• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එක එක විදියට කතා කරන වාස්තුවේ මූලික රහස් මෙන්න

September 12, 2020
in Astrology
Reading Time: 4 mins read
A A
එක එක විදියට කතා කරන වාස්තුවේ මූලික රහස් මෙන්න
Share on WhatsAppShare on Facebook

නිවෙස පිහිටි භූමියේ හැඩය, පිහිටීම නිසා ඇතිවන දෝෂ භූමිය ආශ්‍රිත බහිරව, භූත, අනවින, කොඩිවින වැනි දෝෂ ඉඩමේ පාද බෙදීමේදී (බ්‍රහ්ම, දේව, මනුෂ්‍ය, ප්‍රේත) සුදුසු පාදයේ නිවෙස සෑදීම මගහැරීමෙන් ඇතිවන දෝෂ සැලසුම නිර්මාණයේදී ඇතිවිය හැකි දෝෂ (සැලසුම් නිර්මාණකරු විසින් නිවෙසේ සැලසුම නිර්මාණය කිරීමේදී ගෙහිමියාට, භූමියට සුදුසු අයුරින් නොකිරීම හා අත්තිවාරමට පාද බෙදීමේදී, කාමර වෙන් කිරීමේදී, දොර උළුවහු ලකුණු කිරීමේදී හා සැලසුමේ වෙනත් අවස්ථාවලදී මර්මස්ථාන මගහැරීම නිසිලෙස සිදු නොවීම) සැලසුම දෝෂ රහිතව ඇතත් මේසන්, වඩුවන් විසින් සැලසුම නිසිලෙස ක්‍රියාත්මක නොකරමින් ලණු ඇදීමේදී, බිත්ති බැඳීමේදී, උළුවහු ජනෙල් තැබීමේදී, වහල ගැසිමේදී නොදැනුවත්කමින් (හෝ උවමනාවෙන්ම) දෝෂ ඇතිවන පරිදි වැඩ කටයුතු කිරීම නිසා ඇතිවන දෝෂ නිවෙස සාදා පසුකාලීනව සිදුකෙරෙන අවිධිමත් වෙනස් කිරීම්, අසල්වැසි නිවෙස් ඉදිකිරීම් වෙනස් කිරීම්, පරිසරයේ ගහකොළ පිහිටීම් ආදියේ සිදුවන වෙනස් වීම් නිසා ඇතිවන දේෂ.
ඉහත දක්වන ලද දෝෂ පිළිබඳව තවදුරටත් සලකා බලමු. භූමියේ හැඩය පිහිටීම නිසා ඇතිවන දෝෂ (මෙම හැඩතල දිස්වීම මෙහි දක්වා ඇති ආකාරයටම නැති වුවත් හොඳ පුරුදුකාරයෙකුට ඉඩමේ හැඩය කුමක්දැයි දුටු පමණින්ම වටහා ගත හැක.)
වාසයට සුදුසු හැඩැති භූමි
* හිස ඔසවා ගත් සිංහයකුගේ හැඩය (සිංහාකාර) ඉඩම
* දෙපසට හැරුණු ඇත් යුවළක් හොඬ දිගුකොට සිටින හැඩැති (ගජාකාර) ඉඩම
* ගවයකුගේ රුව හැඩැති (වෘෂභාකාර) ඉඩම (පූර්ව හා අග කොටස පටුය මධ්‍ය පෙදෙස පළලය)
* කොඩි කණුවක හැඩැති (ඡත්‍රාකාර) (කොඩියක හැඩය ඇති පටු දිගු අග කොටසක් ඇති)
* බේසමක හැඩය (වට ප්‍රදේශය උස්ව මැද උස්නොවූ) (ශිඛාකාර)
* හිස බිමට ඔබාගත් සතකුගේ හැඩැති (පූර්ව කොටස නොඋස්ව හා අග කොටස උස්ව පිහිටි කුඩා බිම) (වරහාකාර)
* බෙර සමක් සේ සමව මටසිලිටි ඉඩම (ජලතලාවක් මෙන්) (ජලතලාකාර)
* මුල් කොටස පළල්ව පසුව පටුව ගලනා ගඟක් හැඩැති (ගංගාකාර)
* බැලූ පමණින් සිත සනසන වළගොඩැලි රහිත (සාධාරණ) භූමිය
වාසයට නුසුදුසු හැඩය ඇති භූමි
* කළයක හැඩය ඇති(කුම්භාකාර)
* ත්‍රිකෝණාකාර ඉඩම
* චතුරස්‍රාකාර ඉඩම
* පරිනායක්කාර(වටකුරු හැඩැති නමුත් බියක් උපදවන ස්වරූප ගනී.)
* දිගින් වැඩි පළලින් අඩු(ආතාකාර) ඉඩම
* රාක්ෂමුඛාකාර (රකුසු කටක හැඩැති) වටින් කඳුගැට සහිත කඨෝර බිම් සහිත නැගෙනහිරට බෑවුම් වූ ඉඩම
* සිළුමිණක හැඩැති (අයගනාකාර ඉඩම)
* වේ තුඹස් කළු පස් අධිකව ඇති(කූඨ අෂ්ඨාකාර) ඉඩම
* අටපට්ටම්, උදළු තලය, පොරොව තලය හැඩය ඇති ඉඩම්
* මැද පෙදෙස සමතලාව ඇතත් සෑම පැත්තටම බෑවුම් වූ (කූර්වාකාර) ඉඩම
* බිත්තරයක (ඛේවලාකාර) ඉඩම (මධ්‍ය ප්‍රතිඵලයි)
වාසයට නුසුදුසු වෙනත් භූමි
* හෙණගැසූ ඉඩම්,සොහොන් ඉඩම්
සැලකිය යුතු – වාසයට නුසුදුසු භූමියක් සුදුසු පරිදි සමතලා කිරීම් පස් පිරවීම් හා හැඩයේ සුළු වෙනසක් කිරීමෙන් වාසයට සුදුසු භූමියක් බවට පත්කර ගත හැක. (හෙණගැසූ හා සොහොන් ඉඩම් වාසයට සුදුසු වීමට කල්ගත විය යුතුය.)

