දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත බැවින් බොහෝදුරට ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීට නියමිත බව දැනගන්නට ඇත.
දැනටමත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසම් සභාව වෙත මේ දැනුම් දීමට කටයුතු කොට තිබේ.
මැතිවරණ කාලසටහන අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 09ත් දෙසැම්බර් 09ත් අතර දිනයකය. ඒ අනුව බොහෝදුරට නොවැම්බරයේ දිනයක් මැතිවරණ කොමිසම් සභාව විසින් ජනාධිපතිවරණය වෙනුවෙන් නම් කරනු ඇති බව වාර්තා ෙවේ.
ජනාධිපතිවරණ දිනය තීන්දු කිරීමේ අවසන් බලය ඇත්තේ මැතිවරණ කොමිසමටය.