• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රාහු මාරුවුණා; විශ්ණු හා කතරගම දෙවියන්ගේ පිහිට පතන්න

September 26, 2020
in Astrology
Reading Time: 1 min read
A A
රාහු මාරුවුණා; විශ්ණු හා කතරගම දෙවියන්ගේ පිහිට පතන්න
Share on WhatsAppShare on Facebook

පසුගිය 23 වැනි දින රාහු කේතු මාරුවක් සිද්ධ වුණා. එම ග්‍රහ මාරුව ඇතැම් ලග්නවලට සුබ වගේම තවත් ලග්නවලට අසුබවත් පිහිටලා ඇති. බොහෝ විට රාහුගේ අපලත්, සෙනසුරුගේ අපලවලට සමානයි කියලයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. මොකද මේ දෙන්නම අපට දැනෙන්න අපල කරනවා. ඉතින් එනිසා රාහුගෙන් අපල තියෙන අයට මේ අපල නැති කරගන්න වගේම රාහුගෙන් සුබ පල තියෙන අයට එම සුබපල තවත් වැඩිකර ගන්නත් පුළුවන්. ඒ සඳහා කළයුතු දැය ජ්‍යොතිෂයේ කියැවෙනවා.

කෙසේ නමුත් ඔබගේ උත්පත්ති කේන්දරයේ රාහු තනිව හෝ කුජ, ශනි, සඳු සමඟ හෝ සංයෝගව සිටියා නම් මෙම අපල වැඩි වීමටත් පුළුවන්. එසේ වීමෙන් ඔබට අසුබතා ඇති වන බව ඔබටම දැනෙන්නටත් පුළුවන්. එහෙම දැනෙනවා නම් ඔබට විෂ්ණු සහ කතරගම දෙවිවරුන්ට පුද පූජා පවත්වා සහනය පැතීමෙන් අපලවලින් මිදීමටත් සහනය ළඟා කර ගැනීමටත් පුළුවන්.
විෂ්ණු, කතරගම දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීමට දෙදිනකටවත් ප්‍රථම ඔබට මස්, මාංශවලින් වැළකී නිර්මාංශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට වෙනවා. එසේ නොමැතිව කිලිකුණු ඇතිව මේ දෙවි දේවතාවුන්ගේ පිහිට පැතීම නිෂ්ඵලයි. මේ පුද පූජාවලට පන්සලට යා යුත්තේ පිරිසුදුව සුදුවතින් සැරැසීමෙන් පසුවයි. ඉන්පසුව විහාරගෙය, බෝමළු, චෛත්‍ය මළුව ආදී ස්ථාන පිරිසුදු කොට මල්පහන් පුදා තෙරුවන් නැමැද සමාධිගත සිතින් යුතුව කරණීය මෙත්ත සූත්‍රය තුන් වරක් ගායනා කරන්න. විෂ්ණු කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්විය යුත්තේ ඉන්පසුවයි. ඒ සඳහා සුදුසු දේවා-ලයකට යන්න.

විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිල් මල්ද, කතරගම දෙවියන් වෙනුවෙන් රතු මල්ද යොදාගෙන පිරුණු මල් වට්ටි දෙකක් සකසා ගන්න. ඒත් සමඟම පලතුරු වට්ටි සකස් කරගන්න. එම පලතුරු වට්ටි සකස් කිරීමේදී විෂ්ණු දෙවියන් සඳහා සැකසෙන පලතුරු වට්ටියේ පතුලට අලුත් බෙලි කොළ ඇතිරීම වඩාත් සුදුසු වෙයි. කතරගම දෙවියන් වෙනුවෙන් අලුත් බුලත් කොළ යොදන්න. විෂ්ණු දෙවියන්ගේ පලතුරු වට්ටිය නිල් රෙදි කඩකින්ද, කතරගම දෙවියන්ගේ පලතුරු වට්ටිය රතු රෙදිකඩකින්ද වැසීම ඉතාමත් යෝග්‍ය වෙයි.

දෙවියන් වෙනුවෙන් පහන් ආලෝකය පූජා කිරීමේදී විෂ්ණු දෙවියන් වෙනුවෙන් අබ තෙල් පහනක්ද, කතරගම දෙවියන් වෙනුවෙන් ගිතෙල් පහනක්ද, නවග්‍රහයන් වෙනුවෙන් පොල්තෙල් පහන් නවයක්ද දල්වන්න.

මේ සියලු වතාවත්වලින් පසුව දෙවියන් වෙනුවෙන් සැකැසූ මල්, පලතුරු පූජා කර සුවඳ දුම් අල්ලා ඔබගේ අපල දුරු කර ප්‍රාර්ථනා ඉටු කරදෙන ලෙස ගැඹුරු සිතුවිලි උපදවාගෙන දේවාල බාර කපු මහතාට පුද පඬුරු පිළිගන්වා ඔහුගේ සිත තුටුකර ඔබගේ සියලු ප්‍රාර්ථනා සිහිපත් කරවාගෙන ඒ ඒ දෙවියන්ට අදාළ ස්තෝත්‍ර කපු මහතා ලවා ගායනා කරවාගෙන දෙවියන්ගේ ආකර්ෂණය ඔබවෙත ළඟාකර ගන්න.

මෙම පූජාව දින හතක් එක දිගටම හෝ සතිපතා හතක් කරන්න. ගුරු දිනකින් ආරම්භ කළ හැකි නම් වඩාත් හොඳයි. පුද පූජා අවසන් වූ පසු ඔබගේ සිතට සහනය දැනෙනු ඇත. එසේම අපල දුරුවී ප්‍රාර්ථනා ඉටුවනු ඇත.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කූඩුවක දමා සත්ව උද්‍යෘනයක ප්‍රදර්ශනය කළ ලෝකයේ එකම තරුණයා ඔටා බෙන්ගා

Next Post

රියසක්වලින් පාරිභෝගිකයන් හට පහසුකම් රැසක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.