* භූමිය ආශ්‍රිත බහිරව, භූත, අනවින, කොඩිවින දෝෂ
වස්තුවට භූමියට ආශාවෙන් පහළ වූ කොට්ඨාසයක් වන බහිරවයන් පන්නා දැමීමක් නොකර ඔවුන්ගේ සිත් සතුටු කර ඔවුන්ගෙන් බාධා ඇතිවීම වළක්වා ගෙන ආශීර්වාද ලබා ගැනීමේ ක්‍රමයක් පුරාතනයේ සිට පවතී. ඒ අනුව බලනවිට සෑම ඉඩමකව මෙම බහිරවයන් අරක් ගැනීම් ඇති අතර අදාළ පරිදි වත් පිළිවෙත් කිරීම සිදුනොවන විට ඉඩකඩම් ආශ්‍රිත බහිරව දෝෂ මතුවේ. පාළුවට ගිය හිස් මුඩු ඉඩම් හා කලක් මනුෂ්‍ය වාසයෙන් තොරවූ ඉඩම්වල නිවාස සෑදීමේදී මෙම බහිරවයන් සතුටු කිරීම ගැන විශේෂයෙන් සැලකිය යුතුය. බහිරවයන් සතුටු කිරීමේ මෙම චාරිත්‍රය බහිරව පූජාව ලෙස හැදින්වේ. වඩාත්ම සුදුසු අත්තිවාරම් දැමීමට පෙර මෙම බහිරව පූජාව සිදුකිරීමයි. එය අතපසු වුවහොත් ගෙවදින විටදිවත් සිදුකළ යුතුය.

බහිරව දේෂයට අමතරව භූමියේ පදිංචිව සිටි හෝ එයට ආශාවෙන් මිය පරලොව ගිය අය මරණින් පසු ප්‍රේත, භූත ආත්මවල ඉපදී ඉඩමට අරක් ගනී. මෙම භූත බලවේග හා විවිධාකාර සතුරු කරදර අවස්ථාවලදී එම සතුරන් විසින් සිදුකරන අනවින, කොඩිවින, භූමි පාළුවලින් ඉඩමේ පදිංචිකරුවන්ට කරදර මතුවේ. මෙම දෝෂ පරම්පරා ගණනක් යනතුරුම බලපවත්වන අවස්ථා ඇත. මෙම දෝෂවලින් ආරක්ෂාවීමට, දෝෂ ඉවත් කිරීමට සුදුසු ශාස්ත්‍රීය ක්‍රමද පුරාතනයේ සිටම අනුගමනය කෙරෙමින් ඇත. මීටත් අමතර වශයෙන් කිසිවකු හෝ සම්බන්ධ නොවී ස්වභාවික වශයෙන්ම නිර්මාණය වූ ස්වභාවික හූනියම් (සත්ව ඇටකටු වැළලීම් වැනි) මගින්ද භූමි දෝෂ ඉස්මතු විය හැකි අතර ඒවා හඳුනා ගැනීමට හා ඉවත් කිරීමට පිළිවෙත් ක්‍රමද පැරණි පොත්පත්වල සඳහන්ය.

