ශ්‍රී ලාංකීය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල රසායනාගාර ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් සිය 35වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් (LAB TESTS ONLINE) රසායනාගාර වෙබ් අඩවිය පසුගිය 18වන දින නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස සහ අධ්‍යක්ෂ රසායනාගාර සේවා, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දියත් කරනු ලැබීය.
නවලෝක රෝහල විසින් හඳුන්වාදෙන මෙම නවතම සංකල්පයට අනුව භ්අ්කදන් Nawaloka Lab Tests on-Line වෙබ් අඩවියට පිවිස වෛද්‍යවරයා විසින් ලබාදෙන රෝග පරීක්ෂණ නිර්දේශ පත්‍රිකාව (prescription) වෙබ් අඩවියට අතුළත් කොට, සිදු කළ යුතු රසායනාගාර පරීක්ෂාව නිවැරදිව තෝරාගෙන මේ සඳහා ගත වන කාලය, පිරිවැය පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව සේවාව ලබා ගන්නා පුද්ගලයා විසින් මුදල් ගෙවීමේ ක්‍රමවේදය සහ රසායනාගාර නියැදිය ලබාදෙන ආකාරය සඳහන් කළ යුතුය. නියමිත රසායනාගාර වාර්තාව පාරිභෝගිකයා විසින් සඳහන් කරන කාලසීමාව තුළ විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය හෝ කුරියර් සේවාවක් හරහා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව මගින් ලබා දී ඇත. රසායනාගාර නියැදිය රෝහලට ලබාදීමේ දී ඒ සඳහා ක්‍රමවේද කිහිපයක් මෙම වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයින්ට ලබාදී ඇති අතර නියැදි රැස්කරන ජංගම සේවාව, Drive through සේවාව හෝ රෝහල පැමිණ රසායනාගාර නියැදිය ලබා දිය හැක.
එමෙන්ම රෝගියා විසින් යළි රසායනාගාර පරීක්ෂණය සිදු කළ යුතු දින වකවානුව පිළිබඳව පසුවිපරම් සිහිකැඳවීමක්ද ඊමේල් මගින් දැනුවත් කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයෙකි.











