යාපනයේ සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිවුණු තට්ටු 05කින් සමන්විත හරිත ගොඩනැගිල්ල සමාගමේ නෙල්ලිඅඩි ශාඛාව ලෙස පසුගියදා විවෘත කරන ලදී.
මෙම පරිසරහිතකාමී ගොඩනැගිල්ල අංක 293, පේදුරුතුඩුව පාර, නෙල්ලිඅඩි ස්ථානයේ පිහිටා තිබෙන අතර එහි වර්ග අඩි ප්‍රමාණය 8,692ක් වේ. සමාගම විසින් තමන්ටම අයත් ඉඩමක ඉදිකළ 38 වන සෙලින්කෝ ලයිෆ් ශාඛාව මෙය වන අතර වඩමාරච්චි කලාපයේ සමාගමට අයත් ඉඩමක ඉදිකළ පළමු ශාඛාව වන්නේද මෙයයි. සමාගම විසින් මෙම ශාඛාව ස්වභාවික ආලෝකය උපරිම ලෙස ලැබෙන පරිදි සැලසුම් කර තිබෙන අතර එය සම්පූර්ණයෙන්ම සූර්යාලෝකය මගින් බලශක්තිය උත්පාදනය කරගනී. එසේම, මෙම ගොඩනැගිල්ලටම අයත් මල ප්‍රතිචක්‍රීයකරණ පද්ධතියක්ද ස්ථාපිත කර ඇත. මීට අමතරව, මෙම ගොඩනැගිල්ලේ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුතු නවතම විදුලි පහන් සහ වායු සමීකරණ පද්ධතියක් සවිකර තිබෙන අතර වැසි ජලය රැස්කර ගන්නා පහසුකම්ද ගොඩනගා තිබේ.