* ඉඩමේ පාද බෙදීමේදී (බ්‍රහ්ම, දේව, මනුෂ්‍ය, ප්‍රේත) සුදුසු පාදයේ නිවෙස සෑදීම මගහැරීමෙන් ඇතිවන දෝෂ
ඉඩමක දිග පැත්ත සමාන කොටස් 7කටත් පළල පැත්තද එලෙස සමාන කොටස් 7කටත් බෙදූ විට ලැබෙන මැදම කොටුව බ්‍රහ්ම පාදයත් ඊළග කොටු වළල්ල දේව පාදයත් ඊළඟ කොටු වළල්ල මනුෂ්‍ය පාදයත් ඉඩමේ වැට මායිමට ආසන්න අවසන් කොටුව ප්‍රේත පාදයත්වේ. නිවෙස සෑදීමට වඩාත් සුදුසු දේව හා මනුෂ්‍ය පාද හසුවනසේය.

* සැලසුම නිර්මාණයේදී ඇතිවිය හැකි දෝෂ
නිවෙසක ප්ලෑන ඇඳීමේදී සැලසුම් ශිල්පියා විසින් ප්‍රථමයෙන්ම ඉඩම පරීක්ෂා කළ යුතුමය. මන්ද නිවෙස සෑදීමේදී වටපිටාවේ පිහිටීම ගහ කොළ අසල නිවෙස් පිහිටා ඇති අයුරුද වැදගත් වන බැවිනි. ඉඩමේ හැඩය ගැන සලකා නිවෙස සෑදිය යුතු සුදුසුම ස්ථානය තේරීමද ඔහු සතු වැදගත් කාර්යයකි. (වර්තමානයේ ඉඩකඩම් සීමිත වීම හා ඒවායේ ස්වභාවය අනුව පොත් පත්වල දක්වා ඇති වාස්තු දෝෂ මගහැර වැඩ කිරීම අපහසු වුවත් හැකි උපරිම සුදුසු බව රැකිය යුතුය.) වර්තමානයේ බොහෝ සැලසුම්කරුවන් (සෙත්කවි සාදන්නන් එකම සෙත් කවිය නම වෙනස් කරමින් කිහිප දෙනෙකුට සපයන ආකාරයටම) පහසුව තකා එකම ප්ලෑනය යම් යම් වෙනස්කම් කරමින් කිහිප දෙනෙකුටම සපයති. සේවාදායකයන් ඒ ගැනද සැලකිලිමත් විය යුතුය. සැලසුම්කරුවන් මෙන්ම පාඨකයන්ද දැනසිටිය යුතු වාස්තු නීති, දෝෂ යෙදීම් කිහිපයක් පහත දක්වා ඇත. අනුපිළිවෙළ සම්බන්ධයෙන් පාඨකයන් මා හට දොස් පැවරිය හැකි නමුත් ඉතා සංකීර්ණ ක්ෂේත්‍රයක කොටස් බ්ලොග් ලිපියකට සම්පීඩනය කිරීමේදී ඉතාම සුදුසු ක්‍රමය මෙයයැයි මට හැඟුණි.

නිවෙසක අත්තිවාරමට පාද බෙදීම
නිවෙසේ (ඉඩමේ නොවේ) මුළු දිග සමාන කොටස් 15කට බෙදු විට ලැබෙන තීරු පාද ලෙස හැඳින්වේ. මෙම තීරු 15 පිළිවෙළින් නන්දා ,භද්‍රා ,ජයා, රික්තා, පූර්ණා, නන්දා, භද්‍රා, ජයා, රික්තා, පූර්ණා, නන්දා, භද්‍රා, ජයා, රික්තා, පූර්ණා ලෙස දක්වා ඇත. මින් නන්දා, ජයා, පූර්ණා පාද සුබපාද ලෙසත් භද්‍රා, රික්තා අසුබ පාද ලෙසත් දක්වා ඇත. සුබ පාදවල අත්තිවාරම් දැමීම දොර උළුවහු තැබීම කළ යුතුය.

නිවෙසක අත්තිවාරමට යටවන වර්ගඵලය (වඩු රියන් ක්‍රමයට) (වඩු රියනක් යනු දළ වශයෙන් අඟල් 31කි)
අටෙන් බෙදූ විට ශේෂය ඔත්තේ(1,3,5,7) වීම හොඳයි.
මීට අමතරව මෙම වර්ගඵලය ඇසුරෙන් සිදු කෙරෙන 11 පොරොන්දම් පරීක්ෂාවේ අත්‍යාවශ්‍ය පොරොන්දම් ගැළපීම සුබ වීම වඩාත් හොඳයි. (මෙම පොරොන්දම් පරීක්ෂාව මෙහි දැක්වීම ලිපියේ සරල බව නැති කරයි.)

