ලොව පුරාම බිලියන 1.2ක් පමණ පාසැල් යන දරුවන් දැන් ඉගෙනගන්නේ වෙනස්ම විදිහකට. ඔන්ලයින් ක්‍රමය නිසා ඩිජිටල් තාක්ෂණය උදව් කරන් තමන් කැමති තැනක ඉඳන් දැන් දරුවන් ඉගෙනගන්නවා, මේ විදිහට වාර්තා කරන්නේ World Economic Forumවෙබ් අඩවියයි. පාසැල හා උපකාරක පන්ති වටා බැඳුණු සම්ප්‍රදායික අධ්‍යාපනික රටාවක් තිබුණු ශ්‍රී ලංකාවෙත් අධ්‍යාපන ක්‍රමය ඒ විදිහට වෙනස් වෙලා.
ගෙදර ඉඳන් තනියම පාඩම් වැඩ කරන්නේ කොහොමද? ඔන්ලයින් පාඩම් වැඩ සාර්ථකව කරන්න ඔයාට පුළුවන් කොහොමද?
ඒ අභියෝගය ජයගන්න www.jw.org වෙබ් අඩවියේ මෑතකදී පළ වුණු ලිපියක තිබුණු පහත දැක්වෙන කරුණු ඔයාට උදව් වෙයි.
කාලසටහනක් හදාගන්න. ඔයාට නිශ්චිත කාලසටහනක් නැත්නම් එකක් හදාගන්න. ඒකට අනුවම වැඩ කරන්න, ඔයාව පාලනය කරගන්න පුරුදු වෙන්න. වැඩ කරන්න ආසාවක් නැති වෙලාවටත් කරන්න තියෙන වැඩ ඉවර කරන්න අදිටන් කරගන්න, පාඩම් කරන්න වෙනම තැනක් හදාගන්න. පාඩම් කරන වටපිටාව කරදරයක් නැති පහසු වටපිටාවක් කරගන්න. අවධානය දෙන්න පුරුදු වෙන්න. එක සැරයකට එක වැඩක් කරන්න. පුංචි විවේකයක් ගන්නග දුවලා පැනලා කරන දේකින් හරි විනෝදාංශයකට කරන දේකින් හරි අලුත් පණක් ලබාගන්න ඔයාට පුළුවන්.
මේ විදිහට ඔයා පාඩම් වැඩ කළොත් ගෙදර ඉඳන් ඉගෙනගන්න එක ඔයාට ආසාවෙන් සතුටින් කරන්න පුළුවන් දෙයක් වෙයි.
මේ පිළිබඳව අමතර තොරතුරු දැනගැනීමට JW ORG මාධ්‍ය ප්‍රකාශක Sudath Fernando 0773 284193 යන දුරකථන අංකය ඔස්සේ අමතන්න. එසේත් නැත්නම් [email protected] යන ඊමේල් ලිපිනයෙන් තොරතුරු විමසන්න.











