ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පරිගණක මෘදුකාංග පද්ධති සහ තොරතුරු තාක්‍ෂණ පද්ධති සැපයුම්කරු වන Millennium I.T. E.S.P. (පෞද්) සමාගම (Millennium IT ESP) සිය නව සමාගම් සන්නාම අන්‍යන්‍යතාව, සිය අරමුණ, ප්‍රතිනිර්මාණය කරන ලද ලාංඡනය සහ ආයතනික අගයන් අද දින දියත් කරන ලදී. මෙම උපාය මාර්ගික වෙනස්කම් දියත් කරන ලද්දේ සමාගම අදට සහ හෙටට උචිත ශක්තිමත් ව්‍යාපාරික වටපිටාවක් තුළ සිය සේවා සැපයුම් පරිවර්තනය කරමින් ගෝලීය පැතිරීම පුළුල් කරමින් සහ පාරිභෝගික ව්‍යාපාරික කටයුතු වර්ධනය කරමින් සිටින වකවානුවකදීය.
Millennium IT ESP- වෙනසට ඉදිරියෙන් සිටින ජව සම්පන්න නිෂ්පාදකයෙක් ලෙස පාරිභෝගිකයන්ට සහ හවුල්කරුවන්ට වඩා හොඳින් සේවය සැලසීම සඳහා දැන් මනා ලෙස ස්ථානගතව සිටිනවා” යැයි Millennium I.T. E.S.P. (පෞද්) සමාගමේ අධ්‍යක්ෂ, Ambeon Capital PLC සහ Ambeon Holdings PLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුරලි ප්‍රකාශ් මහතා සඳහන් කළේය.