ගිනි කතිරය
පෘථිවියේ භූ චුම්භක උතුරු දිශාවත් සූර්යාලෝකය නිසා ඇසේ වර්තන ක්‍රියාවෙන් දෘෂ්ටියට වැටෙන උතුරු දිශාවත් දැක්වෙන රේඛා කැපීයන කෝණයට අයත් ප්‍රදේශයයි. නිවෙසක අත්තිවාරමට ලණු ඇදීමේදී දෘෂ්ටි උතුරු දිශා රේඛාව තරමක් ඊශාන දිශාවට බර කොට ගැනීමෙන් මෙම ගිනිකතිරයට අත්තිවාරම අසුවීමේ දෝෂය මගහරවා ගත හැක.

මරු සුලම
ඉඩමක අටකොන දිශාවන් එකිනෙකට කැපීයන හරි මැද ලක්ෂ්‍යය
සියලුදෙනා දැන සිටිය යුතු නිවෙස ආශ්‍රිත ප්‍රධාන මර්මස්ථාන
1) නිවෙසේ අත්තිවාරම් මුළු යාකෙරෙන (විකර්ණ) රේඛා දෙක කැපීයන ස්ථානය ප්‍රධාන මර්මස්ථානයකි. මෙම ලක්ෂ්‍යය හරහා උළුවහු නොවැටිය යුතුය.
2) ඉදිරිපස බිත්තිය හරිමැද දෙකට බෙදීයන පරිදි ප්‍රධාන උළුවස්ස තැබීම අසුබය. ප්‍රධාන මර්මස්ථානයකි.
3) නිවෙසක මුදුන් යටලීයට ලම්භකව හරි කෙළින් පහළ බැලූ විට උළුවස්සක, ජනේලයක හරි මැදට වැටීම, උළුවහු කඳක හරි කෙළින් වැටීම, ජනේලයක ජනෙල් කඳක් හරි කෙළින් වැටීම අශුභයි. ප්‍රධාන මර්මස්ථානයකි.
4) නිවෙසේ බිත්ති සමානව දෙකට බෙදී යන පරිදි මුදුන් යටලීය හරි මැද තැබීම අසුබයි. ප්‍රධාන මර්මස්ථානයකි.
5) ප්‍රධාන බිත්තිය හරහා මුදුන් යටලීය බිත්තිය හරි මැදදී එකට පිරිද්දීම අශුභයි. ප්‍රධාන මර්මස්ථානයකි.
6) නිවෙසක හරි මැද (නිවෙසේ බ්‍රහ්ම පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය) අපවිත්‍රව පැවතීම, වැසිකිළි ආදිය තිබීම අසුබයි. ප්‍රධාන මර්මස්ථානයකි.
7) මුදුන් යටලීයට කෙළවරින් පරාල 3ක් එකට සම්බන්ධ කිරීම දෝෂයකි.
8) නිවෙසක වහල් කාප්පයක් භද්‍රා, රික්තා පාද වලට හසුවීම ප්‍රධාන මර්මස්ථානයකි.

