ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ මංජුල ආරියකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැළ දසදහසක් බෙදාදීමේ වැඩසටහනක් රාජගිරිය මාදින්නාගොඩ පිහිටි ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. නිරන්තරයෙන් සිදුවන පරිසර විනාශය වළක්වා, පාරිසරික සමතුලිතතාව නිසි අයුරින් පවත්වා ගෙන යෑමට දායක වීම සෑම ව්‍යාපාරයක්ම සතු වගකීම වන අතර එම වගකීම මැනැවින් අවබෝධ කර ගනිමින් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය මෙලෙස කුඹුක්, මී, මහෝගනී පැළ දසදහසක් බෙදාහරින ලදී.
ත්‍රී සිංහ සමූහය නවීන තාක්ෂණය යොදා ගනිමින් අඩු වියදමින් වානේ ගොඩනැගිලි (Prefabricated Steel Building) ඉදිකිරීමද දැන් අරඹා තිබේ. රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඞ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට් ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහ ස්ටෙයාවේස්, පොලිකාබනේට් කැනපීස්, ස්ටේන්ලස් ස්ටීල් පැන්ටි්ර කබඞ්ස්, ස්ටීල් බිල්ඩින්ග්ස්, ඔටෝමැටික් බැරියර්ස් සහ මෝටර් සවි කළ ස්ලයිඩින්ග් ඇන්ඞ් ස්වින්ග් ගේට්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ.