය හඳුනාගනියි. ඇය මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ දරයි. කඳුළින් දකින හසරැල්ල සුන්දරය. එයම සාර්ථක යුග දිවියක ආරම්භය නොවන්නේද?

ඔබත් ඔබගේ ජන්ම පත්‍රය හෙවත් හඳහන තුළ චන්ද්‍රයාගේ පිහිටීම පිළිබඳව අවධානය යොමු කොට ඉදිරි අනාගතය පිළිබඳව නිසි අවධානය යොමු කර ගනීම ඉතාම අගනේය.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

දුම්බර සීතලේ තෙමුණු හැටි නා ඇලේ

Next Post

අනේ සිඳු ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.