ද්වාර (දොරටු) වේධ දෝෂ හා ගෘහ වේධ දෝෂ
ද්වාර වේධ දේෂ 18කි
1) මාර්ග වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව කෙළින් මාර්ගයක වංගුවක් වැටී තිබීම දෝෂයකි.
2) වෘක්ෂ වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව කෙළින්ම ආසන්නයේ විශාල වෘක්ෂයක් (ගසක්) පිහිටීම.
3) කදිම වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව කෙළින් ආසන්නයේ නිතර මඩවළක් තිබීම
4) ජල නිර්ගමන වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ආසන්නව ජලය ගලන (ඇළක් වැනි) මාර්ගයක වංගු වැනි හැරීයන ස්ථානයක් එක එල්ලේ වීම.
5) කුප වේධ දේෂ
නිවෙසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ඉතා ආසන්නව ළිඳක්, පොකුණක් තිබීම
6) දේවතා වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ඉතා ආසන්නව දේවාලයක්, දේවතා රුවක්, පිළිමයක්, ආගමික සිද්ධස්ථානයක් තිබීම.
7) ස්ථම්භ වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ඉතා ආසන්නව ගල් කණුවක් කුලුනක් පිහිටීම
8) සුසාන වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව හරි කෙළින් සුසාන භූමියක සොහොනක්, සොහොන් කොතක්, ආදාහනාගාරයක් තිබීම.
9) කෝණ වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව කෙළින් මාර්ගයක තුන්මං, හතරමං හන්දි වැටීම, අසල නිවෙසක, ඉඩමක මුල්ල වැටීම
10) ද්වාර වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව හරි කෙළින් ආසන්න නිවෙසක ප්‍රධාන දොරටුව වැටීම, ඉඩමේ ප්‍රධාන ගේට්ටුව කෙළින් වැටීම.
11) වර්චස්ථාන වේධ දෝෂ
නිවෙසක ප්‍රධාන දොරටුව කෙළින් වැසිකිළියක්, මලමුත්‍රා පහ කරන ස්ථානයක්, කුණුකසළ රැස්වන ස්ථානයක් වැටීම.
12) තිරස්චීන වේධ දෝෂ
ප්‍රධාන දොරටුවට හරි කෙළින් ගව, අශ්ව, කුකුල්, ඌරු වැනි සත්වගාල් පිහිටීම.
13) රජක වේධ දෝෂ
ප්‍රධාන දොරටුව කෙළින් රෙදි අපුල්ලන, රෙදි සෝදන තැනක් පිහිටීම.
14) කුම්භාකාර වේද දෝෂ
ප්‍රධාන දොරටුව කෙළින් කුඹල් හලක් (මැටි භාණ්ඩ සාදන) පිහිටීම
15) ගණිකා වේද දෝෂ
ප්‍රධාන දොරටුව කෙළින් ගණිකා මඩමක් තිබීම.
16) ම්ලේච්ජ වේද දෝෂ
ප්‍රධාන දොරටුව කෙළින් අහිකුණ්ඨික වැනි පහළ පන්තියේ අය සිටින නිවෙසක් ලැගුම්හලක් තිබීම.
17) රාජ වේධ දෝෂ
ප්‍රධාන දොරටුව කෙළින් රාජ, අමාත්‍ය වැනි ප්‍රභූ නිවෙසක් තිබීම.
18) බ්‍රහ්ම වේධ දෝෂ
නිවෙසේ ඉදිරිපස බිත්තියේ හරි මැද ප්‍රධාන දොරටුව තිබීම.

ගෘහ වේධ දෝෂ 10කි
1) කෝණ වේධ දෝෂ
පදිංචි නිවෙසේ මුල්ලක් වෙනත් ආසන්න නිවෙසක මුල්ලක් එල්ලේ වීම.
2) දුක් වේධ දෝෂ
පදිංචි නිවෙසේ ප්‍රධාන දොර වෙනත් නිවෙසක ප්‍රධාන දොර එල්ලේ වීම.
3) ජිද්‍ර වේධ දෝෂ
පදිංචි නිවෙස ඉදිරිපිට ඒ හා සමානම ගෙයක් තිබීම.
4) ඡායා වේධ දෝෂ
තමන් පදිංචි නිවෙසට අසල වෙනත් නිවෙසක සෙවණැල්ල වැටීම.
5) සෘජු වේධ දෝෂ
පදිංචි නිවෙසින් එක් පැත්තක ලොකු ගෙවල් හා තවත් පැත්තක කුඩා ගෙවල් තිබීම.
6) වංශ වේධ දෝෂ
නිවෙසේ බාල්කයක් වෙනත් නිවෙසක බාල්කයක් එල්ලේ පිහිටීම.
7) අග්‍ර වේධ දෝෂ
නිවෙසේ බිත්තියක් වෙනත් නිවෙසක බිත්තියකට ලම්භ වනසේ පිහිටීම.
8) භූමි වේධ දෝෂ
නිවෙස පිහිටි ගෙබිමේ උතුරු නැගෙනහිර දෙදිසාවේ භූමි කොටස ගිලා බැස හෝ පහත් බිමක් වීම.
9) සංඝාතක වේධ දෝෂ
නිවෙසේ උසින් අඩක් වන දුරක වෙනත් ගෙයක් වේද එම ගෙයි බිත්තිද පදිංචි නිවෙසේ බිත්ති හා සමාන උසින් පිහිටීම.
10) දත්ත වේධ දෝෂ
පර්වතයකින් ඉවත්වුණු ගලක් නිවෙසේ බිත්තියකට එක එල්ලේ පිහිටීම.
එසේ නම් ඉහත සඳහන් දෝෂ හඳුනාගෙන සුබදායි වාසස්ථානයක් ගොඩනගා ගමු.
ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

නිලියක් කියලා සරුව පිත්තල හැඟීම් මං ළඟ නෑ

Next Post

සාජහාන්- 19 සහ 20 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.